අද රාත්‍රියේ විදුලි කප්පාදුව නූලෙන් බේරෙයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අඛණ්ඩ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ වන විට තවදුරටත් තීවෘ වෙමින් තිබෙනවා. ඒ, ඉදිරි දින කිහිපයේ විදුලි සැපයුම වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට දැරූ උත්සහයන් අසාර්ථක වීමත් සමඟයි.

    විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඩීසල් බලාගාර මත විශ්වාසය තැබීමට සිදුවූයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන ජනන යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන්.

    එය යථාතත්ත්වයට පත් කිරීමට ලබන සඳුදා පමණ වනු ඇති බවටයි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරන්නේ. එබැවින් මෙගාවොට් 200 ක විදුලි ධාරිතාවක් උත්පාදනයට ඩීසල් සහ දැවි තෙල් මත විශ්වාසය තැබීමට සිදුවුණා.

    කෙසේවෙතත් ඩොලර් ලබානොදෙන්නේ නම් විදුලි උත්පාදනයට ඩීසල් ලබාදිය නොහැකි බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ මේ අතරතුරයි. ඒ අනුවයි ලංකා IOC සමාගමෙන් ඉදිරි දින කිහිපය වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලි බල අමාත්‍යංශය අද සාකච්ඡා ආරම්භ කළේ.
    එහෙත් ලංකා IOC සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීමට නොහැකි බවයි. ඒ, මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින්.

    මෙලෙස ඩීසල් ලබා ගැනීමට සූදානම් වූයේ කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය සඳහායි. ඒ, මේ වන විට ලබාදී ඇති ඉන්ධන තොග අද පස්වරුවේ අවසන්වීම හේතුවෙන්.

    ඒ අනුව පවතින තොග අවසන් වී අලුතෙන් ද ඩීසල් ලබා ගැනීමට නොහැකි වුවහොත් කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය නතර නොවන්නේදැයි නෙත් නිවුස් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළා.

    මේ, එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි සමඟ නෙත් නිවුස් කළ සංවාදයක්.





    කෙසේවෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවයි. එහෙත් එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.





    අද ගොඩබානු ඇතැයි අපේක්ෂිත තෙල් නැව මත සියලු බලාපොරොත්තු රැදී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    මේ අතර දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අද පස්වරුවේ ක්‍රියා විරහිත වුණා. ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ ධාරිතාව මෙගාවොට් 63 ක්.

    කෙසේවෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් මේ මොහොතේ ලැබී ඇති බවයි. එබැවින් සපුගස්කන්ද බලාගාරයෙන් නියමිත පරිදි පද්ධතියට විදුලිය එක්කරමින් ඇතැයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවා. නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පැවසුවේ අද දිනය තුළ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදීමට හැකියාව ඇති බවයි. ඒ අනුව විදුලි ඉල්ලුම උපරිම අවස්ථාවේ ප්‍රමාණවත් පරිදි විදුලි සැපයුම ලබාදීමට අවශ්‍ය පහසුකම් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    කැළණිත‘ස්ස බලාගාරයේ ඇති ඉන්ධන ධාරිතාව අවසන් වනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ රාත්‍රී 09 න් පසුවයි. ඒ වන විට විදුලි ඉල්ලුම උපරිම අවස්ථාව පසුකර ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි වැඩිදුරටත් පැවසුවා.


    Neth
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මෙච්චර මගුලක් වෙලා තිය‌ෙද්දිත් නිකමට ටිවි ඒක‌ෙවත් ඇඩි ඒකක් වත් දානවද කියලා බලපන්කො ඒක ගෙදරකින් ඒක ලයිට් ඒකක් ගානෙවත් නිවපල්ලා කියලා. මෙල‌ො රහක් නැතිව ත‌ෙල් ටැංකිවලට නම් ඇඩ් යනවා හ‌ො ගාලා.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මෙච්චර මගුලක් වෙලා තිය‌ෙද්දිත් නිකමට ටිවි ඒක‌ෙවත් ඇඩි ඒකක් වත් දානවද කියලා බලපන්කො ඒක ගෙදරකින් ඒක ලයිට් ඒකක් ගානෙවත් නිවපල්ලා කියලා. මෙල‌ො රහක් නැතිව ත‌ෙල් ටැංකිවලට නම් ඇඩ් යනවා හ‌ො ගාලා.
    api save karai :lol:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    949
    113
    No Place
    මෙච්චර මගුලක් වෙලා තිය‌ෙද්දිත් නිකමට ටිවි ඒක‌ෙවත් ඇඩි ඒකක් වත් දානවද කියලා බලපන්කො ඒක ගෙදරකින් ඒක ලයිට් ඒකක් ගානෙවත් නිවපල්ලා කියලා. මෙල‌ො රහක් නැතිව ත‌ෙල් ටැංකිවලට නම් ඇඩ් යනවා හ‌ො ගාලා.
    eka nam atta bn kohewat dakke na
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    api save karai :lol:
    නැ මචන් මොනවා උනත් ඉල්ලිමක් හරි කරන්න පුළුවන්නේ තියෙන තත්වෙ තෙරුම් කරලා. සමහරවිට ස කිවුවෙත් 69 ලස්සෙන් ලස්ස 9 ක් වත් Off කරන්න ඉඩ තියෙනවා..
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    නැ මචන් මොනවා උනත් ඉල්ලිමක් හරි කරන්න පුළුවන්නේ තියෙන තත්වෙ තෙරුම් කරලා. සමහරවිට ස කිවුවෙත් 69 ලස්සෙන් ලස්ස 9 ක් වත් Off කරන්න ඉඩ තියෙනවා..
    :D :D
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මෙච්චර මගුලක් වෙලා තිය‌ෙද්දිත් නිකමට ටිවි ඒක‌ෙවත් ඇඩි ඒකක් වත් දානවද කියලා බලපන්කො ඒක ගෙදරකින් ඒක ලයිට් ඒකක් ගානෙවත් නිවපල්ලා කියලා. මෙල‌ො රහක් නැතිව ත‌ෙල් ටැංකිවලට නම් ඇඩ් යනවා හ‌ො ගාලා.
    Add ekak daanna Dilithtai Renotai salli denne umbada gupiyo??:growl:
     
    • Haha
    Reactions: allrights

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ එකියන්නේ ලංකාව දුවන්නේ ජෙනරේටර් වලින් නේ බන් ..
    නාකි මයිනාගෙයි, පඹයගෙයි යාලුවන්ගෙ ජෙනරේටර්
     
    • Like
    Reactions: Mugen

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    jivath wenna welawak ne.gov eken karanna one ewa gedara karanna giyama.current hadaganna one.gas hadaganna one.mona hutte life ekakda ban mae?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් දැන් රට පාලනය කරන්නේ කඩේක කොත්තු දානවා වගේ. තෙල් ටික වත් කලින් ඕඩර් කරල තියාගන්නේ නෑ. සුපිරිම පොන්න හැත්ත. :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: krizta

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මෙච්චර මගුලක් වෙලා තිය‌ෙද්දිත් නිකමට ටිවි ඒක‌ෙවත් ඇඩි ඒකක් වත් දානවද කියලා බලපන්කො ඒක ගෙදරකින් ඒක ලයිට් ඒකක් ගානෙවත් නිවපල්ලා කියලා. මෙල‌ො රහක් නැතිව ත‌ෙල් ටැංකිවලට නම් ඇඩ් යනවා හ‌ො ගාලා.
    minissu owa dannawa, AD dala wadak naha..
    ane ban mona unath mama nam AC th danawa..
    power giyoth solar th thiyanawa genith thiyanawa fueluth thiyanawa...

    eka eka huttala commission gahanna karapu wada walata apita katu kanna baha... lankawe minissuth horu ekai horuma path karanne...
    mama nam ona dekata ready wela inne, katu kanne naha..
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    නිවසේදීම තමන්ට අවශ්‍ය විදුලිය නිපදවාගන්න හැටි ඉගෙන ගන්න මෙහෙට එන්න.
    (ජොයින් වෙද්දී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න)

    https://www.facebook.com/groups/diyoffgrid
     

    Similar threads