අන්තර්ජාල_ජංජාල

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අන්තර්ජාල_ජංජාල

    අන්තර්ජාල ජංජාලවලින් ගැලවෙන මග ........... අන්තර්ජාලය වඩාත් ආරක්‍ෂාකාරීව සහ තමන්ට මෙන්ම අන් අයට ප්‍රයෝජනවත් ආකාරයෙන් භාවිත කරන්නේ කෙසේද යන්න පිලිබදව පුලුල් ලෙස දැනුවත් කෙරෙන තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් එලිදැක්වේ.
    විශේෂයෙන් ළමාවියේ පසුවන දරුවන් අන්තර්ජාලය පරිගණකය භාවිත කිරීමේදී වර්තමානයේ ඇති වෙමින් පවතින අර්බුදයන් සදහා දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් ඒ ගැන ක්‍රියා කල යුතු අකාරය පිලිබදව විස්තරාත්මක මාර්ගෝපදේශන මෙම වෙබ් අඩවියට අන්තර්ගත කර තිබේ.

    ප්‍රජා සත්කාරකයක් වශයෙන් සලකා ගූගල් සමාගම විසින් මෙම වෙබ් අඩවිය සකස්කර තිබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහායද මේ සදහා ලැබී තිබේ. www.google.com/goodtoknow මෙම වෙබ් අඩවි ලිපිනය වේ.

    සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වෙබ් අඩවිය පරිශ්‍රීලනය කිරීමට හැකිවේ. ගල්කිස්ස මහ හෝටලයේදී මෙම වෙබ් අඩවිය එලිදැක්වීමේ කටයුතු සිදුවු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය මහතා සදහන් කළේ සයිබර් අවකාශයට මිනිසුන් ඇදබැද තබා ගැනීමට පුදුම හැකියාවක් පවතිනවා සේම එහි මංමුලාවීම් මෙන්ම බොරු වලවල්ද ඒ තරම්ම බවයි.සමාජජාල වෙබ් අඩවි ආශ්‍රිත අපචාර ක්‍රියාවන් දිනකට හැටක් පමණ ලංකාවෙන් වාර්ථා වන බවද මිනිසුන් නොමග යවන සුළු ඉ- මේල් පණිවිඩ යෑවීම වැඩිවෙමින් පවතින බවද මෙවැනි පසුබිමක් මත මෙවැනි වෙබ් අඩවියක් ඉතා කාලීන වැදගත් කමක් ගන්නා බවයි.

    ගූගල් සමාගමේ දකුණු ආසියාතික මහජන ප්‍රතිපත්ති හා රාජ්‍ය කටයුතු පිලිබද අධ්‍යක්‍ෂ මයික් ඕර්ගිල් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් එලියප්ප ආරච්චියන මහත්වරුද මෙහිදි අදහස් දැක්වීය. මෙම වෙබ් අඩවියේ අඩංගු තොරතුරු ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘දැන ගැනීම හොදයි’ මැයෙන් වු අත් පොතක් මෙම අවස්ථාවට සහභාගි වු දෙමාපියන් වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.
    20112-12-06~