අධිවේගයේ දැනට අනතුරු 36ක්
අධිවේගයේ බස් ධාවනය සති දෙකකින් කල් යයි. දැනට අනතුරු 36ක්
November 30, 2011 at 10:33 am | Lanka C News.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මඟී ප‍්‍රවාහනය සඳහා ගංගම බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ‍්‍රී ලංගමය පවසයි.
එහි සභාපති එම්.සී. බන්දුසේන මහතා පැවසුවේ මේ වෙනුවෙන් ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන අධි සුඛෝපබෝගී බස්රථවල සේවය සඳහා තෝරාගෙන තිබෙන සේවකයන්ට මේ දිනවල විශේෂ පුහණුවක් ලබා දෙන බැවින් මෙම පමාව සිදුවන බවයි.
මෙම පුහුණුව ලංගම ප‍්‍රධාන අභ්‍යාස විද්‍යාලයේදී මේ දිනවල ලබා දෙන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ගවල පවතින විශේෂ මාර්ග හා රථවාහන නීති සම්බන්ධයෙන් පොලීසිය මඟින් ලබා දෙන තවත් පුහුණු සැසියකින් පසු මඟ ප‍්‍රවාහනය ආරම්භ කෙරේ. කොට්ටාව සිට ගාල්ල දක්වා මෙම මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 380කි.
අධිවේගී මාර්ගයේ මේ දක්වා බරපතල ගනයේ රිය අනතුරු දෙකක් සිදු වී ඇති අතර මින් පළමු අනතුර වේගය පාලනය කරගත නොහැකි වීමෙන් සුදුවූවක් වන අතර දෙවැන්න බිමත්ව රිය පැදවීමෙන් සිදුවූවකි. මීට අමතරව සුළු අනතුරු 36 ක් පමණ වාර්තා වී ඇතැයිද මාර්ගය බාර පොලිස් ඒකකය පවසයි.