අධිවේගී මාර්ග ආදායම කෝටි 10 පනී...🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    අධිවේගී මාර්ග ආදායම මෙන්න

    අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ.

    අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 11 සහ 12 දිනවලදී අධිවේගී මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවය.

    ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්ත අටදහස් අටසීයක ආදායමක් අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති බව සඳහන්ය.

    අ‍ප්‍රේල් 11 වන දින අධිවේගී මාර්ගයේ වාහන 163,541 ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති ආදායම 54,066,450ක් බව නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා සඳහන් කළේය.

    ඊට අමතරව අප්‍රේල් 12 වන දින අධිවේගී මාර්ගයේ වාහන 134,195ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් 4 7,012,350ක් බව සඳහන්ය.
     
    • Haha
    Reactions: monson