අධිවේගිය ගුවන්
කටුනායක ගුවන් තොටුපොළට මොනෝ රේල්ලුවක්
අධිවේගිය ගුවන් තොටුපොළටම/ රථගාල් හෝටල් ඇතුළුව ගුවන් තොටුපොළ අළුත් වන විදිහ මෙන්න
කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී සිදුකිරීමට යන නව ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ විධායක අධ්යක්ෂවරයා කරුණු හෙළි කරයි.
මේ අනුව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ විධායක අධ්යක්ෂ, ජොහාන් ජයරත්න පැවසුවේ ගුවන් තොටුපොළ හන්දියේ 18 වන සැතපුම් කණුව අසල ප්‍රදේශයේ තට්ටු කිහිපයක රථ ගාලක් හා සුපිරි හෝටලයක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම රථගාල හා හෝටලය ස්ථාපිත කරන තැන සිට ගුවන් තොටුපොළ පර්යන්තය දක්වා කිලෝ මීටර් 2.2 ක දුරකින් යුක්තව දිවෙන පරිදි මොනෝ රේල් (MONO RAIL) සේවාවක්ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි ජයරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව, දැනට ඉදිවෙමින් තිබෙන කටුනායක අධිවේගී මාර්ගය ගුවන්තොටුපොළ පර්යන්තය දක්වා කනුමත දිවෙන මාර්ගයක් මගින් සම්බන්ධ කිරීමට සූදානමක් ඇති බවත් ගුවන් තොටුපොළ ටැක්සි සේවාව විධිමත් අයුරින් නියාමනය කර පවත්වාගෙන යාමට යෝජනා කර තිබෙන බවත් හෙතෙම පැවසීය.
කොළඹ පැවති ප්‍රවාහන සමුළුවක් අමතමින් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ දැනට ගුවන් තොටුපොළ තුළ තිබෙන තීරු බදු රහිත අළෙවිසැල් ප්‍රදේශයද තවත් වර්ග අඩි 7,500 කින් පුළුල් කිරීමට නියමිත බවයි.