චට පට චූ...ස් ඩොං
හඬ නගා පුපුරයි
දුම් දමා ඇවිළෙයි
ගිනි තැබූ හෝඩියේ..
අවසාන අකුරත්
දෑස් පිස යලි බැලිමි,
සිහිනයක් දෝ සිතිමි..
වෙන දෙයක් බල බලා
දෙන දෙයක් ගිලදමා
දෑ පෙමින් නිදි වැදුනු
අරුම රට වැ/ව+ස්සෝ ද,
ගෝනි පන් මලු මඳක්
බිම තැබූ ඇදුරෝ ද,
බඩ පුරා මොළය ඇති
හිටපු, මහ කෙරුමෝද
සිතිජය උඩින් යන්න,
අහස් කූරක් වෙන්න
සිහින දුටු සිසුවෝ ද..
අළු ගසා අවදි වී
පිනුම් කරණම් පාති
උපවාස පුවරු යට
රොතු පිටින් බිම දපති
එකම පැනයකි මසිත,
මුල් අකුරු විසි පහට
නැති අමුතු ප්‍රෙමයක්..
කොහෙන් ඉපදුනා දෝ
යකඩ හදවත් අතර.
අවසන් සුසුම් හෙළන
අවසාන...
එකම එක අකුරකට???
හඬ නගා පුපුරයි
දුම් දමා ඇවිළෙයි
ගිනි තැබූ හෝඩියේ..
අවසාන අකුරත්
දෑස් පිස යලි බැලිමි,
සිහිනයක් දෝ සිතිමි..
වෙන දෙයක් බල බලා
දෙන දෙයක් ගිලදමා
දෑ පෙමින් නිදි වැදුනු
අරුම රට වැ/ව+ස්සෝ ද,
ගෝනි පන් මලු මඳක්
බිම තැබූ ඇදුරෝ ද,
බඩ පුරා මොළය ඇති
හිටපු, මහ කෙරුමෝද
සිතිජය උඩින් යන්න,
අහස් කූරක් වෙන්න
සිහින දුටු සිසුවෝ ද..
අළු ගසා අවදි වී
පිනුම් කරණම් පාති
උපවාස පුවරු යට
රොතු පිටින් බිම දපති
එකම පැනයකි මසිත,
මුල් අකුරු විසි පහට
නැති අමුතු ප්‍රෙමයක්..
කොහෙන් ඉපදුනා දෝ
යකඩ හදවත් අතර.
අවසන් සුසුම් හෙළන
අවසාන...
එකම එක අකුරකට???
උපුටාගැනීම
HTML:
http://sandapahana.blogspot.com/
Last edited:
