අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර්



    අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර්

    මොකක්ද මේ අන්ඩර් ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් කියන්නේ?

    අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් කියන්නේ වාහනයක් වංගුවක වගේ ධාවනය කිරීමේ දී එක්කෝ ඉදිරිපස රෝද හරි පිටුපස රෝද හරි ලිස්සායාමට සම්බන්ධ ලක්ෂණයක් කියලා සරලව හඳුන්වන්න පුලුවන්.අධික අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් තත්වයන් හේතුවෙන් වාහනයේ පාලයන නැතිවෙලා යන්න පුලුවන්.ලිස්සන සුලු මාර්ගවල වාහනයක් ධවනය කරලා තියෙනවා නම් මේ ලක්ෂණ අත්විඳ තියෙන්න පුලුවන්.හැබැයි වියළි මාර්ග වල මේ ගති ලක්ෂණය තරමක් අඩු අතර වාහනය තල්ලුවීයාම සීමා වෙලා යම් තරමක පාලනයක් ඇ‌ති වෙන්න පුලුවන්.

    ඒ‌ කොහොම වුණත් බොහෝ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් සහ ෆෝර්වීල් ඩ්‍රයිව්/ඕල් වීල් ඩ්‍රයිව් වාහන වල අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් ප්‍රවණතාවය වඩාත් සුලබව දකින්න පුලුවන්.වැඩි බලයක් සහිත කාර් වල අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් තත්වය තවත් වැඩිපුර දකින්න පුලුවන්.බොහෝ නවීන වාහන වල වාහනය ලිසිසායාම පටන්ගනකොට වෙහිකල් ස්ටැබිලිට් කොන්ට්‍රෝල්(VSC)සිස්ටම් එක ක්‍රියාත්මක වෙලා වාහනයේ ස්ථාවරත්වය පාලනය කරනවා.කොහොමද ඒ‌ක කරන්නේ?ඒ‌ගැන දැනගන්න කලින් අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් කියන්නේ මොකක්ද කියලා තවටිකක් හරියටම දැනගෙන ඉමු.

    වාහනයක් වංගුවක ධාවනය වීමක දී ස්ටීරියන් වීල් එක වංගුව ඇ‌තුල් පැත්තට කපලා තිබුණත් වාහනයේ ඉදිරි පස වංගුවෙන් පිටත දෙසට කෙලින්ම ඉදිරියට ඇ‌දීයාමට කියනවා අන්ඩර් ස්ටීරියර් කියලා.ගොඩක් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහන මේ අන්ඩර්ස්ටීරියර් කියන තත්වයට වැඩි පුර ගොදුරැවෙනවා.ඒ‌කට හේතුව තමයි ඉදිරිපස රෝද වලටම බලය සැපයීම නිසා රෝද එක තැන කරකැවීම හේතුවෙන් ග්‍රහණය නැතිවීම.උදාහරණයක් විදිහට වාහනවයේ ටයර් වල මඩ හරි හිම හිරිවෙලා තියෙනවා නම් ස්ටීරියන් එක පැත්තකට කපලා අල්ලගෙන හිටියත් වාහනය කෙලින් ඉදිරියට ඇ‌දීයාම දක්වන්න පුලුවන්.

    එතකොට මොකක්ද මේ ඕවර්ස්ටීරියර් කියන්නේ?වාහනයක් වංගුවක ගමන් කිරීමේ දී වාහනයේ ඉදිරි පස වංගුව ඇ‌තුල් පැත්තට හැරිලා වාහනයේ පිටු පස වංගුවෙන් පිටත ඇ‌දීයාමට කියනවා ඕවර්ස්ටීරියර් කියලා.

    වැසි,මඩ හෝ හිම තත්වයන් නැති එදිනෙදා ධාවනයේ දී මේ ඕවර්ස්ටීරියර් වීමට තියනෙ ඉඩ කඩ ගොඩක් අඩුයි.ඒ‌ත් ඒ‌වගේ අවස්ථාවක ෆෝර්වීල් /ඕල් වීල්-ඩ්‍රයිව් වාහනවල පිටුපස වංගුවකදී ඉවතට ලිස්සායාමට හැකියාව තිබුණත් ට්‍රැක්ෂන් සහ ස්ටැබිලිටි කොන්ට්‍රෝල් ක්‍රියාරිත්වය නිසා ඒ‌ තත්වය අවම වෙනවා.

    ෆෝර්වීල්/ඕල් වීල්-ඩ්‍රයිව් වාහන අන්ඩර්ස්ටීරියර් සහ ඕවර් ස්ටීරියර් කියන තත්වයන් වලින් නිදහස් වෙන්නේ නහැ.ඒ‌ත් මේ වාහන වල රෝද හතරෙන්ම ග්‍රහණය තියාගන්න පුලුවන් නිසා ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනයකට වඩා පහසුවෙන් නැවත පාලනය ලබාගැනීමේ හැකියාව තියෙනවා.

    දැන් බලමු මේ අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් තත්වයන් පාලයනය කරන්න මේ වෙහිකල් ස්ටැබිලිටි කොන්ට්‍රෝල් සිස්ටම් එක උදව් වෙන්නේ කොහොමද කියලා.

    උදාහරණයක් විදිහට වාහනය දකුණු පැත්තට වංගුවක් ගන්නකොට අන්ඩර්ස්ටීරියර් තත්වයක් ඇ‌තිවෙලා වාහනය වංගුවෙන් කෙලින්ම ඉදිරියට යනවා කියලා හිතුවොත් මේ වගේ වෙලාවට වාහනයේ වෙහිකල් ස්ටැබිලිටි කොන්ට්‍රෝල් සිස්ටම් එක ක්‍රියාත්මක වෙලා වාහනයේ පිටු පස දකුණු රෝදය(වංගුව ඇ‌තුල් පැත්තේ තියෙන පිටු පස රෝදය)ට බ්‍රේක් බලයක් සපයලා වාහනය වංගුව ඇ‌තුලට හැරිලා ගමන් කිරීමට උදව් වෙනවා.

    වාහනය දකුණු පැත්තට වංගුවක් ගන්නකොට ඕවර්ස්ටීරියර් තත්වයක් ඇ‌ති වුණොත් වාහනයේ ඉදිරි වම් පැත්තේ රෝදය බ්‍රේක් කරලා වාහනය වංගුව ඇ‌තුලට හැරීමට සලස්වලා වංගුව ඇ‌තුලේ නිවැරදිව ධාවනය කීරීමට රියදුරාට උදව් වෙනවා.

    ඒ‌ වගේම වාහනය වම් පැත්තට වංගුවක් ගන්නකොට අන්ඩර්ස්ටීරියර් තත්වයක් ඇ‌ති වුණා කියලා හිතුවොත් ස්ටැබිලිට් කොන්ට්‍රෝල් සිස්ටම් එක මගින් පිටු පස වම් පැත්තේ රෝදයටත් ඕවර්ස්ටීරියර් තත්වයක දී ඉදිරිපස දකුණු රෝදයටත් බ්‍රේක් බලය සැපයීමෙන් වාහනය වංගුව තුල නිවැරදිව ධාවනය කිරීමට උදව්වෙනවා(පහත රෑප සටහන් බලන්න)

    ඒ‌ කොහො වුණත් මේ අන්ඩර්ස්ටීරියර් සහ ඕවර්ස්ටීරියර් තත්වයන් පාලනය කිරීම සඳහා රියදුරා විසින් ද අවශ්‍ය ආ‌කාරයට වාහනය හැසිරවීම සහ පාලනය කිරීම සිදුකල යුතුවෙනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    01/03/2017