අන්තර්ජාලයෙන් අරක්කු විකුණූ ‘කප්රුක’ මාට&#3530

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,257
    12,295
    113
    Ohio, USA
    අන්තර්ජාලයෙන් අරක්කු විකුණූ ‘කප්රුක’ මාට&#3530

    අන්තර්ජාලය ඔස්සේ ලබාගන්නා ඇණවුම් වලට ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට මත්පැන් බෙදාහැරිය මහාපරිමාණයේ ජාවාරමක් වැටලීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (20) සමත් වී ඇත. මෙවැනි වැටලීමක් ශ‍්‍රී ලංකාව තුළ සිදුකළ පළමු අවස්ථාව මෙය වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.
    ‘කප්රුක’ නමැති පෞද්ගලික ව්‍යාපාරික ආයතනය, වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් විවිධ භාණ්ඩ බෙදාහැරීම සිදුකරන මුවාවෙන් මෙම මත්පැන් බෙදාහැරීමේ ජාවාරම සිදුකර තිබේ. අන්තර්ජාලය හරහා මත්පැන් ඇණවුම් කරනු ලබන පුද්ගලයන්ට අදාළ ස්ථානයටම එම මත්පැන් සපයා දීම මෙම ව්‍යාපාරික ආයතනයේ සේවකයන් විසින් සිදුකර ඇති බවත් ගැනුම්කරුවන්ට ණය කාඩ්පත් මගින්ද ගෙවීම් සිදුකිරීමේ පහසුව සලසා දී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
    කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය උපාය දුතයෙකු යොදවා සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් අනතුරුව මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    මෙම මත්පැන් බෙදාහැරීමේ අන්තර්ජාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ දුලින් හේරත් නමැති අයකු විසින් බවත් ඔහු බෞද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම් කැනිෂියස් හේරත් මහතාගේ පුත්‍රයෙකු බවත් අනාවරණය වී ඇත. එසේම දුලින් හේරත් මහතාගේ මව වන නිලංගනී හේරත් මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ෆෙන්ශුයි ක්‍රියාකාරීනියෙකි.
    ‘කප්රුක’ ආයතනයට අයත් කිරුළපන විජය කුමාරතුංග මාවතේ පිහිටි ගබඩාවක තිබී රුපියල් මිලියනයකට අධික මත්පැන් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත. එමෙන්ම මෙම ව්‍යාපාරික ආයතනයේ ශාඛාවන් අමෙරිකාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල ද පවත්වාගෙන ගොස් ඇති බවත් වසර 8ක පමණ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    මත්පැන් ගබඩා කිරීම මෙන්ම බෙදාහැරිම සඳහා ‘කප්රුක’ ආයතනය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර ‘කප්රුක’ ජංගම සාප්පු සංකීර්ණ වෙබ් අඩවිය එහි සේවාවන් සඳහා කිහිපවරක්ම සම්මාන දිනු වෙබ් අඩවියකි.


    Ceylon Radio.co.uk
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඕක පරණ කතාවක් බන් :lol::lol::lol: (2013/06/21) උනේ

    ඉතින් බන් ඔය උන් ඉන්නේ යස අගේට, දුප්පත් එක රා ටිකක් පෙරුවොත් තමයි නීතීය කෙලින් වෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් බන් ඔය උන් ඉන්නේ යස අගේට, දුප්පත් එක රා ටිකක් පෙරුවොත් තමයි නීතීය කෙලින් වෙන්නේ

    ඔව් බන් එක නම් ඇත්ත. ඔය හුට්ටා ගේ කඩෙන් ඔර්ඩර් කරපු පිසා එක මට තාම ආවේ නෑ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,295
    113
    Ohio, USA
    ඕක පරණ කතාවක් බන් :lol::lol::lol: (2013/06/21) උනේ

    ඔව් මචන් මේක පරන එකක් තමයි.
    නමුත් මම මේක ඇද්දේ ඇයි කියල උබට තේරෙනවා ඇතිනේ.
    දැන් මූ බබා වෙලා අලි බබාට කෙලවන්න යන නිසා තමයි බං මුගේ කලින් කෙරුවාව දැම්මේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    ඔව් මචන් මේක පරන එකක් තමයි.
    නමුත් මම මේක ඇද්දේ ඇයි කියල උබට තේරෙනවා ඇතිනේ.
    දැන් මූ බබා වෙලා අලි බබාට කෙලවන්න යන නිසා තමයි බං මුගේ කලින් කෙරුවාව දැම්මේ.

    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් මේක පරන එකක් තමයි.
    නමුත් මම මේක ඇද්දේ ඇයි කියල උබට තේරෙනවා ඇතිනේ.
    දැන් මූ බබා වෙලා අලි බබාට කෙලවන්න යන නිසා තමයි බං මුගේ කලින් කෙරුවාව දැම්මේ.

    ඕක ඉතිං පැනපු ගමන් ක්‍රියාත්මක කරයි.. සල්ලිනේ.. :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    21462569_1108524592613999_8645794251642131280_n.png

    source fb