අද රාත්‍රිය තීරණාත්මකයි

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අද රාත්‍රිය තීරණාත්මකයි



    මේ වනවිට ප්‍රධාන ගංගා හතරක් සහ අතු ගංගා රැසක් ආශ්‍රිතව ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටව ඇති බැවින්ද,

    විදුලිය විසන්ධි කිරීම, සන්නිවේදනය අඩාල වීම ආදී තත්වයන් නිසාත්, අඳුරු රාත්‍රියේ නිරීක්ෂණ තොරතුරුත් නොලැබීම නිසාද,

    එක් එක් වශයෙන් ප්‍රදේශ හෝ දිස්ත්‍රික්ක වශයෙන් යමක් කිව නොහැකි වුවත්, පොදුවේ ලැබෙන තොරතුරු මත පදනම්ව කීමට ඇත්තේ ගං වතුරෙන් යටව ඇති නිම්න, මිටියාවත් හෝ සමබිම් සහිත ප්‍රදේශ වලින් බහුතරයක වැඩි අවස්ථාව ඇත්තේ ශිඝ්‍රයෙන් ගං වතුර වැඩි වෙන්න..... මේ වැඩිවීමේ වේගය කල්තබා හිතාගන්න නොහැකියි, එයට හේතු රැසක් බලපානවා......

    මේ නිසා, ඔබේ නිවස ආසන්නයට තර්ජනාත්මක ලෙස වැසි සහිතව හෝ වර්ෂාවෙන් තොරව හෝ ජලය පැමිණ ඇත්නම්, කරුණාකර ආරක්ෂිත ස්ථාන කරා යන්න......

    ගැටලුවක් වුවහොත් උපකාර ඉල්ලනවා යැයි සිතා සිටින්නට එපා.......පැහැදිලි අවදානමක් පවතී......වතුර වැඩිවීම ඔබට කර කියා ගන්නට දෙයක් නොමැති තරම් වේගයෙන් සිදුවිය හැකිය.......

    රාජ්‍ය ආයතන විසින් අනතුරු අඟවා ඇති කළාප වල තවමත් රැඳී සිටී නම්

    - වහලවල් ඔබේ ජීවිතය බේරා නොගන්නා බවද

    - අඳුරු රාත්‍රියේ ඔබව මුදවා ගැනීමට පැමිණෙන කණ්ඩායම් ගැන බලාපොරොත්තු තබා ගැනීම අනුවණ ක්‍රියාවක් බවද

    - විදුලිය ඇණහිටීම සහ සන්නිවේදනය බිඳ වැටීම නිසා ඔබට ජංගම දුරකථන පහසුකම පවා තව පැය කිහිපයකින් අහිමිවී යා හැකි බවද
    මතක තබාගන්න.....

    අද රාත්‍රිය තීරණාත්මකයි.......ඔබ ගන්නා තීරණය මත හෙට උදාව දකින්න ලැබීම හෝ නොලැබීම තීරණය වනු ඇත....
    :sorry:
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    අද රාත්‍රිය තීරණාත්මකයි.......ඔබ ගන්නා තීරණය මත හෙට උදාව දකින්න ලැබීම හෝ නොලැබීම තීරණය වනු ඇත....:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන පවක්ද මේ පල දෙන්නෙ???පව් අහිසක මිනිස්සු..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    18671117_1361952187230868_1688521373626734901_n.jpg