අන්දරේගේ බිත්තරේ කතාව
අන්දරේ රජතුමාගේ ආදරේ දිනා ගත්ත එක ගැන රාජසභාවෙ හිටපු ඇමතිවරුන් හිටියෙ නොසතුටින්.
”අන්දරේ අපි හැමෝටම විහිළු කරනවා. අපිත් දවසක් අන්දරේට විහිළුවක් කරමු” කියලා නාන්න පොකුණට යන කොට අන්දරේට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් එමු කියල ඔවුන් කතා වුණා.
”අද අපි හැමෝම එක පාරටම දිය යටට ගිලිලා බිත්තරේ බිත්තරේ අරන් එන්න ඕනෑ. ගේන්න බැරි කෙනා පරාදයි.” එක්කෙනෙක් කීවා. ඔවුන් හැමෝම ඒකට එකඟ වෙලා දිය යටට ගියා. අන්දරෙත් දිය යටට ගියා.
අන්දරේ දිය යට යන ගමන් හිතුව මේ එයාව විහිළුවට ලක්කරන්න කරන උප්පරවැට්ටියක් කියලා. ඒ අය හැම දෙනාම දියයටින් මතුවෙන්න ඉඩ දීලා අන්දරේ දිය යටින් මතු වුණා.
ඔවුන් සඟවා ගෙන හිටපු බිත්තරේ බිත්තරේ අතින් ඉහළට ඔසවා ගෙන අන්දරේට පෙන්නුවා, එයාව ලැජ්ජාවට පත් කරන්න හිතා ගෙන.
අන්දරේ දෑත් විදහලා වතුරට සට සට ගාලා ගහලා ‘කුක්කු කූක් කූ’ කියල ඇඬලූවා. එහෙම කරල කිව්ව, ”මෙතැන ඉන්නෙ ඔක්කොම කිකිළියො. මං විතරයි කුකුළා” කියලා කිව්වා.
Taken from : http://www.malkakulu.com/2011/11/blog-post_8182.html