අනතුර

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    screenshot-4.png

    මම මේක දැක්ක bolg එකකින්. මේ තියෙනේ එක ගැන පල වුන ලිපිය.
    මේක බැලුවම එපා වෙනවා.
    මම දන්නේ නැහැ අයි මේක දෙමලෙන් හරි English වලින් හරි ගැහුවේ නැත්ත ඇයි කියල.
    මුන් හදන්නේ අහිංසක සිංහල ගහනුන්ව විකෘර්ති ලිංගික අවස්ථාවකට යොමු කෙරීමටද
    මේක ගැන මේ blog එක ලියපු කෙනත් අදහස් දක්වල තිබුන.
    අපිව අන්දන අයගේ ඇන්දවිල්ල පෙන්නන්න . .



    ගත්තේ මෙතනින්



    මිනිසා ද්වි රූපික සත්වයෙකි. එනම් ස්ත්‍රී හා පුරුෂ යන දෙයාකාරයකට ලිංග විභේදනය වේ. සිය පරපුර පවත්වා ගැනීම සියලුම සත්ව වර්ගයාගේ මූලිකම ජීවී අවශ්‍යතාවයක් වන අතර, ඒ සඳහා වන ලිංගික එක්වීමට ඔවුනොවුන් අතර ආකර්ෂණය හේතුවේ. පහළ සතුන්ගේ මේ ක්‍රියාව ෆෙරමෝන මගින් ක්‍රියාත්මක වුවද මිනිසාගේ ඒ සඳහා වෙනත් කාරණා බලපායි. ඒ කෙසේ වතුදු, මිනිසා අවශ්‍යයෙන්ම විෂම ලිංගික චර්යා ඇති සත්වයෙකි. සමලිංගිකතාවය, ශිෂ්ටාචාරයේ අතීතය තරම්ම ඈතට විහිදී යයි. ඇතැම් ආගම් හා සංස්කෘති මගින් සම ලිංගිකත්වය මරණයෙක් කෙළවර වන වරදක් කර තිබූ අතර, ලංකාවේ සංස්කෘතිය තුල එය අනුමත නොවූ තත්වයක පමනක් පැවති අතර ඒ වෙනුවෙන් දඬුවම් දීම සිදු වූයේ නැත. සම ලිංගික චර්යාව කොතරම් පැරැනිද කිවහොත්, එය ලිංකික මනෝ විද්‍යාතමකව රෝගයක් ලෙස සලකනවාද යන ප්‍රශ්නය පවා ඇසීමට සිදුවේ. මේ අනුව ලිබරල්වාදී නවීන ලෝකය තුල සම ලිංගිකත්වය යනු වෙනස් ලිංගික ආකර්ෂණයක් ලෙස පිළි ගනු ලබයි.

    වර්තමාන ශ්‍රී ලංකාව තුල සම ලිංගික ඇසුර බොහෝ දුර පැතිරී ගිය එකකි. නමුත් වෙනත් රටවල මෙන් නොව අප රටේ මේ සඳහා ක්‍රියාත්මක වන්නේ අතිශය සහනශීලී ප්‍රතිපත්තියකි. එය නිවැරදි බව නිර්-රාමුද අදහයි. නමුත් ඔබේ සැරයටිය වැනීමේ නිදහස ම්ගේ නාසය ඇති තැනින් කෙළවර වන්නා සේ සම-ලිංගික ඇසුර පිළිබඳ සීමා ද තිබිය යුතුය. ජීවී විශෙෂයක ප්‍රමුඛ කාර්යයක් වන්නේ තම වර්ගයා බෝ කිරීම බව අප කලින් සඳහ්න් කළෙමු. නමුත් සම ලිංගිකතාවය මෙම කාරණයට කිසිදු පිටිවහලක් නො සපයයි. එනම් එය ඵලදායී නොවන ලිංගික සම්බන්ධතාවයකි. එනිසා සම ලිංගිකතාවය වැඩිවීම යනු විෂේශයක සඵලතාවය අඩු වීමකි. මේ කරුණු සිත තබා ගෙන අපි පහත දැක්වෙන දන්වීම සලකා බලමු.

    සම ලිංගිකතාවය යනු ලාංකීය සමාජය තුල නිදහසේ සිදුවන ක්‍රියාවක් වන අතර එය අපරාධයක් ලෙසද නොසැලකේ. නමුත් එය ගීත ගැයීමට, රසකතා ගෙතීමට හෝ ප්‍රචලිත කිරීමට සුදුසු වන්නක් නොවේ. මන්ද එය ඵලදායී නොවන ලිංගික ක්‍රියාවලියක් බැවිණි. සමලිංගිකයන් එසේ සිටියාට අපට කමක් නැත. ඔවුන්ගේ ලිංගික අයිතිය ට අපට ඇඟිලි ගැසීමට නොහැකිය. නමුත් සම ලිංගිකත්වයට වෙන අයවලුන් පෙළඹවීමට එම නිදහසම ඔවුන්ට ඇතැයි සිතනවා නම් එය වැරැද්දකි. ඉහත දැන්වීමේ කියන පරිදි ඔවුන් “සංක්‍රාන්තියේ” සිටින කාන්තාවන් ඒ සඳහා දිරි ගැන්වීම සිදු කරයි. සම ලිංගිකතාවය හා ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන මෙයට වඩා සමාජය දැනුවත් විය යුතු බව නිර්-රාමු අදහයි. නමුත් එය අසාමාන්‍ය හැසිරීමක් බවත් ඒ සමගම තේරුම් ගත යුතු වේ.

    ශ්‍රී ලංකාව සාඵල්‍යතාවය අතින් දැන් සිටින්නේ 2.3ක් පමණ වූ ඉතා අඩු අගයකය. සම ලිංගිකතාවය පැතිරීම තුලින් ඉකමණින්ම මෙය 2.1ට වඩා අඩුවිය හකිය. 2.1 ට වඩා අඩුවීම, ජනගහණය අවප්‍රමාණ වීමට බලපාන්නකි. සාඵල්‍යතාවය 2.0 ට වඩා අඩු වුවහොත්, එම ජාතිය වඳවී යාම නැවැත්විය නොහැකි වනු ඇත. සම සෙනෙහසට ඇති ඇගේ අයිතියට අපි ගරු කරමු. නමුත් තවත් අයෙකු මේ ඵලදාලී නොවන ක්‍රියාවට පෙළඹවීමට අයිතියක් ඇතැයි යන්නට අපි එකඟ නොවෙමු.



    මෙහෙම ගියොත් ඉස්සරහට සිංහල දරුවෙක් හදන්න අම්ම කෙනෙක් නැතිවෙයි
    සමලිංගිකත්වය කෙනෙකුගේ අයිතියක් වෙන්න පුළුවන්.:angry::angry::angry::angry:
    එත් තව කෙනෙක්ව පෙළඹවීම ?????????????????
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක ගැන ඔයාලගේ අදහස් කියන්න.
    දන්නා අය ඉන්නවනම් වැඩිදුර දැනුවත් කරන්න
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙහෙම ගියොත් ඉස්සරහට සිංහල දරුවෙක් හදන්න අම්ම කෙනෙක් නැතිවෙයි
    සමලිංගිකත්වය කෙනෙකුගේ අයිතියක් වෙන්න පුළුවන්.:angry::angry::angry::angry:
    එත් තව කෙනෙක්ව පෙළඹවීම ?????????????????

    පිරිමින්ටත් මේක අදාලයි... :nerd::nerd:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙහෙම ගියොත් ඉස්සරහට සිංහල දරුවෙක් හදන්න අම්ම කෙනෙක් නැතිවෙයි
    සමලිංගිකත්වය කෙනෙකුගේ අයිතියක් වෙන්න පුළුවන්.:angry::angry::angry::angry:
    එත් තව කෙනෙක්ව පෙළඹවීම ?????????????????

    පිරිමින්ටත් මේක අදාලයි... :nerd::nerd:

    :yes::yes::yes::yes:
    ඔවු බන් එත් මෙතන මේ poster එකේ highlight කරලා තියෙන්නේ කාන්තාවන් නේ
    මේපාර උන්ගේ women's day theme එකලු