අන්දරේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කුමරියගෙ ලස්සන...
    දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

    කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
    ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
    තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
    රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන


    මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

    අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

    "අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි"

    "මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව"

    කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

    රං රං කලේ දිය උකුලේ තබා ගෙන
    රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
    රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
    මල්මද බිසව කොහි යනවද උදෑ සන

    මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......


    හොදයිනම් ++REP හොදේ
     
    • Like
    Reactions: Hurtz