අන්තවාදියා ඥානසාර හිමිලු

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අන්තවාදියා ඥානසාර හිමිලු

    අන්තවාදියා ඥානසාර හිමිලු -විජයදාස රාජපක්ශ

    රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

    බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

    තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.
    කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
    පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද රැස්විය.
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මන්දසේනගේ ඇමතියාට අන්තවාදියා ඥානසාර හාමුදුරුවෝ. පව් සහරාන් අපි නිකන් බැන්නේ ඌට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    බයියන්ව කොන්පියුස් කොරලා මරාගන්නද කොහේ මේ විජේදාසයා හදන්නෙ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කූරගල අන්තවාදය පැතිරුවේත් ඥානසාර හිමියෝ...
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ වෙලාවේ මේ ආන්ඩුවට චන්දෙ දිනන්න ඕන අමුද්‍රවය මොනාද?

    1* ජිනීවා එකෙන් රටට විරුද්ද ප්‍රකාශයක් කරවාගෙන එය දේශප්‍රේමය හා අනා මදගින්නේ තෙම්පරාදු කර නයි මිරිස් දමා බයියන්ට කැවීම.

    2. බදුර්ඩීන්ට අරින බව මවා පේන්වා. සින්හලයන්ට ගෝටා දේසපේමී බවත්, බදුර්ඩින් අන්තවාදියෙක් බවත් පෙන්නීම. මින් ඇතිවෙන දකුනේ ගෝටා චන්දගොඩ හා බදුර්ඩීන්ගේ මුස්ලිම් චන්දගොඩ එකට එකතුකර සෝස්, තුනපහ, අමු මිරිස් දමා 2/3 හදා සින්හලන්ට බැක් එක දැමීම

    3.මිනිස්සුන්ට දුන්න පොරොන්දු, රජයේ සේවක වැටුප් ගෙවන්න බැරි උනේ අතුරුසම්මත ගිනුම්ට විපක්ශෙ විරුද්ද්වූ නිසා බව කියමින් ඉකිගසා හැඩීම
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935

    :rolleyes::rolleyes::rolleyes:
     
    Similar threads