අධිකරණ පද්ධතියේ ගැටලු තියනවා-අගමැති
මෙරට අධිකරණ පද්ධතිය තුළ යම් යම් ගැටලු ඇති බව අය වැය කාරක සභා අවස්ථාවේ පැවති අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් වූ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙතක් ඇති බවත් සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ පවුල්වල අය ඉල්ලීමක් කළ යුතු බවත් අගමැතිවරයා පැවසීය.
විසඳිය යුතු නඩු ප්‍රමාණය දිනෙන් දින වැඩිවීම රටේ සංවර්ධනයට මෙන්ම ජනතාවගේ පැවැත්මට ද දැඩි බලපෑමක් එල්ල කරන බැවින් අදාළ නඩු කඩිනමින් අවසන් කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා එහිදී සඳහන් කළේය.
අධිකරණය ස්වාධීනත්වය ආරක්ෂා කර ගත යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා, අධිකරණය හා පොලිසිය තම තත්ත්වය ආරක්ෂා කර ගත යුතු බව ද වැඩිදුරටත් පැවසීය.