wesabandu ponnakoon ai hoyanne,,,,,,,,,,,,,,,,2023 වසරේ වැලිගම සිදුවීම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2023 වසරේ වැලිගම සිදුවීම

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයකින් මාතර වැලිගම ප්‍රදේශයට ගොස් මධ්‍යම රාත්‍රීයේදී W15 හෝටලය දෙසට වෙඩි තබා තිබිණි. එම හෝටලය එවකට ඌව පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුතාට අයත් එකක් බව කියැවිණි.

    මෙම වෙඩි තැබීම සිදුවන විට වැලිගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඇත්තේ වෙඩි තැබීම ගැන පොලීසියට ලද තොරතුරකට අනුවය. එම පොලිස් කණ්ඩායම අතර හමුදා සාමාජිකයකුද සිට ඇත. සිවිල් ඇඳුමින් ටී 56 අවිගත් එම කණ්ඩායම තමන් කවුරුන්දැයි හඳුන්වා දීමක් නොකර පොලිස් රථය දැක වෑන් රථයේ නැගී පලායන්නට පටන්ගෙන තිබේ.



    එහිදී එම වෑන් රථය පසුපස පැන්නූ වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් වෑන් රථය නතර කරන ලෙස සංඥා කළද එය නතර නොකර පොලීසියේ කැබ් රථයට වේට්ටු දමමින් වේගයෙන් පලායාමට පටන්ගෙන ඇත. එහිදී කැබ් රථයේ සිටි හමුදා සාමාජිකයා විසින් රථය නතරකර ගැනීමට වෙඩි තබා ඇතත් එය නොනවත්වා වේගයෙන් ධාවනයකර තිබේ.

    මේ ගැන පොලිස් රේඩියෝ පණිවුඩ මඟින් අවට පොලිස් ස්ථාන දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට යාමේදී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත. මෙහිදී එහි සිටි නිලධාරීන් තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව සඳහන් කරමින් ඉහළ පොලිස් නියෝගයකින් විශේෂ විමර්ශනයකට පැමිණ ඇති බව සඳහන් කරමින් පොලිස් පරීක්ෂාවෙන් ගැලවී කොළඹ බලා පිටත්ව යාමට සූදානම් වූවත් වෙඩි වැදී වෑන් රථයේ පිටුපස වීදුරුව බිඳී යාමත් අධික රුධිරය වහනය වෙමින් පුද්ගලයකු වෑන් රථය තුළ සිහිසුන්ව සිටීමත් හේතුවෙන් අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී ඔවුන්ට අධිවේගී මාර්ගයට ඇතුළුවීමට ඉඩනොදී මාතර රෝහලට තුවාලකරු ඇතුළත් කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබිණි. තුවාලකරු රෝහලට ඇතුළත් කරන විටත් අධික රුධිරය වහනය වීම හේතුවෙන් ඒ වන විටත් මියගොස් සිට ඇති බව එකල සඳහන් විය.

    විමර්ශනයේදී හෙළිවූයේ අදාළ හෝටලය දෙසින් කිසිදු වෙඩිල්ලක් එල්ලවී නැති බවයි. එවැනි වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට කිසිදු සාක්ෂියක් පවා සොයා ගැනීමට නොහැකි වී තිබිණි. W15 හෝටලය දෙසටම කොළඹ අපරාධ කොට්ඨාසයේ අවි එල්ලවී ඇති බව පෙනී ගොස් තිබිණි.

    හෝටලය දෙසින් එල්ලවූ වෙඩිල්ලක් සැරයන්වරයාට වැදුණු බව ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවසන්නට විය. එසේ හෝටලය දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී නම් පොලිස් යැයි සඳහන් කැබ් රථයකින් පොලිස් නිල ඇඳුමින් පොලිස් කණ්ඩායමක් පැමිණෙන විට පාතාල අපරාධකරුවන් පිරිසක් පලායන ආකාරයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පලාගියේ ඇයිදැයි පැනයට පිළිතුරක් එකල එම නිලධාරීන්ට නොවීය.

    විමර්ශනවලින් පැහැදිලිවම අනාවරණය වන්නේ පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ වෑන් රථය දෙසට හමුදා සාමාජිකයා විසින් කළ වෙඩි තැබීමෙන් සැරයන්වරයාට වෙඩි වැදී ඇති බවයි.



    කොළඹ අපරාධ කොට්ඨාසයේ වෑන් රථයට වෙඩි තැබීම අනීතික කටයුත්තක් බව පෙන්වමින් වෙඩි තැබූ හමුදා සාමාජිකයා සමඟ කැබ් රථයේ සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට දකුණේ පොලිස් බලධාරීන්ට ඉහළින් බලපෑම් එල්ලවී තිබිණි. ඊට කිසිදු නිලධාරියකු අවනත නොවූ බැවින් දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ උරණ වූ බලධාරීන් එම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමටද පියවර ගත්තේය. ඒ අනුව දකුණු පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පොලිස් ඇකඩමියට ස්ථාන මාරුකර යැවිණි.

    මෙම වෙඩි තැබීමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි බොහෝ දෙනකු පසුගිය කාලය පුරාවටම ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් රැසකට සම්බන්ධ අය බවත් මියගිය සැරයන්වරයා ඒ බොහෝ රහස් දැන සිටි අයකු බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් සිදුකළ අනීතික ක්‍රියා ගැන තමා හෙළිකරන බව මෙම සැරයන්වරයා බීමතින් සිටි අවස්ථා කිහිපයකදීම පොලිස් බැරක්කයේදී කෑගසා පවසා ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේම තොරතුරු අනාවරණය කළේය.

    වැලිගම සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති සැකකාර පොලිස් නිලධාරීන් 08 දෙනා අතර අනීතික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් කතාබහකට ලක්ව සිටින එම නිලධාරීන්ද සිටින බව සඳහන්ය.

    මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඔස්සේ කොළඹ සිදුවූ වෙඩිතැබීම් මෙන්ම පාතාල අපරාධකරුවන් ලෙස නිවාසවලට ගොස් පහරදීම්, අසූචි ප්‍රහාර එල්ලකිරීම් ඇතුළු බොහෝ අපරාධවල සැඟවුණු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේම නිලධාරීන් පවසයි.

    මේ අතර සිටින පොලිස් පරීක්ෂකවරයකු මේ වනවිටත් රටේත් නැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ හේතුව නිසා ඔහු සේවය අතහැර ගිය නිලධාරියෙකු ලෙස මේ වනවිට නම් කර සිටියි.
     

    Similar threads