අන්තරාවයි ,පරිස්සම් වෙනු

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    අන්තරාවයි ,පරිස්සම් වෙනු

    අන්තරාවයි ,පරිස්සම් වෙනු

    http://gadflyzone.wordpress.com/2011/04/16/අන්තරාවයි-පරිස්සම්-වෙනු-danger/#comments
    මේ අවුරුදු කාලේ තෙල් බේරෙන කැවුම් ගෙඩි වාගේ හිනා වේවි ප්‍රීතියෙන් සිටින ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කරලාය. ඒ රතිඤ්ඤා ගැන නොව ඩෙංගු රෝගය ගැනය. ඩෙංගු රෝගය ආයෙමත් සැරයක් හිස ඔසවමින් ඉන්න බවත් , සෞඛ්‍ය කොට්ටාස 18 ක් රතු කලාප විදියට නම් කරලා තියෙන බවත් කියනවාය.
    මේ අවුරුද්දේ ඩෙංගු රෝගීන් 2969 ක් හම්බ වෙලා . 31 දෙනෙක් රෝගයෙන් මියැදිලා.
    දැන් එතුමලා අපිට අනතුරු අඟවනවා පරිස්සම් වෙන්ට කියලා. ඒක තමා එතුමා ලාගේ, ඒ කිව්වේ සෞඛ්‍ය අමාත්‍යංශයේ, රාජකාරිය වෙලා තියෙන්නේ. අනතුරු අඟවන එක. ජාතික ධනයෙන් කෝටි දහස් ගානක් අවුරුදු පතා වියදම් කරන්නේ වසංගතයක් එන කොට ඒ ගැන අනතුරු අඟවන්ට. රෝගිවන්නන්ගේ හා රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යා ලේඛන ලබා දීම විතරයිද මන්දා උන්දලා දන්නා රාජකාරිය.
    ඩෙංගු රෝගය සම්බන්ධව හැසිරෙන විදිය ගත්තාම නම් ඊට වැඩි යමක් උන්නැහේලා කරන්නේ නැහැ. ඊට වැඩි යමක් කරන්න එයාලට ඕනේ නැතිද? හැකියාවක් නැතිද ? එහෙම නැත්නම් දෙකමද?
    වැස්සත් එක්ක ඩෙංගු පැතිරීම වැඩි වෙන කොට පටන් ගන්නවා, ගෙවතු සුද්ද කරනවා , ශ්‍රමදාන තියනවා ,පෝස්ටර් ගහනවා , ඒ මදිවාට කියුබාවෙන් , අරහෙන් මෙහෙන් බැක්ටීරියා ගේනවා, ඒවා ඉහින්න හදනවා, දේශීය බැක්ටීරියා හදනවා, ටෙස්ට් කරනවා . මාර වැඩ කෝටියයි.
    ඊ ලඟට වැස්ස පායලා වියලි කාලගුණෙත් එක්ක ස්වාභාවිකවම ඩෙංගු පැතිරීම අඩු වෙන කොට අර ඔක්කොම අමතකයි. සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් නෙවේ, මිනිසුන්ට, මාධ්‍යවලට කාටත් අමතකයි. ඩෙංගු කියලා එකක් රටේ තිබ්බද කියලත් අමතකයි.
    ඩෙංගු මර්ධනය පැත්තකින් තිබ්බත් ප්‍රතිකාර වලට පවා රජයේ රෝහල් වල පහසු කම් ඇත්තෙම නැති තරම්ය. රෝගය කල් තබා හඳුනා ගත හැකි PCR පරීක්ෂාවට ඕනේ කරන උපකරණ එක රජයේ රෝහලකවත් නැතිය. සල්ලි ඇති රෝගීන්ට අවශ්‍ය නම් පෞද්ගලික රෝහල් වලින් එම පරීක්ෂාවන් කර ගන්ට හැකිය. .මෙතුමාල කාබසීනිය කරන කෝටි ගානක් මුදල් වලින් මේ පහසු කම් වැඩි දියුණු කරන්ටවත් හිතන පාටක් නැතිය
    ඔන්න ආපහු වැස්ස ඇවිත් ඩෙංගු එනකොට මුන්නහෙලා නින්දෙන් ඇහැරිලා ඇවිත් අනතුරු අඟවනවා. සංඛ්‍යා ලේඛන නිකුත් කරනවා . රටක සෞඛ්‍ය අමාත්‍යංශයක වගකීම ඒකද? ඒක කරන්න ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට බාර දුන්න නම් සෞඛ්‍යට කියා වියදම් කරන කෝටි දහස් ගානක් මුදල් කන්දරාව වත් ඉතුරු වෙයි.
    සටහන- දැන් අයෙමත් ස්වර්ණවාහිනියේ හා -රේන්ද ජය ලාල්ට කඳුළු වගුර වගුර හොටු පෙර පෙර ඩෙංගු වලින් මල මිනිස්සුන්ගේ මල මිනී විකුනන්ට පුළුවන්.





    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: