අද තවත් ගෑස් පිපිරීම් 8 ක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 8 ක් අද (04) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    හක්මන කොහුලියද්ද, මොනරාගල පට්ටියලන්ද සහ වව්නියාව වෛරවපුලියන්කුලම යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකින් එම සිද්ධීන් වාර්තා වී ඇතැයි පොලිසිය කීය.

    හක්මන කොහුලියද්ද ප්‍රදේශයේ නිවස අද (4) අළුයම 5.30 ට පමණ ගෑස් ලිපේ ගිනිදල්වා ආහාර පිසමින් සිටියදී ලිප පුපුරා ඇති බවත් ගෑස් සිලින්ඩරය පරීක්‍ෂා කිරීමේදී එහි කාන්දුවක් තිබූ බව නිවැසියන් පැවසූ බව පොලිසිය පැවසීය.

    මොනරාගල පොලිස් වසමේ පට්ටියලන්ද ප්‍රදේශයේ සහ වව්නියාව වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ නිවාසවල ඊයේ (3) ගෑස් ලිප් පුපුරා ගොස් ඇති බව පොලිසිය කීය.

    Lankadeepa
     
    • Wow
    Reactions: Die-hard

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    අඩෝ මෙච්චර දෙයක් කරලත් ගෑස් සමාගම් නීතියේ හිල් අස්සෙන් රිංගලා ගිනින් නේද??

    උබල හිතන්නේ පාර්ලිමේන්තුව තිය්න්නේ මොකට කියලද? පාරවල් හදන්න? සහනාදාර දෙන්න?? යකෝ පාර්ලිමේන්තුවේ ප්‍රදානම කාර්යය නීති සම්පාදනය.. දැන් මේකට හදපු නීතිය මොකද්ද දන් නෑ නේ???
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    FB_IMG_1641300530406.jpg
     
    • Haha
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව