Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
අන්දිරිස් කිත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්දිරිස් කිත්තා

අපේ කිත්තා අන්දිරිස් අප්පුය. අද මං කියන්ට යන්නේ අන්දිරිස් කිත්තා උපං ගම වූ බෙන්තර යාත්රාමුල්ලේ සිට ගම්පහ ගණේමුල්ලේ කටුවාලමුල්ලට ආ හැටි ය. (මේක මං වැඩ්ඩ වගේ ලියන්ඩ ඉඳගත්තට, ඉවර වෙනකං මොනව ලියවෙයිද මොන විදිහට ඉවර වෙයිද කියා හිතාගන්ට බැරි ය.)

අනද කිත්ත, වඩු පරම්පරාවකිං පැවතෙන්නෙක් කියල තමා මං හිතං ඉන්නෙ. මොකද, මේ ගමේ පරණ මිනිස්සු අන්දිරිස් කිත්තයි එයාගෙ පුතා වුන සුවාතයි දෙන්නම වඩු වැඩ කරපු බව කියන නිසා. ඒ වගේම සුදික ස්ථිර කළා යාත්රාමුල්ලෙ තාම ඉන්නව කියල අර ශ්රී මහ බෝධිය එක්ක ලංකාවට ආව වඩු පරම්පරාවක්.

කොහොමිං හරි අන්දිරිස් කිත්ත කොල්ල කාලෙ පරංගි හමුදාවෙ සිවිල් අංශෙ වැඩ කළා නෙව. මයෙ හිතේ ඒකෙත් වඩු වැඩ තමා කරන්ඩ ඇත්තෙ. ඔය ලස්කිරිඤ්ඤ හමුදාවෙ හෙල්ල වල මිට ගහන්ඩ, අත් පොරෝ වල මිට හදන්ඩ, ඒ වගේ වැඩ වෙන්ඩැති. ඉතිං එක සැරෙයක් ඔය පරංගි හමුදාවක් උඩරට අල්ලන්ඩ යද්දි අන්දිරිස් කිත්තත් ඒ එක්ක ඇවිත් තියෙනව.

අන්දිරිස් කිත්ත ආවට මොකද යටි හිතිං පරංගිංගෙ ක්රියා කළාපය ගැන එච්චර හොඳිං නෙමේ හිටියෙ. යන යන තැන, දකින දකින දේ කොල්ලකන්ඩයි, දකින දකින ගෑණු දැරිවියන්ට හදි කරන්ඩයි, හවස කඳවුරු ගහගෙන බීල නටන්ඩයි පුරුදු වෙච්ච පරංගි, ස්වදේශිකයන්ට සැළකුවෙ තමංගෙ අතපල්ලෙං වැටිච්ච ගානට.

ඉතිං කොළඹ කොටුවෙ ඉඳං ඇවිදින්, කැළණි ගඟෙං එගොඩ වෙන්න ආව පරංගි හමුදාව, ගඟෙං එගොඩ වෙන්න නං ගඟ නිදාගන්ඩ ඕනෙ නිසා රෑ වෙනකං ගං ඉවුරෙ වාඩි ලාගත්ත. මොකද, ගඟක් උනත් නිදාගන්නෙ රෑටනෙ.

ඔය අතරෙ අන්දිරිස් කිත්තට පුළුවං උනා චීස් කෑල්ලකුයි කේජු කෑල්ලකුයි හයි කරපු උගුලක් මාර්ගෙන් තඩි මීයෙක් අල්ලගන්ඩ.

අන්දිරිස් කිත්ත ඔය මීයගෙ නැට්ටෙ ගිණිකූරක් ගැටගැහුව. ගැටගහල, තඩි චීස් කුට්ටියක් විසික් කළා පරංගි වෙඩිබෙහෙත් තියල තිබ්බ කූඩාරම ඇතුළට. මීයව අතෑරපු ගමං ඌ දිව්වෙ වෙඩි බෙහෙත් කූඩාරමට. ඌ දුවද්දි ගිණිකූර බිම ඇතිල්ලිල ගිණි ගත්ත. තප්පර ගාණකිං වෙඩිබෙහෙත් කූඩාරමයි ඒ ළඟ හිටපු පරංගි හෙණ සෙට්එකකුයි කෑලි කෑලි...

කිත්ත ඒ වෙනකොට හිමිං සැරේ ගඟ හරහ පීනල ගිහිං එගොඩ උනා. එගොඩ වෙලා බැලින්නං,පරංගි හමුදාවෙ කපිතානුයි අනික් නිලකාරයො ටිකයි එගොඩ. අර කූඩාරම පුපුරද්දි ඒකෙ පීඩනේට එගොඩට විසික් වෙලා. ඒ එකෙක් දැකල තිබ්බ අන්දිරිස් කිත්ත චීස් කුට්ටියක් වෙඩිබේත් කූඩාරම දිහාට විසිකරනව. ඌ ඒක කිව්ව විතරයි, පරංගි රැළම අන්දිරිස් කිත්ත පස්සෙං පන්නන්ඩ ගත්ත බල්ලො රැළ වගේ.

අන්දිරිස් ආතත් ලේ පිපාසෙං වියරු වැටිච්ච පරංගි හමුදාවම පසු නොබලා දුවන්ඩ සැළැස්සුව, හරිම ලේසියෙන් - ඉස්සෙල්ල එයා දිව්ව. පරංගි හමුදාව එයා පස්සෙං දිව්ව.

ඔහොම දුවගෙන දුවගෙන යද්දි පංසලක චෛත්යයකට හුනු ගාන්ඩ හුණු වැරටි වගෙයක් ගෙනියන කට්ටියක් හම්බුනා. අන්දිරිස් කිත්ත දුවගෙන ආව වේගෙට අර මිනිස්සුංගෙ ඇඟේ හැප්පුනා හරියට කාලතුවක්කු උණ්ඩෙයක් වගේ. හැප්පිල අන්දිරිස් කිත්ත වැටුණ. අර උදවියගෙ හුණු වැරටි ගෝණි ටිකත් සීසීකඩ.

කිත්තගෙ අතේ තිබ්බ දුන්නක්. ඒත් එයා ගාව තිබුණෙ එක ඊතලෙයයි. එයා කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල. අර පරංගි ටික එකා පස්සෙ එකා වත් ආවනං, එක ඊතලෙං මුලු හමුදාවම බණ්ඩක්ක කරල් ඉරට්ටෙ ඇමුණුව වගේ අමුණගන්ඩ තිබුණ. ඒත් එහෙම නෙමෙයිනෙ ලේ පිපාසිත හමුදාව ආවෙ. ඉතිං කිත්ත ඊතලේ මෑනුව එයාට යන්ඩ ඕනෙ පැත්තට. මානල විද්ද. විද්ද ගමං උඩ පැනල ඊතලේ එල්ලුනා.

ඔන්න ඊතලේ එල්ලිල අන්දිරිස් කිත්ත උඩිං යනව. ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ආව පරංගි හමුදාව අර බිම වැටිල තිබ්බ හුණු වැරටි ටික පාගගෙන දිව්ව. ඒ ගොල්ලංගෙ දිවිල්ලෙ සැරට අර පෑගුණු හුණු ඔක්කොම පිටි වගේ වෙනකං කුඩු උනා. එහෙම හුණු පිටි වෙච්ච තැන තමයි මේ දක්වාම හැඳින්වෙන්නෙ, හුණුපිටිය කියල.

අන්දිරිස් කිත්තගෙ විදමනේ සැර කොච්චර ද කියනවනං, එයා සෑහෙන දුරක් උඩිං ගියා. එයාගෙ පස්සෙං උඩ බලාගෙන එලෝගෙන ආව හමුදාවත් ඒ එක්කම දුවනව. අතරමගදි හරක් බලාගත්ත එඬේරෙක් බයවෙලා මුල්ලක හැංගුනා. එතනට තවමත් කියන්නෙ එඬේරමුල්ල කියල. තව තැනකදි අර පරංගි රැළ දැකපු සීය කෙනෙක් කිව්ව එයාගෙ මුණුපුරාට, “යකෝ! ඒරොප්පෙවත් නැතුව ඇති මෙහෙම යක්කු වගේ හැසිරෙන පරංගි“ කියල. ඒ කියපු තැන “ඒරොප්පෙ“ කියල නම වැටිල, පස්සෙ භාවිතාවෙන් හොරපෙ බවට පත් වෙලා තියෙනව.ඔහොම ගිහිං රාගම ත් පහුවෙලා තමයි කිත්ත විදපු ඊතලේ කිත්තත් එක්කම බිම වැටුණෙ. ඒ වැටුනෙත් මනුස්සයෙක් රාගම පොලට වෙළඳං කරන්ඩ අරං ගියපු කදක් උඩට. ඒ කදේ පුරෝල තිබුණෙ නාරං. අර මනුස්සයට එක පාරම කියවුනා, “අයියෝ! මගෙ නාරං ගොඩම පාලුයි!“ කියල. එදා ඉඳං ඒ හරියට කියන්නෙ නාරංගොඩපාළුව කියල.

කිත්ත කිව්ව නාරං වෙළන්දට, “මයෙ පස්සෙං එනව ටුවරිස්ල වගෙයක්. මං ඒගොල්ලංගෙ ගයිඩ්. ඒගොල්ලො තමුසෙගෙ අලාබෙ ගෙවයි“ කියල. ඒහෙම කියල කිත්ත ළඟම තිබ්බ හෙණ උස පුවක් ගහකට නැග්ග.

පරංගි ටික එතෙන්ට එන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. අර වෙළෙන්ද පරංගි හමුදාවෙං ගේම ඉල්ලුව. “ගෙවනවල මගෙ නාරංගොඩේ පාඩුව. තමුසෙලගෙ ගයිඩ් තමා මේ නාරංගොඩ පාලු කළේ“ කියල.

පරංගි ටික එකා එක ගානෙ ටොකු ඇනල අර වෙළෙන්දව උස්සල වීසි කළා. වෙළෙන්ද කැරකි කැරකි ගිහිං වැටුන හාඩ්වෙයා එහෙකට. ඒ හාඩ්වෙයා එකෙත් එයා වැටුනෙ එස්ලෝන් බට ගොඩක් උඩට. බට ඔක්කොම කීතු කීතු උනා අර වැටිච්ච වැටිල්ලට. එදා ඉඳං ඒ හරියට කියන්නෙ බටවල පාළුව කියල.

ඊටපස්සෙ පරංගි එකා එකා නගින්ඩ ගත් අර පුවක්ගහට අන්දිරිස් ආතව අල්ලගන්ඩ. ඔහෙම දෙසීයක් විතර නැගගෙන නැගගෙන එද්දි පුවක් ගහ බිමට ඇලවෙන්ඩ ගත්ත. ඒ ගමන බිම ඉඳං මූව අල්ලගන්ඩ ලේසියි කියල හිතපු පරංගි ටික එකපාරටම බිමට පැන්න. උන්ටික බිමට පැන්න විතරයි අර පුවක්ගහ එකපාරටම කෙලිං උනා. ඒ වේගෙට අන්දිරිස් කිත්ත ට අත-අතෑරිල ටොයිංංංංංං ගාගෙන උඩිං ගිහිං වැටුන ලියද්දකට. ඒ ලියද්දෙ අයිනෙ තිබුණ විසාල කැන්ද ගහක්.

අනද කිත්තට කලන්තෙ වගේ ආව වේගෙට උන්දැ එහෙම්ම ටික වෙලාවක් වැටිල උන්න. ඉඳල යන්තං නැගිටල ලියද්දෙං නියරට ගොඩ වෙලා, වක්කඩෙං මඩ ටික හෝදගත්ත. එතෙන්ට ආව ඇතෙක් අන්දිරිස් කිත්තට දණ ගහල වැන්ද. කිත්ත ඇහුව “ඇයි?“ කියල. ඇතා කියනව, එහෙමලු රොබට් නොක්ස් ලියල තියෙන්නෙ. ඕනෙම ගොයියෙක් මඩ හෝදගත්තහම රජකමට හොඳයිලු මේ රටේ.

“මේ... පිස්සු නැතුව පුලුවන්නං මාව අර පරංගි රැළගෙං බේරගනිං“ කිව්වහම ඇතා කිත්තවත් පිටේ තියාගෙන දුවන්ඩ ගත්ත. (සමහරු නං කියනව කිත්ත ඇතාගෙ නැට්ටෙ එල්ලුනා, ඇතා ඉගිල්ලුනා කියලත්.) ඇතයි කිත්තයි පස්සෙං දුවං ආව පරංගි හමුදාව නිසා ලියද්දෙ තිබ්බ සරුසාර ගොයං වගාව එහෙම පිටිම්ම පාලු උනා. එදා ඉඳං තමයි ඒ ගමට කැන්දලියද්දපාලුව කියල කියන්නෙ.

ඇතා අනද කිත්තව අරං දුවගෙන දුවගෙන ගිහිං මහවිසාල ගඟක් ගාව නතර උනා.පරංගි හමුදාවත් හති ඇර ඇර දුවගෙන දුවගෙන ඇවිත් අනද කිත්තට කිට්ටු උනා විතරයි, හතර වටින් පැන්න සිංහල හමුදාවට කොටු උනා. ඔන්න ඔය “කොටු වුන මුල්ල“ කියන නම තමයි දැන් “කටුවාලමුල්ල“ කියල ව්යවහාරයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ. (ඒක නං ඇත්තම කියමනක්. විදේශික හමුදාවක් ස්වදේශික හමුදාවකට කොටුවුන නිසා මේ ගමට ඔය නම ව්යවහාර වෙන බව තමයි පැරැන්නො කියන්නෙ)

ඉතිං විසාල හමුදාවක් කොටුකරල අල්ලගන්ඩ අවස්ථාව සැලැස්සුවට රජතුමා අනද කිත්තට ඒ භූමිය නීන්දෙ පවරල දුන්න. රජතුමා පවරල දුන්නට, ඒ ඉඩමෙ අරක්ගෙන හිටපු ගොරක යකා ඒකට කැමති උනේ නෑ.

බයි ද වේ, පරංගි හමුදාව අල්ලගෙන යන අතරමග, කඩවතට කිට්ටුව, සූරියමල් විකුණ විකුණ ආව සමසමාජ තරුණයො කණ්ඩායමක් පරංගින්ටත් සූරියමල් විකුණන්ඩ කතා කළා. රජ්ජුරුවන්ගෙ අතට අහුවෙලා හිරකාරෙයො වෙච්ච එකටයි, අනද කිත්තගෙ මාලු කන්ඩ බැරි වෙච්ච එකටයි කේන්තියෙ හිටපු පරංගි ටික අර සූරියමල් ටික උදුරගෙන පොළොවෙ ගැහුව. පොළොවෙ ගහල ඒක උඩ නටල, සුන්නද්දූලි කරල දැම්ම.

ආං එතන තමයි දැං සූරියපාලුව කියල කියන්නෙ.

කාට හරි මේ නම් ගම් ගැන සැකයක් තියේ නං ගූගල් මැප් එකෙං බලන්ඩ පුළුවං කැළණියෙ ඉඳං රාගමටත්, රාගම ඉඳං කැන්දලියද්දපාලුවටත් තියෙන ග්රාම නාම ටික. එතකොට අනද කිත්ත මොනවගේ දිවිල්ලක් දුවල ඇද්ද කියලත් හිතාගන්ඩ පුළුවං වෙයි.

අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා.

අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා.

අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා.

පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ.

ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න.

මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා.

ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව.

වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න.

කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා.

කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා,

“මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා.

“යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා.

“ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා.

“මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...”

කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව...

ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා...

කිඹුලගෙ කතාවෙන් පස්සෙ අන්දිරිස් කිත්තට තේරුණා ගොරක යකා එක්ක දෙකෙන් එකක් බේරගන්නෙ නැතුව මේ භූමියෙ වසන්න අමාරු වෙන බව. එයා දෙවෙනි දවසෙ කපන්න තෝරගත්තෙ වත්තෙ තිබුණු ලොකුම ගොරක ගහ. පොරවකුත් අරං ගහවටේ එක වටයයි කැරකුණේ, මහා ඇඹුල් ගඳක් පැතිරිලා ගියා. ගොරක ගහ සුළි සුළඟකින් වගේ කැරකෙන්න පටන් ගත්තා.

කිත්තා දෑත බදලා පොරව උස්සලා, ගොරක ගහට කෙටුවා. ගොරක අතු හොල්ලගෙන, දඩි බිඩි ගාගෙන ගහෙන් බැහැලා ආවා නිල් පාටට හුරු කලු පාට මවිල් වලින් වැහුණු, මහත දෙහත, සද්දන්ත සරීරයක්. හැඩපලු ගෙතුණු කොණ්ඩෙ, රවුම් රතුපාට ඇස් ගෙඩි, බාගෙට ඇරුණු කටෙන් පෙනුනු උල් දත්... ඔය ඔක්කොම එක්ක මහා භයානක යකෙක් ගහෙං බැස්සා.

කිත්තා වගේ වගක් නැතුව තව පොරෝ පාරක් කෙටුවා.

"තෝ කවුද බොල මගෙ විමානෙ කපන්ඩ තනන්නෙ?" යකා සැර වැර ඇතුව ඇහුවා.

"තෝ කවුද මගෙං ප්රශ්න අහන්ඩ?" කිත්තා ඊට වඩා සැරෙන් ඇහුවා.අහලා තව පාරක් ගහට කෙටුවා.

"මේ... එහෙම නෙවෙයි මල්ලි..." යකා දැන් යාප්පු වෙනවා. "... මේ ගහම කපන්ඩ ඕනෙ නෑනෙ. වෙන ඕනෙ තරං ගස් තියෙන්නෙ."

"නෑ. මේ ගහම තමා මට කපා ගන්ඩ ඕනෙ..." කිත්තා තව පාරක් කෙටුවා.

"මේ එහෙම කරන්ඩ එපා මල්ලි. මං තමුසෙට හැම ගොරක වාරෙටම ගොරක ගෝණියක් දෙන්නං. මේ ගහ කපන්ඩ එපා මල්ලි. මොකද්ද මෙයා..."

කිත්තා පොරව බිමින් තියලා, වාඩිවුණා.

"මට තමුසෙ උදව් කරන්ඩ ඕනෙ මගෙ වැඩ වලට" කිත්තා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

යකා ඒකටත් ඔලුව නැමුවා.

"හා හොඳයි." කිත්තා කිව්වා. "හැබැයි ඔය පොරොන්දුව කැඩුවොත් මං නරක මිනිහා කියන්ඩ එපා හරිය?"

යකා ආපහු ගියෙ කිත්තට වැඳල...

ඊටපස්සෙ ඉතින් සතියක් විතර යද්දි කිත්තා කවද හරි මේ ඉඩමෙ හදනවය කියල මුලින්ම හිතාගත්ත මහගෙදර හදල ඉවර කරගත්තා. ඒකට උනෙ කරපු එක එක හැඩේ, එක එක තරමේ කබොක් ගල් ඔක්කොම ගොරක යකා එක වරුවෙන් කපල දුන්නා. කබොක්ගල් කපාපු වළ වහන්න වත්ත පහල නාන ළිඳකුයි, ඊට තරමක් උඩින් බොන ළිඳකුයි කැපුවා. ගෙයි අත්තිවාරම දාලා, පස් දාලා, යකා ඇත්තු දෙන්නෙක් දම්මලා බිම පාගලා දුන්නා. යකා බිත්ති නැග්ගුවෙ බලං ඉද්දි. අන්දිරිස් ආතා යකාට වඩුවැඩ කියා දුන්නා. කැලෙන් කපාගත්ත ලී, යකාම පට්ටලේ දාලා ඉරලා, සොල්දරේකුත් ගැහුවා. වහලෙ ගැහුවෙත් ගොරක යකයි කිත්තයි දෙන්නා. සිංහල උලු විතරයි කිත්තට හාඩ්වෙයා එකෙන් ගන්න වුනේ.

කිත්තගෙ වැඩ කරල දෙන ගොරක යකා දිහෑ උන්දැගෙ සහෝදරයො වුනු සියඹලා යකයි, බිලිං යකයි බැලුවෙ හිතේ පිරුණු කේන්තියෙන්. තමංගෙ මුලු යක්ස පරම්පරාවටම නින්දාකරමින් තමුංගෙ මල්ලි නරයෙකුට උදව් කිරීම ඒ අයගෙ උදහසට හේතු වුණා.

ගෙට ගෙවදුනු දවසට පහුවෙනිදා, කිත්තා පටන් ගත්තා ඉඩමෙ වල් කොටලා මොනව හරි ඉන්දන්න. කැලේට වැවුණු වම්බටු, බණ්ඩක්කා, කරවිල, පතෝල ආදිය කකා හිටපු උන්දැට හිතුණා කැරට්, බෝංචි, ගංජා ටිකක් හිටවන්න.

උදේ ඉඳං එකසීරුවට වැඩ කරලා මහන්සි වෙච්ච කිත්තා, වත්ත පහළ ගඟෙන් නාගෙන, ගෙට ආවෙ හොඳටම බඩගිනි වෙලා. ඒ එනකොට එයා පිළිගන්න ගෙයි ඇඳ යට හැංගිලා හිටියා සියඹලා යකා...

“යකෙක් කන්ඩ බඩගිනියි යකෝ...!” තමන්ටම කියාගෙන කිත්තා ගෙට ගොඩ වුනා. සියඹලා යකාගෙ හිත ටිකක් ගැස්සුණා.

උදේ වත්තෙන් නෙලාගත්ත ඇපල්, පෙයාස් ටිකක් ඇඳ යට තිබුණු බව කිත්තට මතකයි. “රජ බඩුවක් තියෙන්නෙ ඇඳ යට...” කියාගෙන ඉණේ තිබ්බ උල් පිහිය ඇදල ගත්ත කිත්තා, ඇඳ ගාවට කිට්ටු කළා. යකා වෙවුලන්න පටං ගත්තා.

කිත්තා ඇඳ යටට එබුණා. යකා කිත්ත දැකල වැඳ වැටුණා. “අනේ ආයිබොවං මාව මරං කන්ඩ එපා...”

“තෝ මොකද ඇඳ යට කරන්නෙ?” කිත්තා ඇහුවා.

“මං... මං... ගොක්... ගොක්... ගොරක යකාගෙ අයියා. සියඹලා යකා.” යකා එලියට බඩගෑවා. “මං ආවෙ අපේ නගා ඔහෙට කරකාර දෙන්ඩ අහන්ඩ...”

කිත්තගෙ ඇස් උඩ ගියා...

ඕං ඔහොමයි අන්දිරිස් කිත්තා, යක්ෂ භයෙන් මිදිලා කටුවාලමුල්ල ගමේ ගොරකගහවත්ත ඉඩමෙ පදිංචි වුනේ. කිත්තගෙ උරුමක්කාරයො වෙන අපි, යකාටවත් බය නෑ. අනික අපි මොන වැඩක් කළත් ඒක... “යකාගෙ වැඩක්නෙ!” කියල අනික් උදවිය කියන්නෙ ඔන්න ඔය කිත්තගෙයි, ගොරක යකාගෙ නගා වෙච්ච දෙහි ඇඹුල් යකින්නගෙයි ලේ අපේ ඇඟේ දුවන හින්දයි...

[QUOTE="Gmaduranga, post: 23982647, member: 16681"] [b]අන්දිරිස් කිත්තා[/b] [SIZE="5"] [CENTER][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/47378658_896910923849643_2872371954587795456_n.jpg?_nc_cat=110&_nc_ht=scontent.fcmb2-1.fna&oh=f0d5689b390d5138c518a5f44174ede2&oe=5CA47979[/IMG][/CENTER] අපේ කිත්තා අන්දිරිස් අප්පුය. අද මං කියන්ට යන්නේ අන්දිරිස් කිත්තා උපං ගම වූ බෙන්තර යාත්රාමුල්ලේ සිට ගම්පහ ගණේමුල්ලේ කටුවාලමුල්ලට ආ හැටි ය. (මේක මං වැඩ්ඩ වගේ ලියන්ඩ ඉඳගත්තට, ඉවර වෙනකං මොනව ලියවෙයිද මොන විදිහට ඉවර වෙයිද කියා හිතාගන්ට බැරි ය.) අනද කිත්ත, වඩු පරම්පරාවකිං පැවතෙන්නෙක් කියල තමා මං හිතං ඉන්නෙ. මොකද, මේ ගමේ පරණ මිනිස්සු අන්දිරිස් කිත්තයි එයාගෙ පුතා වුන සුවාතයි දෙන්නම වඩු වැඩ කරපු බව කියන නිසා. ඒ වගේම සුදික ස්ථිර කළා යාත්රාමුල්ලෙ තාම ඉන්නව කියල අර ශ්රී මහ බෝධිය එක්ක ලංකාවට ආව වඩු පරම්පරාවක්. කොහොමිං හරි අන්දිරිස් කිත්ත කොල්ල කාලෙ පරංගි හමුදාවෙ සිවිල් අංශෙ වැඩ කළා නෙව. මයෙ හිතේ ඒකෙත් වඩු වැඩ තමා කරන්ඩ ඇත්තෙ. ඔය ලස්කිරිඤ්ඤ හමුදාවෙ හෙල්ල වල මිට ගහන්ඩ, අත් පොරෝ වල මිට හදන්ඩ, ඒ වගේ වැඩ වෙන්ඩැති. ඉතිං එක සැරෙයක් ඔය පරංගි හමුදාවක් උඩරට අල්ලන්ඩ යද්දි අන්දිරිස් කිත්තත් ඒ එක්ක ඇවිත් තියෙනව. අන්දිරිස් කිත්ත ආවට මොකද යටි හිතිං පරංගිංගෙ ක්රියා කළාපය ගැන එච්චර හොඳිං නෙමේ හිටියෙ. යන යන තැන, දකින දකින දේ කොල්ලකන්ඩයි, දකින දකින ගෑණු දැරිවියන්ට හදි කරන්ඩයි, හවස කඳවුරු ගහගෙන බීල නටන්ඩයි පුරුදු වෙච්ච පරංගි, ස්වදේශිකයන්ට සැළකුවෙ තමංගෙ අතපල්ලෙං වැටිච්ච ගානට. ඉතිං කොළඹ කොටුවෙ ඉඳං ඇවිදින්, කැළණි ගඟෙං එගොඩ වෙන්න ආව පරංගි හමුදාව, ගඟෙං එගොඩ වෙන්න නං ගඟ නිදාගන්ඩ ඕනෙ නිසා රෑ වෙනකං ගං ඉවුරෙ වාඩි ලාගත්ත. මොකද, ගඟක් උනත් නිදාගන්නෙ රෑටනෙ. ඔය අතරෙ අන්දිරිස් කිත්තට පුළුවං උනා චීස් කෑල්ලකුයි කේජු කෑල්ලකුයි හයි කරපු උගුලක් මාර්ගෙන් තඩි මීයෙක් අල්ලගන්ඩ. අන්දිරිස් කිත්ත ඔය මීයගෙ නැට්ටෙ ගිණිකූරක් ගැටගැහුව. ගැටගහල, තඩි චීස් කුට්ටියක් විසික් කළා පරංගි වෙඩිබෙහෙත් තියල තිබ්බ කූඩාරම ඇතුළට. මීයව අතෑරපු ගමං ඌ දිව්වෙ වෙඩි බෙහෙත් කූඩාරමට. ඌ දුවද්දි ගිණිකූර බිම ඇතිල්ලිල ගිණි ගත්ත. තප්පර ගාණකිං වෙඩිබෙහෙත් කූඩාරමයි ඒ ළඟ හිටපු පරංගි හෙණ සෙට්එකකුයි කෑලි කෑලි... කිත්ත ඒ වෙනකොට හිමිං සැරේ ගඟ හරහ පීනල ගිහිං එගොඩ උනා. එගොඩ වෙලා බැලින්නං,පරංගි හමුදාවෙ කපිතානුයි අනික් නිලකාරයො ටිකයි එගොඩ. අර කූඩාරම පුපුරද්දි ඒකෙ පීඩනේට එගොඩට විසික් වෙලා. ඒ එකෙක් දැකල තිබ්බ අන්දිරිස් කිත්ත චීස් කුට්ටියක් වෙඩිබේත් කූඩාරම දිහාට විසිකරනව. ඌ ඒක කිව්ව විතරයි, පරංගි රැළම අන්දිරිස් කිත්ත පස්සෙං පන්නන්ඩ ගත්ත බල්ලො රැළ වගේ. අන්දිරිස් ආතත් ලේ පිපාසෙං වියරු වැටිච්ච පරංගි හමුදාවම පසු නොබලා දුවන්ඩ සැළැස්සුව, හරිම ලේසියෙන් - ඉස්සෙල්ල එයා දිව්ව. පරංගි හමුදාව එයා පස්සෙං දිව්ව. ඔහොම දුවගෙන දුවගෙන යද්දි පංසලක චෛත්යයකට හුනු ගාන්ඩ හුණු වැරටි වගෙයක් ගෙනියන කට්ටියක් හම්බුනා. අන්දිරිස් කිත්ත දුවගෙන ආව වේගෙට අර මිනිස්සුංගෙ ඇඟේ හැප්පුනා හරියට කාලතුවක්කු උණ්ඩෙයක් වගේ. හැප්පිල අන්දිරිස් කිත්ත වැටුණ. අර උදවියගෙ හුණු වැරටි ගෝණි ටිකත් සීසීකඩ. කිත්තගෙ අතේ තිබ්බ දුන්නක්. ඒත් එයා ගාව තිබුණෙ එක ඊතලෙයයි. එයා කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල. අර පරංගි ටික එකා පස්සෙ එකා වත් ආවනං, එක ඊතලෙං මුලු හමුදාවම බණ්ඩක්ක කරල් ඉරට්ටෙ ඇමුණුව වගේ අමුණගන්ඩ තිබුණ. ඒත් එහෙම නෙමෙයිනෙ ලේ පිපාසිත හමුදාව ආවෙ. ඉතිං කිත්ත ඊතලේ මෑනුව එයාට යන්ඩ ඕනෙ පැත්තට. මානල විද්ද. විද්ද ගමං උඩ පැනල ඊතලේ එල්ලුනා. ඔන්න ඊතලේ එල්ලිල අන්දිරිස් කිත්ත උඩිං යනව. ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ආව පරංගි හමුදාව අර බිම වැටිල තිබ්බ හුණු වැරටි ටික පාගගෙන දිව්ව. ඒ ගොල්ලංගෙ දිවිල්ලෙ සැරට අර පෑගුණු හුණු ඔක්කොම පිටි වගේ වෙනකං කුඩු උනා. එහෙම හුණු පිටි වෙච්ච තැන තමයි මේ දක්වාම හැඳින්වෙන්නෙ, හුණුපිටිය කියල. අන්දිරිස් කිත්තගෙ විදමනේ සැර කොච්චර ද කියනවනං, එයා සෑහෙන දුරක් උඩිං ගියා. එයාගෙ පස්සෙං උඩ බලාගෙන එලෝගෙන ආව හමුදාවත් ඒ එක්කම දුවනව. අතරමගදි හරක් බලාගත්ත එඬේරෙක් බයවෙලා මුල්ලක හැංගුනා. එතනට තවමත් කියන්නෙ එඬේරමුල්ල කියල. තව තැනකදි අර පරංගි රැළ දැකපු සීය කෙනෙක් කිව්ව එයාගෙ මුණුපුරාට, “යකෝ! ඒරොප්පෙවත් නැතුව ඇති මෙහෙම යක්කු වගේ හැසිරෙන පරංගි“ කියල. ඒ කියපු තැන “ඒරොප්පෙ“ කියල නම වැටිල, පස්සෙ භාවිතාවෙන් හොරපෙ බවට පත් වෙලා තියෙනව.ඔහොම ගිහිං රාගම ත් පහුවෙලා තමයි කිත්ත විදපු ඊතලේ කිත්තත් එක්කම බිම වැටුණෙ. ඒ වැටුනෙත් මනුස්සයෙක් රාගම පොලට වෙළඳං කරන්ඩ අරං ගියපු කදක් උඩට. ඒ කදේ පුරෝල තිබුණෙ නාරං. අර මනුස්සයට එක පාරම කියවුනා, “අයියෝ! මගෙ නාරං ගොඩම පාලුයි!“ කියල. එදා ඉඳං ඒ හරියට කියන්නෙ නාරංගොඩපාළුව කියල. කිත්ත කිව්ව නාරං වෙළන්දට, “මයෙ පස්සෙං එනව ටුවරිස්ල වගෙයක්. මං ඒගොල්ලංගෙ ගයිඩ්. ඒගොල්ලො තමුසෙගෙ අලාබෙ ගෙවයි“ කියල. ඒහෙම කියල කිත්ත ළඟම තිබ්බ හෙණ උස පුවක් ගහකට නැග්ග. පරංගි ටික එතෙන්ට එන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. අර වෙළෙන්ද පරංගි හමුදාවෙං ගේම ඉල්ලුව. “ගෙවනවල මගෙ නාරංගොඩේ පාඩුව. තමුසෙලගෙ ගයිඩ් තමා මේ නාරංගොඩ පාලු කළේ“ කියල. පරංගි ටික එකා එක ගානෙ ටොකු ඇනල අර වෙළෙන්දව උස්සල වීසි කළා. වෙළෙන්ද කැරකි කැරකි ගිහිං වැටුන හාඩ්වෙයා එහෙකට. ඒ හාඩ්වෙයා එකෙත් එයා වැටුනෙ එස්ලෝන් බට ගොඩක් උඩට. බට ඔක්කොම කීතු කීතු උනා අර වැටිච්ච වැටිල්ලට. එදා ඉඳං ඒ හරියට කියන්නෙ බටවල පාළුව කියල. ඊටපස්සෙ පරංගි එකා එකා නගින්ඩ ගත් අර පුවක්ගහට අන්දිරිස් ආතව අල්ලගන්ඩ. ඔහෙම දෙසීයක් විතර නැගගෙන නැගගෙන එද්දි පුවක් ගහ බිමට ඇලවෙන්ඩ ගත්ත. ඒ ගමන බිම ඉඳං මූව අල්ලගන්ඩ ලේසියි කියල හිතපු පරංගි ටික එකපාරටම බිමට පැන්න. උන්ටික බිමට පැන්න විතරයි අර පුවක්ගහ එකපාරටම කෙලිං උනා. ඒ වේගෙට අන්දිරිස් කිත්ත ට අත-අතෑරිල ටොයිංංංංංං ගාගෙන උඩිං ගිහිං වැටුන ලියද්දකට. ඒ ලියද්දෙ අයිනෙ තිබුණ විසාල කැන්ද ගහක්. අනද කිත්තට කලන්තෙ වගේ ආව වේගෙට උන්දැ එහෙම්ම ටික වෙලාවක් වැටිල උන්න. ඉඳල යන්තං නැගිටල ලියද්දෙං නියරට ගොඩ වෙලා, වක්කඩෙං මඩ ටික හෝදගත්ත. එතෙන්ට ආව ඇතෙක් අන්දිරිස් කිත්තට දණ ගහල වැන්ද. කිත්ත ඇහුව “ඇයි?“ කියල. ඇතා කියනව, එහෙමලු රොබට් නොක්ස් ලියල තියෙන්නෙ. ඕනෙම ගොයියෙක් මඩ හෝදගත්තහම රජකමට හොඳයිලු මේ රටේ. “මේ... පිස්සු නැතුව පුලුවන්නං මාව අර පරංගි රැළගෙං බේරගනිං“ කිව්වහම ඇතා කිත්තවත් පිටේ තියාගෙන දුවන්ඩ ගත්ත. (සමහරු නං කියනව කිත්ත ඇතාගෙ නැට්ටෙ එල්ලුනා, ඇතා ඉගිල්ලුනා කියලත්.) ඇතයි කිත්තයි පස්සෙං දුවං ආව පරංගි හමුදාව නිසා ලියද්දෙ තිබ්බ සරුසාර ගොයං වගාව එහෙම පිටිම්ම පාලු උනා. එදා ඉඳං තමයි ඒ ගමට කැන්දලියද්දපාලුව කියල කියන්නෙ. ඇතා අනද කිත්තව අරං දුවගෙන දුවගෙන ගිහිං මහවිසාල ගඟක් ගාව නතර උනා.පරංගි හමුදාවත් හති ඇර ඇර දුවගෙන දුවගෙන ඇවිත් අනද කිත්තට කිට්ටු උනා විතරයි, හතර වටින් පැන්න සිංහල හමුදාවට කොටු උනා. ඔන්න ඔය “කොටු වුන මුල්ල“ කියන නම තමයි දැන් “කටුවාලමුල්ල“ කියල ව්යවහාරයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ. (ඒක නං ඇත්තම කියමනක්. විදේශික හමුදාවක් ස්වදේශික හමුදාවකට කොටුවුන නිසා මේ ගමට ඔය නම ව්යවහාර වෙන බව තමයි පැරැන්නො කියන්නෙ) ඉතිං විසාල හමුදාවක් කොටුකරල අල්ලගන්ඩ අවස්ථාව සැලැස්සුවට රජතුමා අනද කිත්තට ඒ භූමිය නීන්දෙ පවරල දුන්න. රජතුමා පවරල දුන්නට, ඒ ඉඩමෙ අරක්ගෙන හිටපු ගොරක යකා ඒකට කැමති උනේ නෑ. බයි ද වේ, පරංගි හමුදාව අල්ලගෙන යන අතරමග, කඩවතට කිට්ටුව, සූරියමල් විකුණ විකුණ ආව සමසමාජ තරුණයො කණ්ඩායමක් පරංගින්ටත් සූරියමල් විකුණන්ඩ කතා කළා. රජ්ජුරුවන්ගෙ අතට අහුවෙලා හිරකාරෙයො වෙච්ච එකටයි, අනද කිත්තගෙ මාලු කන්ඩ බැරි වෙච්ච එකටයි කේන්තියෙ හිටපු පරංගි ටික අර සූරියමල් ටික උදුරගෙන පොළොවෙ ගැහුව. පොළොවෙ ගහල ඒක උඩ නටල, සුන්නද්දූලි කරල දැම්ම. ආං එතන තමයි දැං සූරියපාලුව කියල කියන්නෙ. කාට හරි මේ නම් ගම් ගැන සැකයක් තියේ නං ගූගල් මැප් එකෙං බලන්ඩ පුළුවං කැළණියෙ ඉඳං රාගමටත්, රාගම ඉඳං කැන්දලියද්දපාලුවටත් තියෙන ග්රාම නාම ටික. එතකොට අනද කිත්ත මොනවගේ දිවිල්ලක් දුවල ඇද්ද කියලත් හිතාගන්ඩ පුළුවං වෙයි. අන්දිරිස් කිත්තා පස්සෙන් පන්නගෙන ආව පරංගි ටික රජ්ජුරුවන්ගෙ හමුදාවට කොටු වුණ භූමි භාගය රජ්ජුරුවො අන්දිරිස් කිත්තට නීන්දෙ පවරල දුන්නා. ඒ ලොකු ඉඩමෙ අන්දිරිස් කිත්තා පදිංචි වෙන්න ගෙපැළක් අටෝගන්න තොරගත්තෙ, ගොරක ගස් සීයක් විතර සරුවට හැදිල තිබුනු කොටස. (අපේ විලියොං ආත - ඒ කියන්නෙ අන්දිරිස් කිත්තගෙ මුණුපුරා - පදිංචි වෙලා උන්නෙ ඔය කියන කොටසෙ. අක්කර දෙකහමාරක් වෙච්ච ඒ ඉඩමට දැනටත් කියන්නෙ ගොරකගහවත්ත.) ඒ කොටසෙ පසත් හරිම සරුසාරයි කියල එයාට පෙනුනා. කොයිතරම් සරුසාරද කියතොත්; ඒ ඉඩමෙ ගත කරපු පළමුවෙනි රෑ කිත්තා ගතකළේ ගහක් උඩ. ඒකට හොඳ උස ශක්තිමත් අතු බෙදුනු ගහක් තෝරගත්තා. ඒ ගහේ, බිම ඉඳන් අඩි පණහක් විතර උඩින් ලොකු අතු තුනක් තුන්පැත්තට බෙදිලා තිබුණා. එතනට නැගලා බලපුවම තමයි කිත්තා දැක්කෙ ඒ වම්බටු ගහක් කියල. ළඟ ළඟ තිබුණු අතු අගිස් වල ලොකු වම්බටු ගෙඩි හැදිල තිබ්බ නිසා. අන්දිරිස් කිත්තා ඒ ගහට ගිහිං තිබුණු කරවිල වැල් දෙකක් කපාගෙන, ඒකෙන් වැල් ඉණිමගක් හදාගත්තා. හවස් වේගෙන එද්දි කිරිඅල පඳුරක් ගළවලා, කිරිඅල පිති එකට ගොඩගහල ගිණි තියලා, (කොහොමද ගිණි තිබ්බෙ? අර පරංගි වෙඩිබේත් කූඩාරම ගිණිතියපු ගිණිකූරු වලින්ම තමා) ගිණිගොඩක් ගහලා, ඒකෙ අලු පල්ලෙ දාලා කිරි අල තම්බගෙන බඩ පුරා කාලා, අර වැල් ඉණිමග දිගේ වම්බටු ගහට නැගලා, වැල් ඉණිමග උඩට ඇදගෙන, හොඳ හැටි නිදා ගත්තා. අන්දිරිස් කිත්තා කරන දේවල් දිහා බොහොම කේන්තියෙන් බලාගෙන උන්නා එක්කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ භූමියට අරක්ගත්තු ගොරක යකා. පහුවදා උදෙම්ම නැගිට්ට කිත්තා, ගෙයක් හදාගන්න පටන්ගත්තා. දැනට වැටිලා නොතෙමී ඉන්න, සතා සීපාවගෙන් බේරිලා ඉන්න පොඩි ගෙපැළක් අටවගන්න තමයි එයා මුලින්ම හිතාගත්තෙ. ගේ හදන්න තෝරගත්ත හරිය සමතල කරද්දි ඒකෙ අඩි එකහමාරක් විතර යටට හාරද්දි බොහොම තද කබොකක් මතු වුනා. ඉතිං එයා හතරැස් අඩි සීයක් විතර ඉතුරු කළා පස්සෙ එක එක හැඩේ කබොක් ගල් කපන්න. මුලිම්ම කිත්තා අදහස් කළේ කණු හයක් හිටවලා, වහළයක් හදාගන්න. ඒකට එයා වත්තෙ වැටිච්ච පොල් අතු එකතු කරලා, ගාණට කපලා, වැල්පටවල් අඹරලා හදාගත්ත තේඩා වලින් ගැටගහලා. වත්ත පල්ලෙහා ගඟේ ඔබලා, බර තිබ්බා. ඉන්පස්සෙ එයා ගියා කැලේ වැවිල තිබ්බ හරියට, වැරණිය ගස් කපං එන්න. ඇද කුද නැති වැරණිය ගස් දෙකක් කපල බිම දාන්න අන්දිරිස් කිත්තට ගියේ වරුවයි. ගස් දෙක කපලා, බිම දාලා. අතු පෑහැලා දාපු එයා, දිය බහින්න ගස් දෙක එතනම දාලා ආපහු අර කලින්දා රෑ නැවතුනු වම්බටු ගහ ගාවට ආවා. ඒ එනකොට කිත්තට ඇහුනා, “අන්දිරිසා එනෝ...” කියල බොහොම ගොරෝසු කටහඬකින් කෑගහනව. වටපිට බලනකොට, ඒ කිඹුලෙක්. ගොරකයකා කිඹුලෙක් තියලා ඔත්තු බලන්න. කිත්තා එකපාරම වම් අතින් කිඹුලගෙ බෙල්ල මුලින් අල්ලගත්තා. කිඹුලා ආයෙම කැගහන්න කට අරිනකොටම, එයා දකුණු අත කිඹුලගෙ කට ඇතුලට දැම්මා. අත පුළුවන්තරම් කිඹුලගෙ ඇතුලටම යවපු කිත්තට උගෙ වලිගෙ අග හරියෙන් අල්ලගන්න පුලුවන් උනා. හයියෙන් අල්ලගෙන ආපහු අත කටින් එලියට ඇදල ගත්ත පාර කිඹුලා කණපිට හැරවුණා. කිඹුලා අන්දිරිස් කිත්තට කැරකි කැරකි වඳින්න ගත්තා. පරාණ බය ඉතිං කිඹුලටත් පොදුයි. ඒ ගමන කිත්තා කිව්වා, “මං උඹ මරන්නෑ. උඹ ඇයි මං එනව කියල කෑ ගැහුවෙ? කාට ඇහෙන්ඩද? කවුද උඹට ඔත්තු බලන්ඩ කිව්වෙ?” කියල ඇහුවා. “යරක ගොකා... යරක ගොකා...” කිඹුලා කිව්වා. “ඒ මොකාද බොල?” කිත්තා ඇහුවා. “මමුසෙ තාව හැණපිට කරෙව්වනෙ. කිම මයන ඉව්වත් එතිං හැණපිට කරෙනව...” කිත්තට තේරුණා. කණපිට හැරුණ කිඹුලා, කියන කියන වචනත් කණපිට හැරෙනව... ඒ ගැන හිත හිතා කිත්තා ඔලුව කහන්න ගත්තා. යන්තං කිත්තගෙ අතිං අතෑරුණ ගමං කණපිට කිඹුලා පැනලා දිව්වා... කිඹුලගෙ කතාවෙන් පස්සෙ අන්දිරිස් කිත්තට තේරුණා ගොරක යකා එක්ක දෙකෙන් එකක් බේරගන්නෙ නැතුව මේ භූමියෙ වසන්න අමාරු වෙන බව. එයා දෙවෙනි දවසෙ කපන්න තෝරගත්තෙ වත්තෙ තිබුණු ලොකුම ගොරක ගහ. පොරවකුත් අරං ගහවටේ එක වටයයි කැරකුණේ, මහා ඇඹුල් ගඳක් පැතිරිලා ගියා. ගොරක ගහ සුළි සුළඟකින් වගේ කැරකෙන්න පටන් ගත්තා. කිත්තා දෑත බදලා පොරව උස්සලා, ගොරක ගහට කෙටුවා. ගොරක අතු හොල්ලගෙන, දඩි බිඩි ගාගෙන ගහෙන් බැහැලා ආවා නිල් පාටට හුරු කලු පාට මවිල් වලින් වැහුණු, මහත දෙහත, සද්දන්ත සරීරයක්. හැඩපලු ගෙතුණු කොණ්ඩෙ, රවුම් රතුපාට ඇස් ගෙඩි, බාගෙට ඇරුණු කටෙන් පෙනුනු උල් දත්... ඔය ඔක්කොම එක්ක මහා භයානක යකෙක් ගහෙං බැස්සා. කිත්තා වගේ වගක් නැතුව තව පොරෝ පාරක් කෙටුවා. "තෝ කවුද බොල මගෙ විමානෙ කපන්ඩ තනන්නෙ?" යකා සැර වැර ඇතුව ඇහුවා. "තෝ කවුද මගෙං ප්රශ්න අහන්ඩ?" කිත්තා ඊට වඩා සැරෙන් ඇහුවා.අහලා තව පාරක් ගහට කෙටුවා. "මේ... එහෙම නෙවෙයි මල්ලි..." යකා දැන් යාප්පු වෙනවා. "... මේ ගහම කපන්ඩ ඕනෙ නෑනෙ. වෙන ඕනෙ තරං ගස් තියෙන්නෙ." "නෑ. මේ ගහම තමා මට කපා ගන්ඩ ඕනෙ..." කිත්තා තව පාරක් කෙටුවා. "මේ එහෙම කරන්ඩ එපා මල්ලි. මං තමුසෙට හැම ගොරක වාරෙටම ගොරක ගෝණියක් දෙන්නං. මේ ගහ කපන්ඩ එපා මල්ලි. මොකද්ද මෙයා..." කිත්තා පොරව බිමින් තියලා, වාඩිවුණා. "මට තමුසෙ උදව් කරන්ඩ ඕනෙ මගෙ වැඩ වලට" කිත්තා ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා. යකා ඒකටත් ඔලුව නැමුවා. "හා හොඳයි." කිත්තා කිව්වා. "හැබැයි ඔය පොරොන්දුව කැඩුවොත් මං නරක මිනිහා කියන්ඩ එපා හරිය?" යකා ආපහු ගියෙ කිත්තට වැඳල... ඊටපස්සෙ ඉතින් සතියක් විතර යද්දි කිත්තා කවද හරි මේ ඉඩමෙ හදනවය කියල මුලින්ම හිතාගත්ත මහගෙදර හදල ඉවර කරගත්තා. ඒකට උනෙ කරපු එක එක හැඩේ, එක එක තරමේ කබොක් ගල් ඔක්කොම ගොරක යකා එක වරුවෙන් කපල දුන්නා. කබොක්ගල් කපාපු වළ වහන්න වත්ත පහල නාන ළිඳකුයි, ඊට තරමක් උඩින් බොන ළිඳකුයි කැපුවා. ගෙයි අත්තිවාරම දාලා, පස් දාලා, යකා ඇත්තු දෙන්නෙක් දම්මලා බිම පාගලා දුන්නා. යකා බිත්ති නැග්ගුවෙ බලං ඉද්දි. අන්දිරිස් ආතා යකාට වඩුවැඩ කියා දුන්නා. කැලෙන් කපාගත්ත ලී, යකාම පට්ටලේ දාලා ඉරලා, සොල්දරේකුත් ගැහුවා. වහලෙ ගැහුවෙත් ගොරක යකයි කිත්තයි දෙන්නා. සිංහල උලු විතරයි කිත්තට හාඩ්වෙයා එකෙන් ගන්න වුනේ. කිත්තගෙ වැඩ කරල දෙන ගොරක යකා දිහෑ උන්දැගෙ සහෝදරයො වුනු සියඹලා යකයි, බිලිං යකයි බැලුවෙ හිතේ පිරුණු කේන්තියෙන්. තමංගෙ මුලු යක්ස පරම්පරාවටම නින්දාකරමින් තමුංගෙ මල්ලි නරයෙකුට උදව් කිරීම ඒ අයගෙ උදහසට හේතු වුණා. ගෙට ගෙවදුනු දවසට පහුවෙනිදා, කිත්තා පටන් ගත්තා ඉඩමෙ වල් කොටලා මොනව හරි ඉන්දන්න. කැලේට වැවුණු වම්බටු, බණ්ඩක්කා, කරවිල, පතෝල ආදිය කකා හිටපු උන්දැට හිතුණා කැරට්, බෝංචි, ගංජා ටිකක් හිටවන්න. උදේ ඉඳං එකසීරුවට වැඩ කරලා මහන්සි වෙච්ච කිත්තා, වත්ත පහළ ගඟෙන් නාගෙන, ගෙට ආවෙ හොඳටම බඩගිනි වෙලා. ඒ එනකොට එයා පිළිගන්න ගෙයි ඇඳ යට හැංගිලා හිටියා සියඹලා යකා... “යකෙක් කන්ඩ බඩගිනියි යකෝ...!” තමන්ටම කියාගෙන කිත්තා ගෙට ගොඩ වුනා. සියඹලා යකාගෙ හිත ටිකක් ගැස්සුණා. උදේ වත්තෙන් නෙලාගත්ත ඇපල්, පෙයාස් ටිකක් ඇඳ යට තිබුණු බව කිත්තට මතකයි. “රජ බඩුවක් තියෙන්නෙ ඇඳ යට...” කියාගෙන ඉණේ තිබ්බ උල් පිහිය ඇදල ගත්ත කිත්තා, ඇඳ ගාවට කිට්ටු කළා. යකා වෙවුලන්න පටං ගත්තා. කිත්තා ඇඳ යටට එබුණා. යකා කිත්ත දැකල වැඳ වැටුණා. “අනේ ආයිබොවං මාව මරං කන්ඩ එපා...” “තෝ මොකද ඇඳ යට කරන්නෙ?” කිත්තා ඇහුවා. “මං... මං... ගොක්... ගොක්... ගොරක යකාගෙ අයියා. සියඹලා යකා.” යකා එලියට බඩගෑවා. “මං ආවෙ අපේ නගා ඔහෙට කරකාර දෙන්ඩ අහන්ඩ...” කිත්තගෙ ඇස් උඩ ගියා... ඕං ඔහොමයි අන්දිරිස් කිත්තා, යක්ෂ භයෙන් මිදිලා කටුවාලමුල්ල ගමේ ගොරකගහවත්ත ඉඩමෙ පදිංචි වුනේ. කිත්තගෙ උරුමක්කාරයො වෙන අපි, යකාටවත් බය නෑ. අනික අපි මොන වැඩක් කළත් ඒක... “යකාගෙ වැඩක්නෙ!” කියල අනික් උදවිය කියන්නෙ ඔන්න ඔය කිත්තගෙයි, ගොරක යකාගෙ නගා වෙච්ච දෙහි ඇඹුල් යකින්නගෙයි ලේ අපේ ඇඟේ දුවන හින්දයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom