ඔබ අවදියෙන්ද ? අපි දරපු මතය පරාද විය සමහර විට ඔබ දරපු මතය දිනුව විය හැක එහෙත් ඔබත් අපත් සිටිය යුත්තේ මේ රටේය රට යම් හොද තැනක සිටී යයි ඔබ විශ්වාස කරන්නේ නම් මේවා නොවීමට වග බල ගමු ඒ වෙනුවෙන් පවතින රජයට බලයේ ඉන්න ජනදිපතිට මම බනිනවට වැඩිය ඔබට ඒ වෙනුවෙන් අවස්ථාව දීම වඩා වටින්නේය මන්ද අපි බැන්නොත් එය මඩක් විය හැකි බවිනි
මේ අද පත්තර වල විස්තර කිහිපයකි !
කොටි ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් හොඳ හැටි ක්‍රියාත්මකයි
- ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි
චතුර පමුණුව
කොටි සංවිධානය පරාජයට පත් කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2014 වසරේත් කොටි සංවිධානයේ ජාත්‍යන්තර අරමුදල් ඒකකය ක්‍රියාත්මක වූ බව එම නිවේදනයේ සඳහන් වේ.
යුරෝපයේ, උතුරු ආසියාවේ මෙන්ම ආසියානු කලාපයේ වෙසෙන දෙමළ ඩයස්‌පෝරාවේ කොටි හිතවාදීන් මෙම අරමුදලට මුදල් බැර කරන බවත් එම වාර්තාව කියයි. 2014 වසරේදී කොටි හිතවාදීන් 14 දෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවත් එම වාර්තාව කියයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2014 වසර සඳහා ලොව විවිධ රටවල ක්‍රියාකාරකම් සම්බන්ධව නිකුත් කළ වාර්තාවේ ඉහත කරුණු සඳහන් වේ.
දිවයින
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රට පැන්න පාතාලයේ 8 ක් ගිය සතියේ යළි දිවයිනට ඇවිත්
සමන් ගමගේ
මෙතෙක් කලක් විදේශ රටවලට පැන ගොස් සැඟවී සිටි දරුණු පාතාල අපරාධකරුවන් අට දෙනකු ඉකුත් සතියේ හිටි හැටියේම යළි මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශවලට වාර්තාවී තිබේ.
මෙම පාතාල අපරාධකරුවන් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේද යෙදී සිටිය වුන් වන අතර මොවුන්ගෙන් ඇතැමකු කුලී ඝාතන හා කප්පම් ගැනීම් වැනි දරුණු අපරාධවලට සම්බන්ධ වූවන් බවද සඳහන් වේ.
කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුදැනුම මත මෙම අපරාධකරුවන් පිරිස යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද බුද්ධි අංශ නිලධාරියෙක් පැවැසීය.
සිය ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම සඳහා මේ දේශපාලනඥයා මෙම අපරාධකරුවන් කැඳවන්නට ඇතැයිද පැවසේ.
මෙම පාතාල අපරාධකරුවන් ඉකුත් කාලයේ සිදුකෙරුණු පාතාල මර්දන මෙහෙයුම්වලින් බේරීම සඳහා විදේශ රටවටල ගොස් සැඟවී සිට ඇත.
රත්මලාන, බ්ලූමැන්ඩල් සහ බඩෝවිට වැනි ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වූ පාතාල ප්‍රබලයන් කිහිප දෙනකුද මේ අතර සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.

‘ඩයස්පෝරා සැණකෙළියෙන් තිබෙන සංහිඳියාවත් නැතිවෙනවා‘ - හෙළ උරුමය
(වීඩියෝ දසුන් සහිතයි)
2015 ජූනි මස 21 18:36:26 | . , ඩයනා උදයංගනී, ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ
සංහිඳියාව ඇති කිරීමට බව කියමින් විදේශ අමාත්‍යංශය පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළිය නිසා අවසානයේ තිබෙන සංහිඳියාවත් නැතිවී යා හැකි බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (21) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම සැණකෙළිය ඊළාම් අරමුණු හා බෙදුම්වාදය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් විය හැකි බවත් එයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට උත්සාහ කරන බවත් ඔහු කීවේය.
මෙයට ‘ඩයස්පෝරා‘ යන නම යොදා ගැනීමෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවන බවද එලෙස සංහිඳියාව ඇති කළ නොහැකි බවත් ජනපතිවරයා මේ ගැන දරණ මතය කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතු බවද වර්ණසිංහ මහතා පැවසීය.
ලංකාදීප

කොටි ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකයි
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි
2015 ජුනි 22 01.30 a.m
(පැතුම් වික්‍රමරත්න)
ltteඑල්.ටී.ටී.ඊ. සංවිධානය , ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හමුවේ 2009 වසරේදී යුදමය වශයෙන් පරාජයට පත්වුවද එහි ජාත්‍යන්තර ජාලය තවමත් සක්‍රියව පවතින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් අනාවරණය කර සිටී. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය මෙන්ම, එල්. ටී.ටී.ඊ. හිතවාදී ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ඊට මූල්‍යාධාර ලබාදෙන , සංවිධානද මේ වන විටත් සක්‍රියව පවතින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
පසුගිය 2014 වසර තුළ පමණක් ඉන්දියාවේ ඇමෙරිකානු හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් 13 දෙනෙකු මලයාසියාවේ දී අත්අඩංගුවට පත්ව ඇති බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සති අන්තයේ නිකුත් කළ මෙම වාර්තාවේ දැක්වේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය ලබා දීම හේතුවෙන් පසුගිය 2014 වසරේදී එවකට ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරනු ලැබූ ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්‍පෝරාවට අයත් සංවිධාන 16 පිළිබඳවද මෙම වාර්තාවේ කරුණු දක්වා ඇත.
එල්.ටී.ටී.ඊ.ය පසුගිය කාලය තුළ සිදු කළ බිහිසුණු ඝාතන හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවද මෙම වාර්තාව මගින් යළි සිහිපත් කර ඇත.
ලක්බිම

කොටි මුදල් ගරන හැටි ඇමරිකාව පෙන්නයි
එල්.ටී.ටී.ඊ. සංවිධානය පිලිබඳ සිය ස්ථාවරය යළි පැහැදිලි කරමින් ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් තව දුරටත් ලොව පුරා අරමුදල් රැස් කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා රජය 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්කළ ද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වේ.
2009 යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සිදුව නැතැයි ද එම වාර්තාවේ දැක්වේ. එසේ වුව ද ඔවුන් තවමත් ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සහයෝගය හා අනුකම්පාව ලබාගනිමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.
2014 වර්ෂයේ ලොව පුරා රටවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කළ මේ වාර්තාවේ දැක්වෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවාධානය සමඟ සබඳකම් පැවැත්වූ බව කියන 13 දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකු ඉන්දියාවේ අමෙරිකානු එක්සත් ජනපද සහ ඊශ්‍රායල තනාපති කාර්යාල වලට ප්‍රහාර සැළසුම් කළ පුද්ගලයින් බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගට ගත් මාලදිවයින් ජාතිකයින් කිහිපදෙනෙකු ත්‍රස්ත පුහුණුවීම් සඳහා සිරියාවට යෑමට උත්සාහයක යෙදී ඇති බවට අනාවාරණය වූවා යැයි ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වාදෙයි.
මව්බිම

ගෝඨා ට එරෙහිව මුසම්මිල් නැගිටියි
පසු ගිය කාලයේ නගර අලංකරණයට සහ රථ වාහන තද බදයට පිලියමක් ලෙස පදික වෙළෙඳුන් ඉවත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගත් ක්‍රියා මාර්ගය වහාම අත්හිටුවන ලෙසට කොළඹ නගරාධිපතිවරයා නියෝග කර ඇත.

නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් ප්‍රකාශ කර සිටියේ තම තනතුරට ඇති බලතල අනුව අදාල නියෝගය බලාත්මක කිරීම පිණිස පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් හට තමුන් දැනුම් දුන් බවයි.
එක එක දේශපාලනඥයනට අවශ්‍ය ලෙස සාමාන්‍ය ජනයාගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බවත් පදික වෙළෙන්දන්ට නිදහසේ සිය වෙළඳාම කර ගෙන යාමට ඉඩ සැලසීම තම අරමුණ බවත් ඔහු පැවසීය.

Last edited: