අන්තර්ජාලය ඔස්සේ දිවයිනේ ප්‍රථම වරට ප්‍ර
අන්තර්ජාලය ඔස්සේ දිවයිනේ ප්‍රථම වරට ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා ලබාදීම අරමුණු කර ගනිමින් "හැපී ලයිෆ්" ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ විය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් ක්‍රියාවට නංවා ඇති මෙම ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය ඔස්සේ
www.happylife.lk යන වෙබ් අඩවියට පිවිස කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකතන මගින් මෙම සේවාවන් ජනතාවට ලබාගත හැකි බව පවසයි.
ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු සේවාවන් ලබාදෙන බව ද සඳහන්ය.
මව්වරු සහ පියවරු, යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබාදීමට නියමිත අතර රජයේ රෝහල් සහ එම දුරකතන අංක මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද මෙමගින් දැනුම් දේ.
ව්‍යාපෘතිය පිළිබඳ විස්තරය
විශේෂයෙන්ම යෞවන යෞවනියන් ඇතුළු ප්‍රජාව තුළ, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ දැනුම වර්ධනය කිරීම ව්‍යාපෘතියෙහි අරමුණ වේ. වැඩිහිටි පරම්පරාවන්ගෙන් පැවැත එන සමාජ – සංස්කෘතික න්‍යායයන් අනුව, ලිංගික කටයුතු /ලිංගිකත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම තවදුරටත් තහනමක් වශයෙන් පවතී. තොරතුරු තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් සමඟ, තරුණ කොටස් විවිධ ප්‍රභවයන්ගෙන් ලැබෙන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ බොහෝ ඇදහිය නොහැකි හා නොමග යවන සුලු අති විශාල තොරතුරු සම්භාරයකට විවෘතව පවතී. එහෙත්, එකී තරුණ කොටස්වලට ස්වකීය ලැජ්ජාශිලි ව්‍යාකූල ස්වභාවය නිසා ඔවුන්ට තිබෙන ගැටළු ස්වකීය පවුල තුළ, මිතුරන් අතර, ගුරුවරුන් අතර හෝ සමහර විට පවුලේ වෛද්‍යවරයා සමඟ පවා සාකච්ඡා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ ගැටළු සම්බන්ධයෙන් ඔවුන් හුදකලා වීම සහ ව්‍යාකූලත්වයට පත්වීම සිදු වේ. තවද, රටෙහි පවතින ප්‍රධාන සෞඛ්‍ය පද්ධතිය මගින් තරුණ කොටස් හා අවිවාහක පුද්ගලයන් මුහුණ දෙන ගැටළුවලට ප්‍රමාණවත් පරිදි විසඳුම් ලබා දී නොමැත. එම නිසා, ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ, ඌණ සේවා ලාභී සමාජ කොටස් වෙත ආරක්ෂාකාරී වතාවරණයක් යටතේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ විශ්වාස කට හැකි තොරතුරු සඳහා ප්රවේශයන් වැඩි කිරීමය. තොරතුරු තාක්ෂණය මූලික පදනමක් ලෙස යොදා ගනිමින් , ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPASL) ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීම හා ප්‍රචාරය කිරීම සඳහාත්, උපදේශන සේවා සඳහාත් භාෂා තුනෙන්ම සම්බන්ධ විය හැකි ආකාරයේ වතාවරණයක් නිර්මාණය කොට තිබේ. ජංගම දුරකථන භාවිතය සිඝ්‍රයෙන් පැතිරීයාම , රට තුළ අන්තර්ජාතික පරිගණක තාක්ෂණ (ICT) සාක්ෂරතාව ඉහළයාම (35%ක් වශයෙන් ඇස්තමේන්තුකොට තිබේ.) සහ දිවයින පුරා වෙබ් අඩවි ප්‍රවේශ/ පෞද්ගලික පරිගණක භාවිතය පැතිරී යාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගනියි. සැමට ව්‍යාපෘතිය සඳහා ප්‍රවේශ විය හැකි තත්ත්වයක් ඇති කිරීම සඳහා , දුරකථන ඇමතුම් , කෙටි පණිවුඩ සේවා, අන්තර් ක්‍රියාකාරී හඬ ඇමතුම් , එසැනින් සංවාද/විද්‍යුත් තැපෑල වැනි වෙබ් අඩවි පදනම් කර ගත් විසඳුම් , දේශන ඇතුළු අන්තර්ජාතික පරිගණක තාක්ෂණ බහුවිධ මෙවලම් යොදා ගන්නා ලදී. තොරතුරු/ උපදේශන සේවා සපයනු ලබන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරුන් /උපදේශකයන් විසිනි. උපදෙස් අපේක්ෂා කරන්නන්ගේ අනන්‍යතාව සහ සාකච්ඡා කරන කරුණුවල රහස්‍යභාවය සහතික කරනු ලැබේ.
අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාල යන්න

Last edited: