ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් පෙන්වාදෙන ලද ප්‍රධාන ඉල්ලීම් තුනකට එකඟවිය නොහැකි බවට ආණ්ඩු පක්ෂය විසින් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය හා ආණ්ඩු පක්ෂය අතර පැවත්වෙන සාකච්ඡා මාලාවේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී මේ බව තහවුරු කර ඇත.
උතුරු-නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීම,ව්‍යවස්ථායක හා පොලිස්බලතල පළාත් සභාවට ලබාදීම,රජයේ ඉඩම් පිළිබඳ අයිතිය පළාත් සභාවලට පැවරීම යනු එකී ඉල්ලීම් ත්‍රිත්වය බව සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අද දෙරණට කියා සිටියේය.
මෙම ප්‍රධාන ඉල්ලීම් තුන ලබාදිය යුතු බව සඳහන් කරමින් අද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් දිගින් දිගටම කරුණු දක්වා ඇතත් ආණ්ඩු පක්ෂ නියෝජිතයින් විසින් එකී ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන්,මහ ලේකම් මාවෙයි සේනාධිරාජා,මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුන් සහභාගී වී ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.
එසේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභානායක,අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ රජීව විජේසිංහ,සජින් වාස් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
කෙසේ වෙතත් දෙපාර්ශවය යළි මේ මස 14 වන දින රැස්වීමට නියමිතය.