2025 ලෝක රූ රැජින අවසන් තරගය අද..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

    මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

    අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

    පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

    ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

    කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

    අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

    ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත.

    අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

    එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

    Sports Challenge -
    එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

    Talent Challenge - මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

    Head-to-Head Challenge -

    ආසියාව සහ ඕෂනියාව - ඉඩිල් බිල්ගන් (තුර්කිය)

    යුරෝපය - මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

    අප්‍රිකාව - ෆේත් බ්වාල්යා (සැම්බියාව)

    අමෙරිකානු සහ කැරිබියන් - ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

    Top Model Competition -

    යුරෝපය - ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

    අප්‍රිකාව - සෙල්මා කමන්යා (නැමීබියාව)

    ආසියාව සහ ඕෂනියාව - නන්දිනි ගුප්තා (ඉන්දියාව)

    අමෙරිකානු සහ කැරිබියන් - ඕරේලි ජෝකිම් (මාටිනික්)

    Beauty With a Purpose -

    වැලේරියා පෙරෙස් - (පුවර්ටෝ රිකෝ)

    නටාෂා නියොන්යෝසි - (උගන්ඩාව)

    මිලී-මේ ඇඩම්ස් - (වේල්සය)

    මොනිකා කෙසියා - (ඉන්දුනීසියාව)

    Multimedia Challenge -

    ආසියාව සහ ඕෂනියාව - ඔපල් සුචාටා (තායිලන්තය)

    යුරෝපය - ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

    අප්‍රිකාව - කේන්ද්‍රා ඉසී (කැමරූන්)

    අමෙරිකා සහ කැරිබියන් - මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුද දිනන්නේ AI උත්තර

    Grok

    - Millie Mae Adams, Wales
    - Anna-Lise Nanton, Trinidad and Tobago
    - Idil Bilgen, Turkey
    - Faith Bwalya, Zambia
    - Nandini Gupta, India

    Gemini

    As of the current time, Miss World 2025 has already concluded on May 31, 2025.
    The winner of Miss World 2025 is Andrea Nikolić from Montenegro.
    The runners-up (who made it to the Top 8) were:
    * Zoalise Jansen van Rensburg (South Africa)
    * Jéssica Pedroso (Brazil)
    * Anudi Gunasekara (Sri Lanka)

    Chatgpt

    1. Athenna Crosby – United States
    2. Valeria Pérez – Puerto Rico
    3. Suchata Chuangsri – Thailand
    4. Jasmine Gerhardt – Ireland
    5. Jéssica Pedroso – Brazil
    6. Jasmine Stringer – Australia
    7. Y Nhi – Vietnam
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

    මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

    අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

    පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

    ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

    කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

    අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

    ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත.

    අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

    එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය දිනවල එක් එක් තේමා යටතේ පැවැත් වූ අභියෝග ජයගත් රූ රැජිනියන්

    Sports Challenge -
    එලිස් රැන්ඩ්මා (එස්තෝනියාව)

    Talent Challenge - මොනිකා කෙසියා සෙම්බරිං (ඉන්දුනීසියාව)

    Head-to-Head Challenge -

    ආසියාව සහ ඕෂනියාව - ඉඩිල් බිල්ගන් (තුර්කිය)

    යුරෝපය - මිලී-මේ ඇඩම්ස් (වේල්සය)

    අප්‍රිකාව - ෆේත් බ්වාල්යා (සැම්බියාව)

    අමෙරිකානු සහ කැරිබියන් - ඇනා-ලීස් නැන්ටන් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ)

    Top Model Competition -

    යුරෝපය - ජැස්මින් ගෙර්හාර්ඩ් (අයර්ලන්තය)

    අප්‍රිකාව - සෙල්මා කමන්යා (නැමීබියාව)

    ආසියාව සහ ඕෂනියාව - නන්දිනි ගුප්තා (ඉන්දියාව)

    අමෙරිකානු සහ කැරිබියන් - ඕරේලි ජෝකිම් (මාටිනික්)

    Beauty With a Purpose -

    වැලේරියා පෙරෙස් - (පුවර්ටෝ රිකෝ)

    නටාෂා නියොන්යෝසි - (උගන්ඩාව)

    මිලී-මේ ඇඩම්ස් - (වේල්සය)

    මොනිකා කෙසියා - (ඉන්දුනීසියාව)

    Multimedia Challenge -

    ආසියාව සහ ඕෂනියාව - ඔපල් සුචාටා (තායිලන්තය)

    යුරෝපය - ඇන්ඩ්‍රියා නිකොලික් (මොන්ටිනිග්‍රෝ)

    අප්‍රිකාව - කේන්ද්‍රා ඉසී (කැමරූන්)

    අමෙරිකා සහ කැරිබියන් - මයිරා ඩෙල්ගාඩෝ (ඩොමිනිකන් ජනරජය)

    අපේ එකාට ඕක හම්බුනෙ නැති උනාම කැලනි පොන්නයන්ගෙ අඳෝනා අහන් ඉන්න වෙනවා නේද අපිට 🥴 🥴