අද තරගයේ නායකයා ලක්මාල්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අද තරගයේ නායකයා ලක්මාල්

    WWW(10).jpg



    ශ්‍රී ලංකාවේ 16 වැනි ටෙස්ට් නායකයා වශයෙන් සුරංග ලක්මාල් අද (23 වැනිදා) ටෙස්ට් පිටියට පිවිසෙනු ඇත. දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් වීමත් රංගන හේරත්ගේ ඇඟිලි අතර තුවාල වීම නිසා හේතුවෙන් අද තරගයට සහභාගි වීම අවිනිශ්චිත වීමත් හේතුවෙන් තුන්වැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබ තිබේ.

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ තුන්වැනි සහ අවසාන තරගය අද (23 වැනිදා) බි්‍රජ්ටවුන්හිදී ආරම්භ වෙයි. මෙය දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වන අතර වසර 90 ක බටහිර ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ පළමු වැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගයයි.

    දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට ලක්වූ දිනේෂ් චන්දිමාල් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් අද ආරම්භ වන තරගය ඔහුට තහනම් කර තිබේ.

    තිස් එක්වැනි වියේ සිටින සුරංග ලක්මාල් වසර 2010 දී කොදෙව් පිලට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. ටෙසට් තරග 46 කදී කඩුලු 109 ක් දවාගෙන සිටින ලක්මාල් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගෙන ඇත්තේ එකම වතාවකදී පමණි.

    Source