අන්තරයේ සිංහල විරෝධය හෙළිවීම!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අන්තරයේ සිංහල විරෝධය හෙළිවීම!

    13775778_1132059330173852_5783372109970778538_n.jpg

    දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වින්තන් කනගරත්නම්ගේ ප්‍රකාශයක්‌ පසුගිය සතියේ කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ පළකර තිබුණි. යාපනය නාගදීප විහාරයේ ඉදිකිරීමට යෝජිත අඩි 67 ක්‌ උසැති බුදු පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් නිරන්තරව විරෝධය පළකරන මෙම පළාත් සභා මන්ත්‍රීවරයා මෙවර ප්‍රකාශ කර තිබුණේ මෙම පිළිමය උතුරේ දෙමළ ජනතාවට පමණක්‌ නොව තමිල්නාඩුවේ වෙසෙන මිලියන 70 ක්‌ වූ දෙමළ ජනතාවටත් තර්ජනයක්‌ බවයි. නාගදීපයේ අඩි 67 ක්‌ උසැති බුදු පිළියමක්‌ නිසා තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ සංස්‌කෘතියට හෝ අනන්‍යතාවයට හානියක්‌ වන්නේ යෑයි පැවසීම අතිශය මුළාවකි. එහෙත් මේ සියල්ල හරහා පෙනී යන්නේ දෙමළ සන්ධානය තුළ පවත්නා උග්‍ර බෞද්ධ විරෝධය නොවන්නේද?

    යාපනය විශ්වවිද්‍යාලය තුළ පවත්නා සිංහල විරෝධය මෙන්ම සිංහල සංස්‌කෘතියට එරෙහි ඇති වෛරය හොඳින්ම අවබෝධ වූයේ එහි විද්‍යාපීඨයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය අතුරතුරදී සිදුවූ ගැටුමෙනි. මෙම ගැටුමෙන් තුවාල ලැබූ මධුරංග ශිෂ්‍යයා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ බහුතරය සිංහල ශිෂ්‍යයන් වීම විශේෂය. එනිසාම මෙම පීඨය සිංහලකරණය වීම යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිටින කොටි හිතවාදීන්ට බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇත. උඩරට වෙස්‌ නැටුමට එරෙහිවන ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ යාපනය සරසවිය තුළ අධ්‍යාපනය ලබන්නේ නම් ඔවුන්ගේ සිංහල විරෝධය අපට හොඳින්ම අවබෝධ කර ගත හැකිය. ඉතාම දරුණු ලෙස යුද්ධය පැවැති කාලයේදී හෝ මෙරට කිසිම විශ්වවිද්‍යාලයක ජාතිවාදී ගැටුම් ඇතිවූයේ නැත. දකුණේ කිසිම විශ්වවිද්‍යාලයක සිංහල සිසුන් දෙමළ සංස්‌කෘතියෙහි අනන්‍යතාවයට අගෞරව කළේ නැත. එම සංස්‌කෘතික උත්සවවලට බාධා කළේ නැත. නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවන්නේ කුමක්‌ද? මෙය මුදා නොගත් ප්‍රදේශයක්‌ද? එහි සිංහල සිසුන්ට තම සංස්‌කෘතික අනන්‍යතාව විදහාපෑමට ඉඩ නොදෙන්නේ දෙමළ නාසිවාදය හොල්මන් කරන නිසාද?

    මෙම ගැටුම සිදුවූ වහාම කොටි හිතවාදී ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය සාවද්‍ය ප්‍රචාර පළකර තිබිණි. එහි සඳහන් වූයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහාය ඇතිව සිංහල ශිෂ්‍යයන් විසින් දෙමළ ශිෂ්‍යයන්ට පහරදී ඇති බවය. විවිධ වැරදි ප්‍රචාර යාපනය ශිෂ්‍ය ගැටුමට පසුව පළවූ බව පැහැදිළිය. එහෙත් දකුණේ විශ්වවිද්‍යාලයකදී සිංහල සිසුන්ගේ ප්‍රහාරයකට දෙමළ ශිෂ්‍ය පිරිසක්‌ ගොදුරු වූවානම් රටේ තත්ත්වය කුමක්‌ වන්නේද? සහජීවනය වෙනුවෙන් කතා කරන අය කෙළින්ම විපතට පත්වූවන්ගේ දුක බැලීමට යනු ඇත. රජය පමණක්‌ නොව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවා මේ ක්‍රියාව හෙළා දකිමින් නිවේදන නිකුත් කරනු ඇත. එහෙත් යාපනයේදී අගතියට පත්වූයේ සිංහල සිසුන් නිසා බොහෝ දෙනකු නිහඬය. ශිෂ්‍ය අසාධාරණය ගැන නිරන්තරව කෑගසන කළු පටි බැඳගෙන කොටුව දුම්රියපළ ඉදිරිපිට රඟන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය සිංහල සිසුන් ගුටිකෑම ගැන මාරාන්තික නිහඬතාවක පසුවේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ගැටුම ජාතිවාදී ගැටුමක්‌ ලෙස හුවා නොදක්‌වන ලෙසයි. හදිසියේ යාපනය ගැටුම සිංහල ශිෂ්‍යයන් විසින් ඇති කළා නම් අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ප්‍රමුඛ පෙරටුගාමී බළකාය මරහඬ තලනු ඇත. කොළඹ කොටුවේදී පීඩිත දෙමළ ශිෂ්‍යයන් වෙනුවෙන් ඉකිබිඳ හඬනු ඇත. නමුත් යාපනයේ සිංහල සිසු අයිතිය වෙනුවෙන් මොවුන් නිහඬය. අන්තරේ කුහකකම හෙළිවන්නේ මෙවිටය. සිංහල විරෝධී මේ රතු වෘකයන්ගේ දේශපාලනය විශ්වවිද්‍යාලවලින් පිටමං කළ යුතුය. විශ්වවිද්‍යාලයක බෞද්ධ සංගමයක්‌ හෝ පිහිටුවීමට ඉඩ නොදෙන මොවුන් මීට වසර කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට වෙසක්‌ තොරණක්‌ ඉදිකර තිබූ අවස්‌ථාවේත් එයට බාධාවන ආකාරයට උපවාසයක නිරත වූ අයුරු අපට අමතක නැත. මේ කණ්‌ඩායම සමඟ සමහර ශිෂ්‍ය භික්‍ෂූන්ද එක්‌ව සිටීම මගින් ශාසනයේ ඉදිරිය ගැනත් අපට බරපතළ කම්පාවක්‌ ඇතිවේ. බුදුන්ට වඩා ඉදිරියෙන් කුමාර් ගුණරත්නම් තබාගත නොහැකි බව මොවුන් දත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව පැය ගණන් පෙළපාලි යන මොවුන් රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන්ගේ ඉදිරි මග අහුරති. කවරක්‌ නමුත් යාපනයේ ගැටුමත් සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ හැසිරීම මගින් ඔවුනගේ සැබෑව නොඑසේනම් සිංහල විරෝධය සමාජයට පසක්‌වීම වැදගත්ය.

    යාපනයේ ගැටුමෙන් පසු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ මේ ගැටුම හරහා ජාතිවාදය ඇවිස්‌සීමට සමහර පිරිස්‌ ගන්නා උත්සාහය පිළිකුලෙන් හෙළා දකින බවයි. යාපනයේදී සිංහල ශිෂ්‍යයන් වින්දිතයන් බව ප්‍රචාරය වීමම අන්තරයට ප්‍රශ්නයක්‌ වී තිබේ. දෙමළ ශිෂ්‍යයන්ගේ සැහැසි ප්‍රචණ්‌ඩත්වය ගැන නිහඬව සිටින අන්තරය ජාතිවාදය කතා කිරීම ගැන නම් බලවත් උදහසට පත්ව සිටී.

    ඊනියා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ නිවේදනයට වඩා වැදගත් නිවේදනයක්‌ යාපනය විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ආචාර්යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ සෑම ශිෂ්‍ය කණ්‌ඩායමකගේ සංස්‌කෘතික අයිතියට ගරු කළ යුතු බවයි. එම සංස්‌කෘතික අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා නිසි පියවර ගත යුතු බව එම සංගමයේ ලේකම් එස්‌. සිවකාන්තන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් වූ නිවේදනයේ සඳහන්ව තිබිණි. අන්තරය නම් උඩරට වෙස්‌ නැටුමට එරෙහිව නැඟුණු දෙමළ තර්ජනය ගැන වුවමනාවෙන්ම කතා නොකර සිටී. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ පිළිබඳව වඩා මධ්‍යස්‌ථව අදහස්‌ දැක්‌වීම අගය කළ යුතුය. මෙරට විශ්වවිද්‍යාල 17 ක්‌ හා උසස්‌ අධ්‍යාපන ආයතන 33 ක්‌ ඇති අතර මේවායේ සිසුන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ අධ්‍යාපනය ලබයි. ඒ අතර දෙමළ සිසුන්ද දොළොස්‌ දහසක්‌ පමණ අධ්‍යාපනය ලබයි. දෙමළ සිසුන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අධ්‍යාපනය ලබද්දී තම ආගමට සංස්‌කෘතියට ඉහළ පිළිගැනීමක්‌ ලැබෙන්නා සේම යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන්ටද එම අයිතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය. එම අයිතියට ඉඩ නොලැබෙන්නේ නම් රට යළි අර්බුදයට ඇදවැටෙනු ඇත. හිස එසවීමට උත්සාහ දරන යාපනය සරසවියේ µeසිස්‌ට්‌ බලවේගවලට කිසිම ඉඩක්‌ ලබාදිය යුතු නැති බවත් අවධාරණය කරනු කැමැත්තෙමි.


    චතුර පමුණුව
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමළ සිසුන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අධ්‍යාපනය ලබද්දී තම ආගමට සංස්‌කෘතියට ඉහළ පිළිගැනීමක්‌ ලැබෙන්නා සේම යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන්ටද එම අයිතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය. යහපාලනයේ අනුහසින් එම අයිතිය වැලලීයාමට ඉඩ නොදිය යුතුය
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දෙමළ සිසුන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අධ්‍යාපනය ලබද්දී තම ආගමට සංස්‌කෘතියට ඉහළ පිළිගැනීමක්‌ ලැබෙන්නා සේම යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන්ටද එම අයිතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කවරක්‌ නමුත් යාපනයේ ගැටුමත් සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ හැසිරීම මගින් ඔවුනගේ සැබෑව නොඑසේනම් සිංහල විරෝධය සමාජයට පසක්‌වීම වැදගත්ය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: