අනන්ත_වූ_පිවිතුරු_ආදරය
වේලාව රාත්රී 12 පසු වී ඇත. මුළු නගරයම නිසලය. සිහින් ලෙස ඇද වැටෙන වැහි පොදක් ඒ නිහඬබව බිද දැමීමට ද, දහවල තිස්සේ හිරු රැස් නිසා විඩා බර වූ මහ මඟට සිසිලක් ලබා දීමට ද වෙර දරයි.මේ වැහි බිදු ඒ මත පතිත වීමටද මත්තෙන් දුමාරයක් ලෙසට අහසට නික්ම යන්නේ මිනිස් ආත්මයන් පරිද්දෙනි.
සිහින් වූ හඬකින් ඇරඹි ඒ නාදය වැහි බිදු හඬ අභිබවමින් නිහඩබවද,ඒකාලෝක වූ ආලෝක දහරාව පරිසරයේ වූ අඳුරු බවද බිඳ දමයි.
ඒ පමණ ඉක්මවූ වේගයෙන් ඉදිරියට ඇදෙනා මෝටර් සයිකලයකි.ගීත කන්ඩයක් මුමුණමින් පැමිනෙන සයිකල් කරුවෙකි. ඔහුට පිටුපසින් තම කෙස් කළඹ ගුවනට විහිදුවාලමින් පැමිනෙන්නා වූ දෙවැන්නිය සිය පෙම්වතිය යැයිද සිතිය හැක.
තෙහෙට්ටුවී ඇති ඇගේ මුහුනින් පිලිඹිබු වන්නේ පමණ ඉක්මවූ වේගය ඇයට පීඩාකාරී ලෙස බලපා ඇති බවයි.සයිකල් කරු ඇය ගැන කිසිදු තැකිමක් නොදක්වයි. ගීතය කෙරෙහිම හිත යොමුව ඇති ඔහු කෙරෙහි වූ සිත් වේදනාවෙන් ඇය පසුවන බවක් පෙනේ.ඇයගෙ හිත තුල පැන නැඟී තිබූ ආදරය,වෛරය,නොසතුට මේ සියල්ලම නිහඩ කරවමින් ඔහුගේ හඬ අවදි වෙයි.
"මේ හෙල්මට් එක දාගන්න"
තම හිස මත වන හෙල්මට්ටුව ගෙන එය හිස ලා ගන්නා ලෙස කාරුණික වන ඔහුගේ වදන් ඇය හිත තුළ ඇති කළේ වේදනාත්මක හැඟීමකි.දැන් ඔහු ඇය හා පමනක් නොව ඇයගේ කෙස් කළඹ හා ද උරන වී ඇත.එය පිලි නොගෙන මුරන්ඩු වූ ඇය කෙරෙහි නැවත ඔහුගෙන් යොමු වන්නේ කාරුණික බවින් තොර ආදරය පමණක්ම ගැබ් වූ වදනකි.
"මගේ ආදරේ නාමෙන් මේ හෙල්මට් එක දාගන්න"
ඇස් වලින් රූරා වැටෙන කඳුලින් ඔහුගේ වදන් හා එකඟ වූ ඇය සිතින් ඔහු හට සාප කලා විය හැක.ඔවුන් දෙදෙනාගේ දර්ශනය කෙමෙන් ඉවත්ව යයි.
පසු දින උදෑසන,
පුවත්පතකින් උපුටා ගන්නා ලද කොටසකි.
“පෙර දින රාත්රී 2ට පමන වේගය පාලනය කර ගත නොහැකි වූ මෝටර්සයිකලක් අනතුරකට මුහුනපා ඇත.වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අසල වූ ගසක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර,අනතුර සිදුවූ ස්ථානයේම පදවන්නාගේ හිසට සිදු වූ දරුණු හානි නිසා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.වැඩි දුරටත් සිදු කරන ලද පරීක්ෂණ වලදී අනතුරට හේතුව මෝටර්සයිකලයේ තිරිංග පද්ධතිය ක්රියා විරහිත වීම බව සොයා ගන්නා ලදි. පදවන්නා හට එය සැල වූ වහාම මෝටර්සයිකලය නවතා ගැනීමට පරිශ්රමයක් දරා ඇති බවටද,එදින රාත්රියේ පැවති මඳ වැසි ගතිය ඔහුට බාධා වන්නට ඇති බවටද සැක පහළ කෙරේ.
අනතුර සිදු වූ ස්ථානයට තරමක් දුරින් සිහිසුන්ව බිම වැටි සිටි තරුණියක් සොයා ගැනුන අතර මෝටර්සයිකලයේ ගමන් ගත් දෙවැන්නකු ලෙස සැලකිය හැකි බවද හිස් ආවරණය පැළඳ සිටීමෙන් ඇයගේ තත්ත්වය දරුණු නොවන බවද රෝහල් ආරංචි මාර්ග තහවුරු කර ඇත.”ඇයගේ හිසෙහි හිස් වැස්මක් තිබීමටත් පදවන්නා සතුව නොමැති වීමත් පිළිබඳ කරුනු විමසීමට ඇය යථා තත්ත්වයට පත් වන තුරු අපි බලා සිටිමු.”
Rep oonee

Last edited: