Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද නබ්බගේ උපන්දිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නිසා එතුමාණන් ගැන සහ අද දිනය ගැන මඳක් කථා නොකලහොත් එය එය අඩුවකි. මම මේ ලිපිය මගින් උත්සාහ දරන්නේ සිංහල බ්ලොග් අවකාශයේ එම අඩුව මට හැකි ආකාරයෙන් පුරවා ලීමටය. ප්රථමයෙන්ම කියන්නට තියෙන්නේ ඉස්ලාමයට අනුව උපන් දින සැමරුම් නොකරන බවත් මුහම්මද් නබි තුමාණන්ගේ උපන් දිනය වුවද සමරන්නට ඉස්ලාමය මගින් නොපවසා ඇති බවයි. අද මිලාද් උන් නබි දිනය ලංකාවේ වෙලඳ නිවාඩුවක් හෙවත් Mercantile Holiday එකකි. එහෙත් මුස්ලිම් අපට වෙලඳ නිවාඩුවක් දමාගෙන සමරන්නට තරම් මෙහි කිසිදු විශේෂත්වයක් ඉස්ලාමයෙන් පෙන්වා දී නැත. මුස්ලිම් රටවල් එනම් මැදපෙරදිග මේ පිලිබඳව කිසිදු විශේෂත්වයක් ලබාදී නොමැත. මෙය අතීතයේදී කවුරුන් විසින් හෝ අපේ රජයට දුන් දිරච්ච ලණුවකි.

ඇමරිකානු ලේඛකයෙක් වන මයිකල් එච්. හාර්ට් Michael H. Heart විසින් ඉතිහාසයේ මේ දක්වා ලොවට සුවිශේෂී බලපෑමක් එල්ල කළ පුද්ගලයන්ගේ නාමාවලියක් අඩංගු ග්රන්ථයක් The 100: A Ranking Of The Most Influential Persons In History නමින් රචනා කොට ඇත. ලොවට බලපෑමක් එල්ල කොට ඇති සුවිශේෂී පුද්ගලයන් අතුරින් ඔහු විසින් එම ග්රන්ථයේ ප්රථම ස්ථානය ලබා දී තිබෙන්නේ ඉස්ලාමයේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් බින් අබ්දුල්ලාහ් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ටය. ඔහු පවසා සිටින්නේ ඉතිහාසය පුරා මේ දක්වා බිහිවූ පුද්ගලයන්ගෙන් මුහම්මද් බින් අබ්දුල්ලාහ් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් තරම් ලොව මිනිසාට බලපෑමක් එල්ල කළ අන් පුද්ගලයෙක් නොමැති බවයි.

මුහම්මද් නබි තුමාණන් මීට වසර 1400 කට පමණ ඉහත වර්තමාන සෞදි අරාබියාව තිබෙන භුමියේ මක්කා නගරයේ කුරෛෂි නම්වු ගෝත්රයේ බනුහාෂිම් නම්වු වංශයේ උපත ලදී. එතුමා ඉපදීමටත් ප්රථම පියා මියගොස් තිබුණු අතර කුඩා කාලයේදීම මව මියගිය නිසා අනාථ දරුවෙක් ලෙස සිය බාප්පාගේ සෙවනෙහි සාමාන්ය දරුවෙක් ලෙස හැදී වැඩුනි. කුඩා කල සිටම විශ්වාස වන්තයා හෙවත් අල් අමීන් යන විරුදය ලබන්නට තරම් යහපත් දිවියක් ගත කළ එතුමා විවාහ වුයේ වයස අවුරුදු 25 දී වයස අවුරුදු 40 ක් වු කදීජා නම් වැන්දඹු කාන්තාවක සමගය. විවාහයෙන් පසුවද යහපත් සහ සමාජයට වැඩැති දිවියක් ගත කළ එතුමා වරින් වර ගොස් හිරා නැමති දුර්ගයේ ඇති ගුහාවට ගොස් තනිවම දැහැන් ගතව ජීවිතය පිළිබඳව මෙනෙහි කරන්නට විය. මෙහිදී එතුමා අන් ආගමික ශාස්තෘවරුන්ගෙන් වෙනස් වුයේ පවුල් සහ සමාජ ජීවිතය හැරපියා නොගොස් එම වගකීම්ද හරියාකාරව ඉටු කරමින්ම දිවියේ යථාර්තය සොයන්නට වෙර දැරීමයි.

