අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි

    අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක




    අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.

    තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ගන්න මිනිස්සුන්ට අමතරව දිනපතා ස්වීප් ගන්න රෙගුලර් කස්ටමර්ලා සැට් එහෙකුත් මිනිහට හිටියා..

    මිනිහා කසාදයක් එහෙමත් ඔය අස්සේ කර ගත්තා..ඒ ගෑනු කෙනත් ස්වීප් විකුනන්න පස්සෙ මෙයාටම එකතු උනා..ඒ ගෑනු මනුස්සයත් අන්ධයිද නැද්ද කියලා හරියටම කියන්න මට නිච්චියක් නෑ..
    දවසක් මං කලිසමක් මහගන්න ටේලර් සාප්පුවට ගිය වෙලේක මේ මනුස්සයා එතනින් යනවා දැකලා ටේලර් කඩේ ලාල් අයියා මේ මනුස්සයව පෙන්නලා 'මල්ලි දන්නවද..ඔය මනුස්සයා ගිය මාසේ බැන්දනේ..
    15 000ක් දීලා කෝට් සූට් එකක් මහ ගත්තා වෙඩින් පොටෝ එකට අඳින්න කියලා' කියලා මට කියලා මහ හයියෙන් හිනා උනා..

    මාත් ඉතින් හිනා වෙලා කිව්වා

    "ඔව් පොටෝ එකට නම් ඉතින් හයර් කරගන්න තිබ්බනේ කියලා..ඇරත් ඔය මිනිස්සුන්ට මොන පොටෝ ද" කියලා ලාල්ගේ හිනාවටම එකතු උනා.

    හැබැයි ගෙදර ආවට පස්සේ මට ඔය සිද්දිය තදින්ම හිතට කා වැදුනා.මිනිහා ගැන දුකකටත් වඩා අනුකම්පාවක් මට දැනෙන්න ගත්තා..
    කවුරු උනත් මිනිස්සුනේ.කාගෙ කාගෙත් ආසාවන් තියනවනේ,නැද්ද?

    මිනිහගෙන් ස්වීප් නොගත්තට මොකද මිනිහා ස්වීප් විකුනනවා මං ඈත ඉඳලා බලං ඉදලා තියනවා.
    මිනිහා සල්ලි කොලේ අතට ගත්තම කොලේ හොඳට අත ගාලා නහය ලඟට ලං කරලා බලනවා මං දැකලා තියනවා.ඒ ඇයි ද කියන්නවත්,මිනිහා සල්ලි කොලේ අදුරගන්නේ කොහොමද කියලා හොයන්නවත් මට ඒ දවස් වල උවමනාවක් තිබ්බේ නෑ.අන්ධ මනුස්සයා නිසා කවුරුත් හොර කරන්නේ නැතුව ඇති කියලා මට ඒ දවස් වල හිතුනා.


    ඉස්සර මේ වගේ අයට ඉංගිරීසියෙන් කිව්වෙ Disabled( ආබාධිත) කට්ටිය කියලා.හැබැයි දැන් ඒ වචනේ වෙනුවට Differently abled ( වෙනස් හැකියාවන් ඇති) කියන වචනේ පාවිච්චි කරන්න අරගෙන.ඒ වචනේ කොච්චර අර්ථාන්විතද කියලා මේඛලා ගමගේ ගෙ 'අහන් ඉන්න.අහගෙන ඉන්න' කියන ගීතයේ රූප රචනය දිහා එක පාරක් බලන ඕන කෙනෙක්ට තේරෙනවා..ඈට අමතරව ඒකෙ ඉන්න හැමෝම ඉස්සර ආබාධිත කියන ගොඩට දාපු අය.(බලලා නැති අය මෙතනින්)


    මේ මිනිස්සුන්ටත් අපි වගේම මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් තියනවා.අපේ රටේ නැති උනත් වෙනත් රටවල නම් මේ අයගේ අයිතීන් ගැන සැලකිලිමත් වෙනවා.



    ලංකාවෙත් දැන් ගොඩනැගිලි හදද්දී රෝද පුටු භාවිතා කරන්නන් සඳහා වෙනම පහසුකම් සලසන්න ඕන කියලා ආරංචි! ඕවා ඉතින් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.
    අන්ධයි,අරකයි මේකයි කියලා ඒ මිනිස්සුන්ව ගෙදරට කරලා තියන් හිටපු කාලේ දැන් ඉවරයි.දියුණු රටවල් වල නම් ඒ මිනිස්සුන්වත් සක්‍රීයව ශ්‍රම දායකත්වය සඳහා යොදා ගන්නවා.


    මගේ භූතාන් යෙහෙලියක් ඉන්නවා කර්මා ලාදන් කියලා.අපි ඉතින් ලංකාවට ගිහින් ආවම පර්ස් එකේ ඉතුරු වෙච්ච සල්ලි කොල එහෙමම තියනවා.මෙහෙ ආවම ඒවා දැක්කම එක් එක්කෙනා ඉල්ල ගන්නවා

    "මෙහෙ දියන් ඕක මට උඹව මතක් වෙන්න"
    කියලා..මේකි භූතාන් ගිහින් ඇවිත් මාව හම්බ වෙන්න ආවා එහෙන් ගෙනාපු ටොපි චොකලට් එහෙම අරගෙන.ඒ වෙලාවෙ තමයි මං ඒකිගේ පර්ස් එකේ තියන සල්ලි කොල දැක්කේ.ඒවා පෙන්නන ගමන් මට ඒකි පොඩි අතට අහුවෙන ඉලිප්පීම් ටිකක් පෙන්නලා කිව්වා මේවා තියෙන්න අන්ධ අයට සල්ලි කොල අඳුර ගන්න කියලා.එදා තමයි ජීවිතේ පලවෙනි පාරට මං එහෙම සිස්ටම් එකක් තියනවා කියලා දැන ගත්තේ.

    ඔය කතාව අහද්දි මොකක් හරි හේතුවකට එක පාරටම මට මතක් උනේ අර ස්වීප් විකුනන මෑන්ස්ව.


    ඇත්තටම අන්ධ මිනිස්සු සල්ලි කොල අඳුර ගන්නේ කොහොමද?

    මං මේ ගැන ටිකක් හොයලා බැලුවා..මේ ක්‍රම වේදය රටින් රටට වෙනස් වෙන්න පුලුවන්.

    දියුනූ රටවල තත්ත්වේ වෙනස්..එයාල වෙනම ස්කෑනර් වගේ උපකරන පාවිච්චි කරනවා.

    පොදුවේ ගත්තම නෝට්ටුවේ ප්‍රමාන අනුව තමයි බොහෝ දෙනෙක් වෙනස හඳුනා ගන්නේ..ඒ සඳහා සැලකියයුතු,පහසුවෙන් හඳුනා ගන්න පුලුවන් වෙනස්කම් දිග පලලවල් වල තියෙන්න ඕන.ලංකාව වගේ රටක නම් මේ ක්‍රමය ටිකක් අමාරුයි.

    ( ඒ තියා ඇස් පේන එකෙක්ටවත් වෙනස හොයාගන්න පුලුවන් යැ..අර එක වගේ කොල දෙකක් නිසා මං හැමතිස්සෙම පරිප්පු කනවා..කාසිවල වෙනස්කම් හොයන්න නම් ඉතින් අත් කාචයක් ගෙනියන්න ඕන සාක්කුවේ දාගෙන.ඒ තරම් ලොකුයි නොවැ ඒවා දැන්)



    ඕස්ට්‍රේලියාව,මැලේසියාව වගේ රටවල් මේ වගේ සැලකියයුතු දිග පලලවල වෙනස්කම් සහිත නෝට්ටු මුද්‍රනය කරනවා.අන්ධ පුද්ගලයා ගාව පොඩි කාඩ් එකක් වගේ දෙයක් තියනවා.සල්ලි කොලේ මේකට දාලා දිග පලල ටක් ගාල තීරණය කරගන්න ඔවුන්ට පුලුවන්.


    ඒ ඇරෙන්න ඇතැම් රටවල් බ්‍රේල් සලකුනු නෝට්ටු වල ඇතුලත් කරලා තියනව. කැනේඩියන් ඩොලරයේ එහෙම බ්‍රේල් සලකුනු තියනවා.ඒ ඇරුනම අර භූතාන් නෝට්ටුවල වගේ අතට දැනෙන්න වෙනස් සලකුනු උලුප්පලා තියනවා.දකුනු අප්‍රිකාවෙත් ඒ වගේ.




















    මේ වගේ ක්‍රම තාම අනුගමනය කරන්නේ ලෝකේ රටවල් අතලොස්සයි.මේ ගොඩක් රටවල් වල අන්ධ පුද්ගලයන් රටේ ආර්ථිකයට සක්‍රීයවා දායක වෙනවා.ඒ නිසා මේ වගේ ක්‍රම ඔවුන්ට වැදගත්.ටිකෙන් ටික අනිත් රටවලුත් මේ ක්‍රම අනුගමනය කරන්න පටන් ගනීවි.


    ලංකාවේ නම් ඔක්කොටම කලින් මෙ වගේ මිනිස්සුගේ ජීවන තත්ත්වය ඉහල නංවන්න වැඩපිලිවලක් ඕන.

