අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරද&#3538

Dec 12, 2008
263
17
0
අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරද&#

high_speed_internet_250x251.jpg

පේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා
තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි.
512kbps යනු “ත්තපරයකට කිලොබිටි 512 ක වේගයක් ( 512 kilobits per second )” යන්නයි. සන්නිවේදන මාර්ගයක දත්ත සම්ප්‍රේෂණය කල හැකි වේගය මනිනු ලබන්නෙ බිට් [ bit ] වලිනි . මේ අනුව යම් ගොනුවක් සම්ප්‍රේෂණය වන්නෙ බිට් [ bit ] වලිනි . බිට් ( bit ) අටක් බයිට් ( byte ) එකකි . 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට බාගත ( Download ) කරන කිලොබයිට් ( kilobyte ) ප්‍රමාණය බැලීමට නම් 512 යන්න අටෙන් බෙදිය යුතුයි . එවිට ලැබෙන පිළිතුර 64 යි . එනම් 512kbps ලෙස සදහන් අන්තර්ජාල සම්බන්ධතාවක තත්පරයකට කිලොබයිට් 64 ක් බාගත ( Download ) වන බවයි . මෙගාබයිට් ( megabyte) එකක ගොනුවක් බාගත කිරීමට දළ වශයෙන් තත්පර 16 ක පමණ කාලයකුත් ,මෙගාබයිට් 700 ( 700MB ) ක් හෙවත් සාමාන්‍ය CD එකක ඇතුලත් දත්ත ප්‍රමාණයක් බාගත කිරීමට දළ වශයෙන් විනාඩි 187 ක පමණ කාලයකුත් ගතවේ . නමුත් සත්‍ය වශයෙන්ම භෟතික විද්‍යවෙ සිද්ධාන්ත මත අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන උපරිම වේගය ලබාගත නොහැක .පහත සදහන් හේතු මත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය අඩුවිය හැක .

  • ආසන්නතම දුරකතන හුවමාරුවෙන් සේවා සපයන ග්‍රාහකයන් ගණන කොපමණද යන්න.
  • එක් වරකදී අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින ග්‍රාහකයන් ගණන.
  • ග්‍රාහකයාට ආසන්නතම දුරකථන හුවමාරුවට ඇති දුර ( වැඩි නම් වේගය අඩුය ).
  • ආසන්නතම දුරකතන හුවමාරුවේ සිට එන රැහැන් මාර්ගයේ දුර හා එහි ඝණකම.
  • නිවසේ තිබෙන වෙනත් විදුලි මාර්ග හා රැහැන් වලින් ඇතිවන විද්‍යූත් චුම්බක බලපෑම .
  • ග්‍රාහකයා පාවිච්චි කරන මොඩමයේ ගති ගුණ (අන්තර්ජාල සම්බන්ධතාවේ වේගයට ගැලපිය යුතුයි )
source
http://www.pariganaka.info/archives/8
 
Last edited:
  • Like
Reactions: bathalaya and EPCO

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මෙන්න කඩේ යන්න ඇවිල්ල.... ලංකාවේ ඔක්කොම බෝඅර්ඩ් බෑන්ඩ් එකයි... යන්නේ නිකන් ඉබ්බා USA යනවා වගේ..... වෙබ් පජේ එකක් ලොඅඩ් වෙන්න පැයක් යනවා :frown:
    මෙන්න කඩේ යන්න ඇවිල්ල.... ලංකාවේ ඔක්කොම බෝඅර්ඩ් බෑන්ඩ් එකයි... යන්නේ නිකන් ඉබ්බා USA යනවා වගේ..... වෙබ් පජේ එකක් ලොඅඩ් වෙන්න පැයක් යනවා :frown: