අද ෆොන් කඩේකට ගියාම මට මාර දෙයක්නේ උනේ... 🤦😒

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    100% හාමුදුරුවන් සෝවාන් වෙලා නැහ. අඩුම ගානෙ ගේමක් ගහගෙන සාශනේ ඔය ගානට හරි ඇදගෙන යන එක ලොකු දෙයක්.. සාමාන්‍යයෙන් තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් අවු 40 පරිණත වෙනකොට ගොඩක් තැන්පත් වෙනා. ආරාණ්‍ය සහ පන්සල් කියන්නෙ දෙකක්
    දාණයක් දෙනකොට සංඝයාට දෙනව කියාගෙන දීපන්..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හාමුදුරුවො උනත් තේරුම් ගන්න ඕන attach වෙච්චි දෙකින් ගලවන කොට පිලිවෙලක් ඇතුව ඒක කරන්න. Phone එකක් කියන්නේ කෝල් ගන්න දේට වඩා සැහෙන්න එහා දෙයක් දැන් ජීවිතේට එකතු වෙන.

    ඒ වගේ දෙයක් ඒක පාර උදුරලා අයින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියල තේරුම් අරගෙන හිමිට ඒ කෙනා විසින් ම අත්හැරීම ගැන තේරුම් කරලා කරන්න ඕන දෙයක්.

    ගිහි ජිවිතයක් gatha කරණකොට ලමයින් ව දෙමවුපියන් ගෙන් වෙන් කරොත් එහෙම උනුත් දිවි නසා ගන්නව. හැබැයි කවුරුත් අත් අරපත් කියලා බලෙන් වෙන් කරන්න යන්නේ නැහැනේ. ලමයින් කියන්නෙත් එක්තරා ඇබ්බැහියක් ම තමයි. Btw no kids No worries 🥴
     
    • Like
    Reactions: csoftlanka

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    සිවුරක් දැම්මට එයාලත් මිනිස්සු.
    ජීවිතේ විඳින්න අයිතියක් තියෙනවා.



     

    gama22

    Well-known member
  • අපි හිඟාකන්නේ තොගේ මාලිමාව අපිට ඇරපු නිසා.. 🤭
    img_1_1739011190835.jpg

    මූට වගේද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තංගල්ල වනවාසී කුඩා විහාරයේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි 20 හැවිරිදි ශිෂ්‍ය හිමිනමක් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පිරිවෙනෙහි ගුරු හිමිනමගේ භාරයට ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් එම ශිෂ්‍ය හිමිනම ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

    එම හිමිනම සිය ආවාස කුටියේ දී මෙසේ දිවි නසාගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

    මෙම ශිෂ්‍ය හිමිනම් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයෙහි ජංගම දුරකථනය පිරිවෙනේ ගුරු හිමිනම විසින් පෙර දින තමන් හාරයට ගෙන ඇත.

    ඒ පිළිබඳව හිමි නම් සිත් තැවුලෙන් පසු වී ඇත.

    සිය දිවි හානිකර ගැනීමට එය හේතු වෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරති.

    මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන්ට ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇති බව කියති.

    සියදිවි හානි කර ගත් හිමිනමගේ දේහය තංගල්ල මූලික රෝහලෙහි තැන්පත් කර ඇත. හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

    සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තංගල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    ගුරු හිමි ජංගම දුරකථනය ගත්තැයි ගෝල හිමි දිවි නසාගනී…

     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    smart phone eka hinda danna pansalaka loku hamuduruwo, successful entrepreneur kenek. bana kiyana eka podi hamuruwanta baradeela, loku unnanse business weda
    හාමුදුරුවො උනත් තේරුම් ගන්න ඕන attach වෙච්චි දෙකින් ගලවන කොට පිලිවෙලක් ඇතුව ඒක කරන්න. Phone එකක් කියන්නේ කෝල් ගන්න දේට වඩා සැහෙන්න එහා දෙයක් දැන් ජීවිතේට එකතු වෙන.

    ඒ වගේ දෙයක් ඒක පාර උදුරලා අයින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියල තේරුම් අරගෙන හිමිට ඒ කෙනා විසින් ම අත්හැරීම ගැන තේරුම් කරලා කරන්න ඕන දෙයක්.

    ගිහි ජිවිතයක් gatha කරණකොට ලමයින් ව දෙමවුපියන් ගෙන් වෙන් කරොත් එහෙම උනුත් දිවි නසා ගන්නව. හැබැයි කවුරුත් අත් අරපත් කියලා බලෙන් වෙන් කරන්න යන්නේ නැහැනේ. ලමයින් කියන්නෙත් එක්තරා ඇබ්බැහියක් ම තමයි. Btw no kids No worries 🥴
    ඔව් එහෙම පැත්තකුත් තියෙනවා.

    අර සිද්ධියේදී මම නොකියපු තව කොටසක් තියෙනවා. විහාරාධිපති හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවරුන්ට smart phone පාවිච්චි කරන්න එපා කියලා කලින් අවවාද කරලා තියෙනවා. ඒ කිව්වේ එක පාට උදුරා ගැනීමක් වගේ දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ.

    කොහොම වුණත් smart phone පාවිච්චිය නිසා සාමාන්‍ය සමාජය ට වඩා දහස් ගුණයක අගතියක් තරුණ භික්ෂු සමාජය ඇතුළෙ තියෙනවා. එළියට එන්නේ කීපයක් විතරයි.

    ගොඩක් වෙලාවට ඕකෙන් තමයි හාමුදුරුවරු දැනුවත්ව හෝ නොදැනුවත්වම ගිහියෝ ගානට වැටෙන්නේ.