වයස අවුරුදු 40 දී එතුමා විසින් තමන් දෙවිඳුන් වන අල්ලාහ්ගේ නියෝජිතයාණන් බවත් දෙවිඳුන් කරා යන මාර්ගය මේ බවත් ජනයාට දේශනා කරන්නට වීම නිසා මෙතෙක් කලක් ගත කළ පහසු දිවිය වෙනුවට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවිය. මේ කාලයේදී එතුමාගේ ප්රිය භාර්යාවද කළුරිය කළාය. එතැන් පටන් එතුමන්ට එරෙහි වන්නන්ගේ නොයෙකුත් ගැහැට මධ්යයේ අඛන්ඩව ධර්මදූත මෙහෙයේ යෙදුනි. එතුමාණන් ධර්මදුත මෙහෙවර වසර 23 කාලයක් තුලදී මැදපෙරදිග කලාපයේම ඉස්ලාමයේ ධජය ලෙලදෙන්නට තරම් බලපෑම් සහගත විය. වයස අවුරුදු 63 දී අභාවප්රාප්ත වු එතුමා පවසා සිටියේ ශුද්ධවු අල්-කුර්ආනය මත පදනම්ව සිය දිවිය ආදර්ශයට ගෙන මුස්ලිම් වරයෙක් ලෙස දිවි ගෙවන ලෙසයි.

එතුමාණන් විසින් එදා මිනිසුන් තුල ඇති කරන ලද බලපෑම අදද ලොව පුරා මුස්ලිම් වරුන්ගේ දිවිමග තුල රැව්පිළිරැව් දෙන්නේය. මේ වන විට ලොව ජනගහණයෙන් බිලියන 1.5 ක්ම එතුමාගේ අනුගාමිකයන් එනම් මුස්ලිම් වරුන් ලෙස සිටිති. යුරෝපයේ වේගයෙන්ම පැතිරෙන දහම සහ ලොවෙහිම වේගයෙන් පැතිරෙන දහම බවට ඉස්ලාමය පත්ව ඇත. එතුමන් සිය ජීවිතයෙන් දුන් ආදර්ශය මේ සියළු දේ වලට මුලාරම්භය විය.

අවසන් කාලයේ එතුමන් විසින් කරන ලද දේශනාවක කෙටි සාරාංශය මෙසේය.

ජනයෙනි, නියත වශයෙන්ම නුඹලාගේ දෙවිඳුන් ඒකීයවු දෙවිඳුන්ය. නුඹලාගේ ආදි පියාණන්ද එක්කෙනෙකි. නුඹලා සියළු දෙනාම ආදම්ගේ පරම්පරාව වේ. ඔබ අතරින් උසස් වන්නේ අල්ලාහ්ට මුළුමණින් අවනත වන්නා පමණි. අරාබිවරු අරාබි නොවන්නන්ට වඩා උසස් නොවන්නේය. අරාබි නොවන්නන්ද අරාබි වරුන්ට වඩා උසස් නොවන්නේය. සුදු ජාතිකයා කළු ජාතිකයාට වඩා උසස් නොවන්නේය. අල්ලාහ්ට මුළුමණින්ම ශ්රද්ධාවන්ත වීමකින් තොරව කළු ජාතිකයාද සුදු ජාතිකයාට වඩා උසස් නොවන්නේය.

මුස්ලිම් අපට එතුමාණන් මහා ආදර්ශකයාණන්ය. රහ්මතුල්ලා ලිල් ආලමීන් හෙවත් අල්ලාහ් විසින් මුළු විශ්වයටම දෙවා වදාල මහා ශාස්තෘවරයාණන්ය. එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා.