    ඊට පස්සෙ බැරියැ සල්ලි කොල ගැන හිතන්න.හැබැයි මේ බ්‍රෙල් ක්‍රමයක් වගේ දෙයක් කොලේකට ඇතුලත් කරන්න ලොකු වියදමක් යයි කියලා නම් මං හිතන්නේ නෑ..ඩිසයින් කරද්දි මේ අදහස ගැන හිතන එක විතරයි කරන්න ඕන.




    :dull:


    http://sabithl.blogspot.com/2012/05/blog-post_26.html
     
    • Like
    Reactions: smother

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    g_voice_stick.jpg




    t is a portable text scanner for the blind. It converts written information including your e-mail directly to speech
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි දැන් අලුත් කොල වල තියනවනේ ඔය සීන් එක.. නේද?
     

    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    Ape aluth kolavala oka tiyenavada nedda kiyala mang danne na, eth ape aluth kola hondata as pena ayatath aduraganna aamaraui, balapan 1000 kolama jathi keeyak tiyenavada kiyala,kisi pilivelak na,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    පෝස්ට් එක නම් හොදයි, ඒත් ලංකාවෙ අපේ අයගෙ හිතේ තියෙනව නෙ, ලංකාව කියන්න චාටර් රටක් කියල.ඒ හිනද වෙන්න ඇති මේ වගේ දෙයක් කියන්න ඇත්තෙ.
    ලංකාවේ නම් ඔක්කොටම කලින් මෙ වගේ මිනිස්සුගේ ජීවන තත්ත්වය ඉහල නංවන්න වැඩපිලිවලක් ඕන. ඊට පස්සෙ බැරියැ සල්ලි කොල ගැන හිතන්න.හැබැයි මේ බ්‍රෙල් ක්‍රමයක් වගේ දෙයක් කොලේකට ඇතුලත් කරන්න ලොකු වියදමක් යයි කියලා නම් මං හිතන්නේ නෑ..ඩිසයින් කරද්දි මේ අදහස ගැන හිතන එක විතරයි කරන්න ඕන.
    ඔන්න මහත්තයට ලේසි වෙන්න මම දැන්ම.අදවත් බලල ඉගෙන ගන්න ලංකාවේ මේ ක්‍රමේ තියනව කියල
    DSC01579.png
     

    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    lankaawe aluthen gahapu hema kolekama thiyanawa oya systerm eka

    aluthen gahapu kolawala maara technology ekak thiyenne .... horen gahanna godak amarui ( beri kamakuth nai .. lankaawe ewange heti dannawane )

    Print karala thiyana koleth wishesha dewal thiyanawa ....

    awla thiyenne sinhala ain karapu eka witharai

    anith okkoma hodai .... kole podi una ekath godak hodai ... salli pers eke daanna lesi eliyata panninne nai ...

    godak aya danne nethi unaata godak thakshanaya yodagena salli print karana ratawal walin ekak thamai lankaawa ( lankaawe minissu horata gahana hinda wenna ethi )

    loke US dollar eka kisidu wenasak nethiwa horata gahapu ekama rata lankaawa .... danata awrudu 10 kata 12kata kalin me seen eka une

    dollar eke thiyana technollogy eka lankaawe ewwata wada godak adui ..... salli horata gahapu miniha maattu une uta oppu karanna beri una uta salli hambaune kohomada kiyala .... ita passe thama police ewn check karala beluwe

    dan ena aluth salli issara ewwata wada horen gahanna godak amarui (lesiyen gahanna puluwan nam apith gahanawane )

    hik
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    lankaawe aluthen gahapu hema kolekama thiyanawa oya systerm eka

    aluthen gahapu kolawala maara technology ekak thiyenne .... horen gahanna godak amarui ( beri kamakuth nai .. lankaawe ewange heti dannawane )

    Print karala thiyana koleth wishesha dewal thiyanawa ....

    awla thiyenne sinhala ain karapu eka witharai

    anith okkoma hodai .... kole podi una ekath godak hodai ... salli pers eke daanna lesi eliyata panninne nai ...

    godak aya danne nethi unaata godak thakshanaya yodagena salli print karana ratawal walin ekak thamai lankaawa ( lankaawe minissu horata gahana hinda wenna ethi )

    loke US dollar eka kisidu wenasak nethiwa horata gahapu ekama rata lankaawa .... danata awrudu 10 kata 12kata kalin me seen eka une

    dollar eke thiyana technollogy eka lankaawe ewwata wada godak adui ..... salli horata gahapu miniha maattu une uta oppu karanna beri una uta salli hambaune kohomada kiyala .... ita passe thama police ewn check karala beluwe

    dan ena aluth salli issara ewwata wada horen gahanna godak amarui (lesiyen gahanna puluwan nam apith gahanawane )

    hik

    :D:D