අධිවේගී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනින් තැන වතුර පිරීමත්, රාත්‍රී කාලයේ දී පාර නොපෙනීමත් නිසා රිය ධාවනය අනතුරුදායක බව රියැදුරෝ කියති.

    මාර්ගයේ බොහෝ ස්ථානයන්හි දැඩි අඳුරක් පවතින බවත්, සේවා මධ්‍යස්ථානයේ පිහිටා ඇති වැසිකිලි පද්ධතියද දැඩි අපිහිරිදු තත්ත්වයක පවතින බවත් ඔවුහු පවසති.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ හැරෙන්නට රාත්‍රී කාලයේ අන් සියලු ස්ථාන දැඩි අඳුරේ පැවතියත් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණෙන බස්, ලොරි හා කන්ටේනර වලින් නිකුත් වන සැර ආලෝක ධාරා වෑන්, කාර් පදවන්නන් දැඩි අසීරුතාවයට පත්වීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩි බව ද රියදුරෝ කියති.

    ඒ බව කියන අය අතර වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතීඥවරු සහ ව්‍යාපාරිකයෝ ද වෙති.

    කිලෝමීටර විස්ස, විසිපහ, පනහ, හැට, හැට පහ ඇතුළු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයේ වතුර රැඳෙන ස්ථාන පවතින නිසා එම ස්ථානවල අනතුරු බහුලව සිදුවන බව අධිවේගී මාර්ග නිලධාරියෙක් කීවේය.

    කළු ගඟ හරහා ඉදි කර ඇති පාලම (ගාල්ල දෙසට) අඟල් කිහිපයක් ගිලා බැස ඇති නිසා කොළඹ සිට ගාල්ල දෙසට යන කුඩා වාහන රියදුරන් හිටි ගමන් වළකට වැටී යළි ගොඩ එන තත්ත්වයක් මේ මාර්ගයේ ඇති බව ද බොහෝ දෙනෙක් කියති.

    මාර්ගයේ ගැටළු ගැන අධිවේගී මාර්ග අධ්‍යක්ෂ (මෙහෙයුම්, නඩත්තු) එස් ඕපනායක මහතා මෙසේ කියයි.

    ‘මෙම මර්ගයේ වතුර රැඳෙන ස්ථාන හා අනෙකුත් අඩුපාඩු ඇති ස්ථාන හඳුනාගෙන තිබෙනවා. එම ගැටළු කොන්ත්‍රාත් සමාගමේ අවධානයට යොමු කර තිබෙනවා. ‘


    http://www.lankadeepa.lk/index.php/articles/342490
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ හැරෙන්නට රාත්‍රී කාලයේ අන් සියලු ස්ථාන දැඩි අඳුරේ පැවතියත් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණෙන බස්, ලොරි හා කන්ටේනර වලින් නිකුත් වන සැර ආලෝක ධාරා වෑන්, කාර් පදවන්නන් දැඩි අසීරුතාවයට පත්වීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩි බව ද රියදුරෝ කියති.


    මේ කථාවනම් පට්ට ඇත්ත..මටත් ඔහොම වෙලා තියෙනවා ඕන තරම්.ලයිට් නැති හයිවේ හැදුවහම ඔහොම තමා..