- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය -
වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි,ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...
අන්තර්ජාල සේවාවක් වන මෙය හඳුන්වන්නේ CameraSimනමින්. http://camerasim.com/camera-simulator.html යන ලිපිනයෙන් ඔබට මේ වෙත පිවිසිය හැකියි. නොමිලේ ලබා දෙන සේවාවක් නිසා එහි පිවිසි විගසම වැඩ පටන්ගන්න පුළුවන්. මේ වෙබ් පිටුව තනා ඇත්තේ වෘත්තිය SLRකැමරාවක ඇති සැකසුම් ඔබටම අත්හදා බලන්නට හැකි ආකාරයටයි. ඉහළින් කුඩා ගැහැණු ළමයෙක් ක්‍රීඩා පිට්ටනියක සිටින ආකාරයේ දර්ශණයක් කැමරාවට හසුකර ගෙන ඇති අතර මෙහි පහතින් ඇති විවිධ සැකසුම් වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය පරිදි දර්ශනය හසුරුවා ගෙන ඡායාරූපය ලබාගත් පසු කෙසේ ලැබේවි දැයි බලාගන්නට පුළුවන්.
මෙහි දකුණුපස කෙළවරේ ඇති රවුම් බොත්තම (Snap Photo!)මගින් ඡායාරූපය ලබාගන්නට පුළුවන්. ඊට පහතින් ඇති Use a Tripod යන්න සක්‍රීය කිරීමෙන් කැමරාව ආධාරකයක් මත තබා ඇති විටෙක මෙන් පෙනෙන දර්ශණය නොසෙල්වී තබා ගන්නට පුළුවන්. කැමරා තිරය පහලින් කොළ පැහැති ආකාරයෙන් දක්වා ඇති දර්ශක මගින් අදාල අගයන් නැරඹිය හැකි අතර එහි සුචකය මධ්‍යය ලක්ෂයට සමපාත වන ලෙස අනෙකුත් පාලක සීරුමාරු කිරීමෙන් පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමට හැකියි. මෙහි ඇති සැකසුම් පිළිබඳ විස්තරයක් දැන් බලමු.
Lighting (ලයිටිං)
මෙමගින් කැමරා කාචයට ලැබෙන ආලෝක තත්ත්වය සැකසිය හැකියි. ආලෝකය යනු හොඳ ඡායාරූපයක මූලිකම සාධකය වන බැවින් මෙය ඉතා වැදගත් සැකසුමකි. මෙය සීරුමාරු කිරීමෙන් ගෘහස්ථ පරිසරයක ඇති මඳ අඳුරු ආලෝකයේ සිට එළිමහනේ තද හිරුඑළිය දක්වා විවිධ පරාසයන්ට අනුව කැමරාවට නගන දර්ශණයේ ආලෝකය සකසා ගැනීමට පුළුවන. මෙම පාලකය සීරුමාරු කර බැලීමෙන් ඔබටම මෙය අත්හදා බැලිය හැකියි.
Distance (ඩිස්ටන්ස්)
මෙමගින් සිදුවන්නේ ඡායාරූපයට නගන වස්තුව හා කැමරාව (ඡායාරූප ශිල්පියා) අතර දුර ප්‍රමාණය අඩු වැඩි වීමයි. මෙය Zoomකිරීම ලෙස වරදවා වටහා නොගත යුතුයි. මෙම දුර සීරුමාරු කිරීමෙන් මෙහි දර්ශණය ලෙස යොදාගෙන ඇති කුඩා ගැහැණු ලමයා කුඩා හෝ විශාල වීම සිදුවේ. ඔබ මෙහි දුර ප්‍රමාණය අඩු කරමින් කැමරාව වස්තුව අසලටම ගෙන ගිය හොත් පසුතලයේ ඇති ක්‍රීඩාපිටියට වඩා වේගයෙන් ඉදිරිපස වස්තුව (කුඩා ගැහැණූ ළමයා) විශාලවන බව පෙනී යනු ඇත. වස්තුවත් කාචයත් අතර ඇති දුර වෙනස් කිරීම නිසා සිදුවන මේ සංසිද්ධිය පැරලැක්ස් ආචරණය ලෙස හැඳින්වේ. පසුතලයට වඩා ඡායාරූපයට නගන වස්තුව ඉස්මතු කොට දැක්වීමට මෙය උපයෝගී කරගත හැකියි.
