අධාපනයේ නිදහස

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය,
    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය,
    ඉසුරුපාය,
    බත්තරමුල්ල.

    ගරු අමාත්‍යතුමනි,

    පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය

    කොවිඞ් – 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා තිබේ.

    සමස්ත ලෝකවාසීන්ට මෙන්ම මෙරට ජනතාවට ද ආර්ථික දුෂ්කරතා මෙන්ම වෙනත් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුව ඇති මෙවැනි ගෝලීය වසංගත සමයක මෙරට පෞද්ගලික පාසල් බලධාරීන් ගෙන ඇති ඉහත තීරණයෙන් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් බලවත් අපහසුතාවකට පත්ව ඇති බව නොරහසකි.

    මෙරට අධ්‍යාපනය හා බැඳී ඇති මෙම ප්‍රශ්නයට මැදිහත්ව සාධාරණ පිළියමක් යෙදීමට කටයුතු කරන ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ස්තූතියි,

    මෙයට හිතවත්,

    විමල් වීරවංශ (පා.ම)
    කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ,
    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Hama ekama nidahas adyapanaya beraganna dagaluwata lankawe godak ewun dakkama hithanne nam ne un e nidahas adyapanaya prayojanayakata gannawa kiyala...