අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වාගන්නේ කොහො&
සාමාන්‍යයෙන් යුවලකගේ කායික සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට දරුවෙක් බිහිවුනත් දෙදෙනෙක් මව්පියන් බවට පත්වෙන එක හොඳින් සිතාමතා ගතයුතු තීරණයක්. මොකද දරුවෙක්ට මේ ලෝකෙට බිහිවී වැඩෙන්නට අවශ්‍ය ආර්ථික, සමාජයීය වටපිටාවක් පවුල තුල තිබිය යුතුම නිසා.
ඒ වගේම තමයි දෙමව්පියන් පවා මානසිකව,කායිකව මව්පියන් වෙන්නට හැකි තත්වයක සිටිය යුතුයි. එහෙම නැතිව දරුවන් මේ ලෝකයට බිහිවීමෙන් බොහෝවිට දුක් විඳින්නේ අහිංසක දරුවන්ම තමයි. ඒ වගේ දුරදිග නොසිතා දරුවන් බිහිකිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවදානම් ගබ්සාකිරීම්, දරුවන් මගතොට දමා යාම වගේ ඛේදනීය සිදුවීම් වාර්තා වෙන්නේ. ඒ නිසා අනපේක්ෂිත ගැබ් ගැනිම් වැළැක්වීම ඉතාම වැදගත්.
අනපේක්ෂිත ගැබ්ගැනීමක් කියන්නේ ඔබ මව් පියන්වීමට සූදානම් නැති මොහොතක අපේක්ෂා නොකල ආකාරයෙන් ගැබ්ගැනීමක් සිදුවීමයි. ඒ කියන්නේ ලිංගික තෘප්තිය උදෙසා සිදුකරන කායික එක්වීමකදී අනාරක්ෂිතව ලිංගිකව එක්වීම නිසා (උපත් පාලන ක්‍රමයක් අනුගමනය නොකර) පුරුෂ ශුක්‍රාණු කාන්තාවගේ ගර්භාෂයට එක්වීම සිදුවීමයි. මෙය ගැබ්ගැනීමක් දක්වා යන්නට පෙර වළක්වාගැනීම ගැනයි මේ කතාකරන්නේ. මෙය හදිසි උපත් පාලන ක්‍රම මගින් වළක්වාගන්න පුළුවන් (Emergency Contraception)
ඔබට කරන්න තියෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව පැය 72 ක් ඇතුලත Levonogestrel මිලිග්‍රෑම් 0.75 ක් අඩංගු පෙති පැකට්ටුවකින් (ලංකාවේ පොස්ටිනෝර් 2 නමින් හඳුන්වන්නේ මෙයයි) එක් පෙත්තක් භාවිතා කර ඉන් පැය 12කට පස්සේ තව පෙත්තක් ගත යුතුයි. නැත්නම් පෙති දෙකම එකම වෙලාවක ගන්නත් පුළුවන්. නමුත් වඩාත්ම සාර්ථක මුලින් කියපු ක්‍රමයට පැය 12ක කාල අන්තරයක් ඇතුලේ පෙති දෙකම ගැනීමයි.
එහෙමත් නැත්නම් පැය 72ක් ඇතුලත Levonogestrel මිලිග්‍රෑම් 1.5 අඩංගු එක පෙත්තක් (ලංකාවේ මෙය හඳුන්වන්නේ පොස්ටිනෝර් 1 නමින්) භාවිතා කිරීමත් කරන්න පුළුවන්.
ඊට අමතර මේ වනවිටත් සාමාන්‍යයෙන් භාවිතා කරන උපත් පාලන ගිලින පෙති (මිතුරි) දිනපතා භාවිතා කර හුරුපුරුදු කාන්තාවන් (එහෙම නැතත් ගැටළුවක් නෑ) මිතුරි පැකට්ටුවකින් පෙති 4ක් පැය 72ක් ඇතුලත භාවිතා කර නැවත පැය 12කට පස්සේ තවත් පෙති 4ක් පාවිච්චි කිරීමෙන් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වාගන්න පුළුවන්.
සාමාන්‍ය පිළිගැනීම තමයි හදිසි උපත් පාලන පෙති නිතර ගැනීම සුදුසු නෑ කියන එක. මොකද ඒවායෙන් අධික විදිහට හෝර්මෝන ශරීරයට එක්කරන නිසා දිගින් දිගටම භාවිතා කිරිමෙන් විවිධ සංකූලතා ඇතිවිය හැකි නිසායි. ඒ නිසා හදිසිම අවස්ථාවක විතරක් Levonogestrel පෙති (පොස්ටිනෝර්) ගැනීමට මතක තියාගන්න ඕන.
ඒ වගේම මේ පෙති වර්ග අනාරක්ෂිත ලිංගික එක්වීම අවසන් කල පසු හැකි ඉක්මණින් ගතහොත් තමයි වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ. කල් ගතවෙන්න වෙන්න සාර්ථක ලෙස ගැබ් ගැනීම වළක්වාලීම සිදුවන්නේ නෑ. ඒ වගේම මේ පෙති කිරි දෙන මව්වරුන්ට පවා භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් මොනවාමහරි ගැටලුවක් ඇතිනම් ඔබට 011 2 588 488 දුරකතන අංකයෙන් විශේෂ විමසීම් කරලා උපදෙස් ලබාගන්න පුළුවන්.
උපුටා ගැනීම - www.her.lk