Focal Length (ෆෝකල් ලෙන්ත්)
කාචයේ නාභි දුර සකසන්නේ මෙමගිනි. කැමරාවක් භාවිතයේදී Zoomලෙස හැඳින්වෙන්නේ ද මෙයයි. ඉහත දැක්වූ අවස්ථාවට වඩා මෙහිදී සිදුවන දෙය වෙනස් වන්නේ කැමරාවත් වස්තුවත් නිශ්චලව පවතිද්දී කාචය පමණක් සීරුමාරු කර විශාලනය සිදු කල හැකි වීමයි. මෙහිදී වස්තුවත් පසුතලයත් යන දෙකම එකම පරිමාණයට විශාලනය වේ. ZoomOut කිරීමෙන් විශාල පරාසයක් ඡායාරූපයට හසුකර ගත හැකි අතර,ZoomIn කිරීමෙන් වස්තුව පමණක් ඡායාරූපගත කළ හැකියි. ඔබ මෙහිදී මතක තබා ගත යුත්තේ Zoomකිරීමත්, වස්තුව වෙතට හෝ ඉන් ඉවතට ඇවිදයාමෙන් දුර වෙනස් කිරීමත් යන ක්‍රම දෙකෙන්ම දර්ශණය ලොකු කුඩා කළ හැකි වුවත් ලැඛෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස් බවයි.
Mode (මෝඩ්)
ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කැමරා විවරය විවෘත වීමේදී එහි ප්‍රමාණය සැකසීම මෙමගින් සිදුවේ. මෙහි අගය අඩු වීමේදී විවරයේ ප්‍රමාණය විශාල වේ. මෙහිදී වැදගත් වන්නේ Apertureහි අගය වැඩි වන විට පසුතලය හා වස්තුව යන සමස්ථ දර්ශණයම හොඳින් නාභිගත වන අතර මේ සඳහා වැඩි ආලෝක තත්ත්වයක් අවශ්‍ය වීමයි. එමෙන්ම අගය අඩු වන විට නාභිගත වීම අඩුවී ඡායාරූපය බොඳ වුනු ස්වභාවයක් ගනියි. එහෙත් එහිදී අඩු ආලෝක තත්ත්වයකදීත් ඡායාරූපගත කළ හැකියි.
Shutter Speed (ෂටර් ස්පීඩ්)
කැමරාවේ අභ්‍යන්තරයට ආලෝකය ලබාදෙන කාච විවරයේ වේගය පාලනය කරන්නේ මේ මගිනි. මේ ද්වාර වේගය වැඩි වන තරමට පින්තූරය ස්ථීර බවක් පෙන්වන අතර ඒ සඳහා හොඳ ආලෝකයක් අවශ්‍යයි. ආලෝකය අඩු අවස්ථාවන්හිදී අඩු ද්වාර වේගයක් ගැලපෙන මුත් සෙලවෙන වස්තූන් පෙන්වන්නේ බොඳ වුනු ආකාරයෙනි.
ISO (අයි.එස්.ඕ.)
ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඇති ආලෝකයට අනුව දළ සේයාපටයේ ආලෝක සංවේදීතාවය මෙමගින් සැකසිය හැකියි. මෙය වැඩි අගයකට සැකසීමෙන් අඳුරු ආලෝක තත්ත්වයකදී වුවත් වැඩි Shutter Speedඑකක් සහිතව ඡායාරූප ලබාගත හැකි වුවත් දූවිලි වැනි ආලෝක කනිකාවන් (Grain) ඇති කරයි. ISO අඩු අගයක් දුන් විට පැහැදිලි රූපයක් ලැඛෙන අතර ඒ සඳහා හොඳ ආලෝක තත්ත්වයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ISO සැකසුම් අඩු අගයකට සකසනු ලබයි.

මෙම කොටසෙහි සැකසුම් විධි තුන මගින් ඔබට අවශ්‍ය ආකාරයට කැමරාවේ අනාවරක (exposure)සැකසුම් සාදාගත හැකියි. දකුණු පස ඇති පාලක අතරින් එකක් සීරුමාරු කරන විට අනෙක් සැකසුම් ඊට අනුව සැකසේ. ඔබShutter Priority Modeතෝරා ගත හොත් Shutter Speedවෙනස් කරන විට Apertureහි සැකසුම් ඊට අනුකූලව ඉබේම සැකසේ. Aperture Priority Modeතෝරා ගත හොත් Apertureහි සැකසුම් වෙනස් කරන විට Shutter Speedඉබේම සැකසේ. Manualලෙස තේරීම මගින් ඔබට කැමති ආකාරයකට මේ පාලක සීරුමාරු කර සැකසුම් කළ හැකියි. මීට අමතරව වෘත්තීය මට්ටමේ SLRකැමරාවල, "Fully Automatic" mode(ස්වයංක්‍රීය සැකසුම) ලෙස තවත් ආකාරයක් පවතී.
Aperture (ඇපචර්)