අනංග ජිම්නාස්ටික් සර්ගේ සේවය බාලිකා වි
සිසුන්ගේ අඟ පසඟ අතගෑ නඩුවක ඇප මත සිටින
අනංග ජිම්නාස්ටික් සර්ගේ
සේවය බාලිකා විදුහලකට අරගෙන
ජිම්නාස්ටික් පුහුණුව ලබාදෙන ගමන් අනවශ්‍ය ලෙස සිසුන්ගේ අඟ පසඟ අතගෑ තරුණ පුහුණුකරුවකු අධිකරණය ඉදිරියේ ඇප මත සිටියදී කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට ඔහුගේ සේවය ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇති බව එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පැවැසීය.
ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව විමර්ෂණ ආරම්භ කර ඇත. අදාළ ජිම්නාස්ටික් පුහුණු කිරීමේ ගුරුවරයා කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන විද්‍යාලයක සේවය කරමින් සිටියදී ලැබුණ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණය හමුවේ නඩු විභාගය සිදුවෙමින් තිබියදී අදාළ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයේ ජිම්නාස්ටික් පුහුණුව සඳහා ඔහුගේ සේවය ලබාගැනීම බරපතල ප්‍රශ්නයක් බවද ජාතික ළමාරක්ෂක අධිකාරිය කියයි.
දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන මෙවැනි ගුරුවරුන්ගේ සේවය ලබා ගන්නා විදුහල්පතිවරුන් කෙරෙහිද අවධානය යොමුව ඇත.
source

Last edited: