අනතුරක දී දෙකට කැඩෙන යානයක්...

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    අනතුරක දී දෙකට කැඩෙන යානයක්...

    ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක දී එහි මගීන්ගේ දිවි බේරාගත හැක ගුවන් යානයක් පිළිබද සංකල්පයක් ලෝකයට ඉදිරිපත් කර ඇත. මේ නව සංකල්පයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානයක් හදිසි අවස්ථාවක දී කඩා වැටීමේ හෝ වෙනත් හේතුවක් නිසා විනාශ වී යාමේ අවධානමක් ඇති අවස්ථාවක දී මගීන් සිටින කොටස ගලවා ඉවත්කර පැරෂුට් ආධාරයෙන් බිමට වැටීමට සැළැස්වීමයි
    .
    අදහස ඉදිරිපත් කරන ඉංජිනෙරුවන් පවසන්නේ මේ සංකල්පය ගුවන් මගීන් බේරාගැනීමේ වඩාත් සාර්ථක ක්‍ර‍මයක් වනු ඇති බවයි.

    දැනට අභ්‍යාවකාශ ගමන් වල දී රොකටයකින් මගීන් සහිත යානා වෙන් කිරීමේ තාක්ෂණය මේ සදහා යොදා ගැනීමට අපේක්ෂිතය යානයේ මගීන් සිටින කොටසේ පත්ල රබර් යොදා නිෂ්පාදනය කිරීමටත් එමගින් පොළොවට පතිතවන අවස්ථාවක දී ඇතිවන කම්පනය අවමකිරීමටත් මුහුදට පතිතවන්නේ නම් මුහුදු ජලතල මත පාවීමේ හැකියාව ඇති කිරීමටත් යෝජනා කර ඇත.



    මගී මැදිරියේ ඉහළ සවිකර ඇති විශාල පැරෂුට් හදිසි අවස්ථාවක දී එම මැදිරිය වෙන්කළ විට ක්‍රියාත්කවන ආකාරයෙන් මේ සංකල්පය ඉදිරිපත් කර ඇත. ඉදිරි වසර කිහිපයේ දී මෙවැනි ගුවන් යානා නිෂ්පාදනය කර මගී ප්‍ර‍වාහනය සදහා එක්කිරීමට නියමිතය.


    සංකල්පය ඉදිරිපත් කරන ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරු ව්ලැඩිමීර් ටටරෙන්කෝ හා ලිව්ලීක් යන දෙදෙනා පවසන්නේ මෙතෙක් සිදුවූ ගුවන් අනතුරුවලින් මගීන් විශාල වශයේ මියගිය ද ඉදිරියේ දී මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමත් සමග මරණ අවමකර ගැනීමට හැකි බවයි.



    New-Plane-1.jpg
    New-Plane-2.jpg
    New-Plane-3.jpg
    New-Plane-4.jpg
    New-Plane-5.jpg
    New-Plane-7.jpg
    New-Plane-8.jpg
    New-Plane-9.jpg


    Source : Lankadeepa
     
    • Like
    Reactions: awjas2621

    Similar threads