[QUOTE="somiya23, post: 12013271, member: 386251"] [SIZE=4]මේ නිසා එතුමාණන් ගැන සහ අද දිනය ගැන මඳක් කථා නොකලහොත් එය එය අඩුවකි. මම මේ ලිපිය මගින් උත්සාහ දරන්නේ සිංහල බ්ලොග් අවකාශයේ එම අඩුව මට හැකි ආකාරයෙන් පුරවා ලීමටය. ප්රථමයෙන්ම කියන්නට තියෙන්නේ ඉස්ලාමයට අනුව උපන් දින සැමරුම් නොකරන බවත් මුහම්මද් නබි තුමාණන්ගේ උපන් දිනය වුවද සමරන්නට ඉස්ලාමය මගින් නොපවසා ඇති බවයි. අද මිලාද් උන් නබි දිනය ලංකාවේ වෙලඳ නිවාඩුවක් හෙවත් Mercantile Holiday එකකි. එහෙත් මුස්ලිම් අපට වෙලඳ නිවාඩුවක් දමාගෙන සමරන්නට තරම් මෙහි කිසිදු විශේෂත්වයක් ඉස්ලාමයෙන් පෙන්වා දී නැත. මුස්ලිම් රටවල් එනම් මැදපෙරදිග මේ පිලිබඳව කිසිදු විශේෂත්වයක් ලබාදී නොමැත. මෙය අතීතයේදී කවුරුන් විසින් හෝ අපේ රජයට දුන් දිරච්ච ලණුවකි. ඇමරිකානු ලේඛකයෙක් වන මයිකල් එච්. හාර්ට් Michael H. Heart විසින් ඉතිහාසයේ මේ දක්වා ලොවට සුවිශේෂී බලපෑමක් එල්ල කළ පුද්ගලයන්ගේ නාමාවලියක් අඩංගු ග්රන්ථයක් The 100: A Ranking Of The Most Influential Persons In History නමින් රචනා කොට ඇත. ලොවට බලපෑමක් එල්ල කොට ඇති සුවිශේෂී පුද්ගලයන් අතුරින් ඔහු විසින් එම ග්රන්ථයේ ප්රථම ස්ථානය ලබා දී තිබෙන්නේ ඉස්ලාමයේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් බින් අබ්දුල්ලාහ් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ටය. ඔහු පවසා සිටින්නේ ඉතිහාසය පුරා මේ දක්වා බිහිවූ පුද්ගලයන්ගෙන් මුහම්මද් බින් අබ්දුල්ලාහ් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් තරම් ලොව මිනිසාට බලපෑමක් එල්ල කළ අන් පුද්ගලයෙක් නොමැති බවයි. මුහම්මද් නබි තුමාණන් මීට වසර 1400 කට පමණ ඉහත වර්තමාන සෞදි අරාබියාව තිබෙන භුමියේ මක්කා නගරයේ කුරෛෂි නම්වු ගෝත්රයේ බනුහාෂිම් නම්වු වංශයේ උපත ලදී. එතුමා ඉපදීමටත් ප්රථම පියා මියගොස් තිබුණු අතර කුඩා කාලයේදීම මව මියගිය නිසා අනාථ දරුවෙක් ලෙස සිය බාප්පාගේ සෙවනෙහි සාමාන්ය දරුවෙක් ලෙස හැදී වැඩුනි. කුඩා කල සිටම විශ්වාස වන්තයා හෙවත් අල් අමීන් යන විරුදය ලබන්නට තරම් යහපත් දිවියක් ගත කළ එතුමා විවාහ වුයේ වයස අවුරුදු 25 දී වයස අවුරුදු 40 ක් වු කදීජා නම් වැන්දඹු කාන්තාවක සමගය. විවාහයෙන් පසුවද යහපත් සහ සමාජයට වැඩැති දිවියක් ගත කළ එතුමා