අන්දරේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,234
    26,686
    113
    Kandy
    කාවද මතක් උනේ
    අන්දරේ ගල ඉස්සුව හැටි

    ඔන්න එකමත් එක කාලෙක සරුසාර කුඹුරක් මැද්දෙ මැද්දෙ ලොකුම ලොකු ගලක් තිබුනා.මේ ගල ඉවත් කරන්න කාටවත්ම හැකිවුණේ නැහැ .ඒ නිසා රජ්ජුරුවෝ අණ බෙර කරුවෙක් යැව්වා මේ ගල ඉවත් කරන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න . මේ අණබෙරය අන්දරේටත් ඇහුණා. තෑග්ගට දෙනවා කිව්වේ රන් කහවණු දහසක් . ඔන්න ඉතිං මේ තෑග්ග ගන්න හැටි අන්දරේ කල්පනා කළා .

    අන්දරේ කිසිම කලබලයක් නැතුව ගමරාළ මුණගැහෙන්නට ගියා. ගල ගමරාළ කියන තැනකට ඔසවා ගෙන යන්නට අන්දරේ පොරොන්දු වුණා . රට වටේම අණබෙරය ගියත් කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුන නිසා නොවුන නිසා ගමරාළට හරිම සතුටු හිතුනා . හැබැයි අන්දරේ එක පොරොන්දුවක් ගමරාළ ගෙන් ගත්තා. ඒ තමා මාස තුනක් යන තෙක් හීනටි හාලේ බත් එක්ක කලු කුම් මස් තුන් වේලටම එයාට ගෙනත් දෙන්න ඕන කියලා. ගම රාල බොහොම කැමැත්තෙන් ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න බාර ගත්තා.

    ඔන්න මාස තුනක් තිස්සේ ගමරාළ පුරුදු පොරොන්දු වූ පරිදි අන්දරේ ට කෑම අරගෙන ගියා. කෑම කාලා අන්දරේ හොඳටම මහත් වුණා . ගල එසවීමට නියමිත දවසත් ආවා.මේ පුදුම සහගත දේ බලන්න ගම්මු වට වුණා. අන්දරේ උදෙන්ම ගල ගාවට ආවා .ගල ඔසවාගෙන යාමට යාමට පිටේ ගෝනියක් ලෑස්ති කර ගෙනයි අන්දරේ ආවෙ.
    ගල කොතනටද ගෙනියන්න ඕන කියලා අන්දරේ ගමරාළගෙන් මුලින්ම ඇහුවා. ගමරාළ ඈතම ඈත පිට්ටනියක් පෙන්නුවා. ගල එන්න එතනටයි ගෙනියන්න ඕනා. අන්දරේ පහත් වුනා.හරි ඉක්මනින්ම ගල උස්සලා මගේ කර උඩින් තියන්න. මම ඉක්මනින්ම පිට්ටනියට ගෙනියන්නම්. ගමරාළට හරිම කේන්ති යි.එයා මාස තුනක් මා අන්දරේට හොඳටම කන්න දුන්නා . අන්දරේ එයාව රැවටුව බව එයාට තේරුණා. අන්තරේ ගමරාළට මෙන්න මෙහෙම කිව්වා .මම පොරොන්දු උනේ ගල් මෙතනින් වෙන තැනකට ගෙනිහින් දාන්න . ඉතින් ඒක කරන්න ගල උස්සලා මගේ කර උඩින් තියන්න . ගමරාළ කේන්තියෙන් ගෙදරට යන්න ගියා .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    Secretary.of_.the_.Ministry.of_.Defence.Gotabhaya.Rajapaksa.Gota_.jpg
    mahinda-angry2-e1329484673797.jpg