අද සිට පැය 7 1/2 ක්
අද සිට පැය 7 1/2 ක් රට පුරා විදුලිය කපයි
දහවල් පැය 5 1/2 ක් රාත්‍රි පැය 2 ක්
ජාතික විදුලි පද්ධතියේ පවතින විදුලි අර්බුදය සමථයකට පත්වනතුරු අද (16 වැනිදා) සිට පැය 7 1/2 කාලයක් දිවයින පුරා විදුලිය අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව දිවා කාලයේ පැය 5 1/2 ක් සහ රාත්‍රි කාලයේ පැය 2 ක් ලෙසින් කලාප හතරක් යටතේ රටපුරා විදුලිය සැපයුම අත්හිටුවනු ලබයි.
මෙම විදුලිය කපාහැරෙන්නේ කාණ්ඩ දෙකක් යටතේය.
පළමු කාණ්ඩය පෙරවරු 7.00 සිට දහවල් 12.30 දක්වා සහ පස්වරු 6.00 සිට රාත්‍රි 8.00 දක්වා.
දෙවන කාණ්ඩය
දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා සහ රාත්‍රි 8.00 සිට රාත්‍රි 10.00 දක්වා.
මෙම ක්‍රමය යටතේ අද (16 වැනිදා) සහ හෙට (17 වැනිදා) පමණක් විදුලිය කපා හරින බව විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
http://www.divaina.com/2016/03/16/news03.html