වරින් වර ගොස් හිරා නැමති දුර්ගයේ ඇති ගුහාවට ගොස් තනිවම දැහැන් ගතව ජීවිතය පිළිබඳව මෙනෙහි කරන්නට විය. මෙහිදී එතුමා අන් ආගමික ශාස්තෘවරුන්ගෙන් වෙනස් වුයේ පවුල් සහ සමාජ ජීවිතය හැරපියා නොගොස් එම වගකීම්ද හරියාකාරව ඉටු කරමින්ම දිවියේ යථාර්තය සොයන්නට වෙර දැරීමයි. වයස අවුරුදු 40 දී එතුමා විසින් තමන් දෙවිඳුන් වන අල්ලාහ්ගේ නියෝජිතයාණන් බවත් දෙවිඳුන් කරා යන මාර්ගය මේ බවත් ජනයාට දේශනා කරන්නට වීම නිසා මෙතෙක් කලක් ගත කළ පහසු දිවිය වෙනුවට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවිය. මේ කාලයේදී එතුමාගේ ප්රිය භාර්යාවද කළුරිය කළාය. එතැන් පටන් එතුමන්ට එරෙහි වන්නන්ගේ නොයෙකුත් ගැහැට මධ්යයේ අඛන්ඩව ධර්මදූත මෙහෙයේ යෙදුනි. එතුමාණන් ධර්මදුත මෙහෙවර වසර 23 කාලයක් තුලදී මැදපෙරදිග කලාපයේම ඉස්ලාමයේ ධජය ලෙලදෙන්නට තරම් බලපෑම් සහගත විය. වයස අවුරුදු 63 දී අභාවප්රාප්ත වු එතුමා පවසා සිටියේ ශුද්ධවු අල්-කුර්ආනය මත පදනම්ව සිය දිවිය ආදර්ශයට ගෙන මුස්ලිම් වරයෙක් ලෙස දිවි ගෙවන ලෙසයි. එතුමාණන් විසින් එදා මිනිසුන් තුල ඇති කරන ලද බලපෑම අදද ලොව පුරා මුස්ලිම් වරුන්ගේ දිවිමග තුල රැව්පිළිරැව් දෙන්නේය. මේ වන විට ලොව ජනගහණයෙන් බිලියන 1.5 ක්ම එතුමාගේ අනුගාමිකයන් එනම් මුස්ලිම් වරුන් ලෙස සිටිති. යුරෝපයේ වේගයෙන්ම පැතිරෙන දහම සහ ලොවෙහිම වේගයෙන් පැතිරෙන දහම බවට ඉස්ලාමය පත්ව ඇත. එතුමන් සිය ජීවිතයෙන් දුන් ආදර්ශය මේ සියළු දේ වලට මුලාරම්භය විය. [CENTER]අවසන් කාලයේ එතුමන් විසින් කරන ලද දේශනාවක කෙටි සාරාංශය මෙසේය.[/CENTER] ජනයෙනි, නියත වශයෙන්ම නුඹලාගේ දෙවිඳුන් ඒකීයවු දෙවිඳුන්ය. නුඹලාගේ ආදි පියාණන්ද එක්කෙනෙකි. නුඹලා සියළු දෙනාම ආදම්ගේ පරම්පරාව වේ. ඔබ අතරින් උසස් වන්නේ අල්ලාහ්ට මුළුමණින් අවනත වන්නා පමණි. අරාබිවරු අරාබි නොවන්නන්ට වඩා උසස් නොවන්නේය. අරාබි නොවන්නන්ද අරාබි වරුන්ට වඩා උසස් නොවන්නේය. සුදු ජාතිකයා කළු ජාතිකයාට වඩා උසස් නොවන්නේය. අල්ලාහ්ට මුළුමණින්ම ශ්රද්ධාවන්ත වීමකින් තොරව කළු ජාතිකයාද සුදු ජාතිකයාට වඩා උසස් නොවන්නේය. මුස්ලිම් අපට එතුමාණන් මහා ආදර්ශකයාණන්ය. රහ්මතුල්ලා ලිල් ආලමීන් හෙවත් අල්ලාහ් විසින් මුළු විශ්වයටම දෙවා වදාල මහා ශාස්තෘවරයාණන්ය. එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom