හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසලදී මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් වංගුවක් සහිත ස්ථානයක දී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටිමෙන් පෙර දින(30) පස්වරුවේ සිදුවු අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කෙරුනා.
යතුරුපැදිය සහ මෝටර් රථය එකිනෙක ගැටීමත් සමඟම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා තිබුනා.
යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමග මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති වෙළඳසැලක වහලය මත පතිත වී ඇති අතර යතුරුපැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල ඉඩමකට වැටී තිබුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට
මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - lasitha sandaruwan( Team 1st ) & Ashan Lakmuthu( horana )
#Accident1st