අන්දරේගේ කවිය

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

    කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
    ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
    තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
    රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන


    මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

    අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

    “අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”

    “මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව”

    කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

    රං රං කලේ දිය උකුලේ තබා ගෙන
    රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
    රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
    මල්මද බිසව කොහි යනවද උදෑ සන


    මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා අන්දරේ පිටත් කලා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කවියට හෙළ කලාවට ලැදි කොල්ලා................ට
    ස්තුති වන්ත වෙනවා මෙය දුන්නා...................ට

    අක්ක...ලලා
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄▀▄▀▄[/FONT] maxxa..අන්දරේ [FONT=&quot]▀▄▀▄▀▄▀▄▀▄█▓▒░[/FONT]