අධ්‍යාපනය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    71546543_2396427747272351_6243904522985406464_n.jpg

    මගෙ අම්ම මාව අත ඇරල දානකොට මට වයස අවුරුදු හතයි. මගේ තාත්තයි කුඩම්මයි එක්ක තමයි මට ජීවත් වෙන්න උනේ. කුඩම්ම හරිම නපුරුයි. මම දවස් ගණං බඩගින්නෙ ඉඳල තියනව. කුඩම්මට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ.

    බඩගින්න වැඩිකමට මම අපේ බල්ලට දාල තිබ්බ කෑමවල ඉතුරු ටික කන්න පුරුදු උනා. දවසක් මම බල්ලගෙ ඉතුරු කෑම කනකොට අල්ලපු ගෙදර පිරිමි ළමයට අහු උනා.

    එයාගෙ අම්ම මට එදා හවස එයාලගෙ ගෙදරට ආරාධනා කරා. එයාගෙ අම්මට දැන ගන්න ඕන උනා මම බලු කෑම කාපු එක ඇත්තම ඇත්තද කියල. මම හොඳටම බය උනා. කොච්චර බය උනාද කියනව නම් කුඩම්මට කියන්න එපා කියල ඇය ඉදිරියේ බැගෑපත් වෙන්න මට සිද්ද උනා. ඇය හොඳටම හඬා වැලපුනා. ඊට පස්සෙ ඇය මට හැමදාම කෑම දෙන්න පොරොන්දු උනා.

    මාව බඩගින්නෙ තියන එක මදි කියල හිතපු හින්ද වෙන්න ඇති සමහර වෙලාවට කුඩම්ම මට කලන්තෙ දාල වැටෙනකන්ම ගැහුව. මගේ යෝනි මාර්ගෙයි, අත් කකුල්වලයි, බෙල්ලෙයි ගම්මිරිස් ගාල දවස් ගනං මාව කක්කුස්සියට දාල වහල තිබ්බ.

    ඒත් මම ඉගෙන ගන්න එක නතර කළේ නැහැ. මොකද පැනගන්න තියන එකම ක්‍රමය ඒක විතරයි කියල මම හොඳටම දැනගෙන හිටිය.

    - නයිජීරියානු ජාතික නීතීඥ Awele Ideal

    FB උපුටනයකි.