අධිවේගි කිලෝ මීටරයට වෙන රටවලට වඩා තෙගුණයක් වියදම් කරනවා -නාස්තිය දූෂණය IMF හෙළාදකී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දූෂණයට එරෙහි වීමට ශ්‍රී ලංකාව වසර 50 කට ආසන්න කාලයක සිට උත්සාහ කළත් ශ්‍රී ලංකාවේ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා (30) නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගැයීම් වාර්තාවේ දැක්වේ.වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය 1975 වසරේ දී ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ අවංකභාවය නිරීක්ෂණය කිරීම සඳහා නීතිමය රාමුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට හඳුනාගෙන තිබූ බවට සාක්ෂි සපයන බව එම වාර්තාවේ සඳහන් වේ.ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම කාලයේ දී ලබා ගත් තොරතුරු මත මෙරටට තාක්ෂණික සහාය ලබාදීම සඳහා මෙම වාර්තාව සකස් කර ඇත. රාජ්‍ය පාලනයේ දී මතුවන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 16 ක් ද මෙම වාර්තාවට ඇතුළත් වී ඇත. මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් පෙන්වා දී ඇත.



    ශ්‍රී ලංකාවේ දූෂණය කෙතරම් ඔඩුදුවා ඇත්දැයි යන්න පිළිබඳවත් ඒ සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ගත් අනාගතයේ දී ගත යුතු ක්‍රියා මාර්ගත් පිළිබඳව මෙම වාර්තාවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා ලෝකයේ අනෙක් රටවල සාමාන්‍යයෙන් වැයවන මුදලට වඩා තුන් ගුණයක් වැය වන බව ද එම වාර්තාවේ සඳහන් වී ඇත. එසේම රජය සතු ව්‍යවසායන්හි ද දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටලු රැසක් මතු වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.රාජ්‍ය පාලනය සහ දූෂණ ක්‍රියා සම්බන්ධ ගැටලු ජාතික සහ සමාජ යහපැවැත්ම අඩාල කර ඇති බවත් රජයේ ඉහළ නිලධාරීන් දූෂණ ක්‍රියා කරමින් විනාශකාරී ලෙස හැසිරුණත් ඔවුන්ට දඬුවම් නොලැබෙන බව මෑත කාලයේ දී සාක්ෂි ලැබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා පිහිටුවනු ලබන කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ කොමසාරිස්වරුන් පත් කිරීම සඳහා සහායවීමට දූෂණ විරෝධී විශේෂඥයන්ගෙන් සමන්විත ස්වාධීන උපදේශන කමිටුවක් ලබන නොවැම්බර් මස වන විට පත් කළ යුතු බව එම වාර්තාවේ ඇතුළත් වන එක් නිර්දේශයකි.දූෂණ විරෝධී පනතට අදාළව නම් කරන ලද වෙබ් අඩවියක ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් ලබන වසරේ ජූලි මස වන විට ප්‍රකාශයට පත් කිරීම තවත් එක් නිදේශයකි.

    ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා නීති ලබන වසරේ දෙසැම්බර් මස වන විට හඳුන්වා දිය යුතු බව ද වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

    පාර්ලිමේන්තුවේ පෙර අනුමැතිය නොමැතිව අමාත්‍යවරුන් බදු සංශෝධන සිදු කිරීම වෙනස් කිරීම සඳහා නව බදු නීති හඳුන්වා දිය යුතු බවත්, අමාත්‍යවරුන්ගේ තීරණ හේතුවෙන් රජයට ආදායම අහිමිවීමක් සිදු නොවන බවට එමගින් වග බලාගත යුතු බවත් වාර්තාවේ ඇතුළත් තවත් එක් නිර්දේශයකි.ශ්‍රී ලංකා රජය අයවැයෙන් වෙන්කර ඇති වියදම් සීමා ඉක්මවීමත් අයවැයෙන් ඇස්තමේන්තු කර ඇති ආදායම රජයට එකතු කරගත නොහැකි වීමත් මූල්‍ය පාලනයේ ප්‍රධාන දුර්වලතාවයක් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. රජයේ විධායක අංශයට අයවැය සීමා ඉක්මවමින් වියදම් කිරීමට හැකියාව ලැබෙන විට රටේ දූෂණ ඇතිවීමේ අවදානමක් මතු වන බව ද එම වාර්තාවේ දැක්වේ.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාලනයේ තිබෙන දුර්වලතාවයක් ලෙස ලෙස බලධාරීන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බව ද එම වාර්තාවේ සඳහන් වේ.දේශීය ආදායම් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු තුළ නිලධාරීන් 2000 කට වැඩි පිරිසක් සේවය කළත් පසුගිය වසර කිහිපය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකුට විරුද්ධව දූෂණ චෝදනාවක් ගොනු වී නොමැති නමුත් එම දෙපාර්තමේන්තු තුළ දූෂණ ක්‍රියා සිදුවන බව ඇතැම් නිලධාරීන් පිළිගෙන ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.



    දූෂණ ක්‍රියා සම්බන්ධව 2019 වසරේ කළ අධ්‍යයනයක දී එම අධ්‍යයනයට සහභාගි කරවාගත් නියැදියෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසකට දූෂණය පිළිබඳ ඍජු අත්දැකීම් තිබූ බව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.රජයේ නිලධාරීන් බඳවා ගැනීමේ දී සහ රජයේ කොන්ත්‍රාත්තු පිරිනැමීමේ දී දූෂණ ක්‍රියා බහුලව සිදුවන බව ඉන් සියයට 85 කට වැඩි පිරිසක් ප්‍රකාශ කළ බව ද එම වාර්තාව පෙන්වා දෙයි. එම පිරිසෙන් සියයට 36 ක් රජයේ නිලධාරියකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් තවත් සියයට 35 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන අයුරු දැක ඇති බවත් එම අධ්‍යයනයේ දී හෙළි වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.


    විමුක්ති එස්. රුද්‍රිගු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    oka ohoma compare karana eka, eka paththakin werdi ban.

    lankawa wagema ratak ekka compare karana eka hari wenna puluwan,

    lankawai, middle east ratawal ekka compare karana giyoth weradi
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය රිපෝට් එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එත් ඔය කියල තියෙන එකක්වත් ආණ්ඩුවෙන් කරන්නෙ නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ලෝකෙන් උතුම් රට ලංකාවයි...//

    හොරකම, දුෂණය, වංචාව හා ආත්මාර්ථකාමී බව ඉහවහ ගිය රටක් කණපිට ගහන එක ලේසි නෑ ඕවා වෙනස් කරන්න ගිහාම විරෝදතා උද්ගෝෂණ ඔය බැරියර් කඩාගෙන යන්න කැමති ටීම් එකක් ඉන්නවද. අපි කාලාන්තරයක් තිස්සෙ ප්‍රශ්න ගැටළු එකතු කරලා තියෙන්නෙ. සුද්දො පෙන්නනකම් ඔය දේවල් දකින්නට තරම් බුද්ධිමය හැකියාවක් නොතිබුණ කියලා තමයි හිතෙන්නෙ.