අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෙන්න දැන් ලැබුනු පුවතක්!

    ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සැපයුම් සමාගමකට වංචා කරමින් අන්තර්ජාලය භාවිතා කළ
    16-25 අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පරීක්ෂණ කණ්ඩායම් විසින් අද දිනයේ ප්‍රථම වරට මධ්‍යයට හෙළිකරන ලදී.

    මෙම පිරිස විසින් මෙසේ වංචා සහගතව ලබාගත් "නොමිලේ අන්තර්ජාලය" යොදාගනිමින් සිදුකර ඇත්තේ
    අසැබි දසුන් නැරඹීම හා බාගත කිරීම බවද, එම වීඩියෝ දර්ශනවල එකතුව කොතරම් දීර්ඝ ද යත් මෙතෙක් 10% ක් වත් නරඹා අවසන් කිරීමට නොහැකි වූ බව ද, පරීක්ෂණ මෙහෙයවන නම හෙළි කිරීමට අකමැති උසස් නිළධාරියෙකු අප හා සම්බන්ධ වෙමින් කියා සිටියේය.

    එක්තරා දුරකථන යෙදුමක් ඔස්සේ මෙම ක්‍රමය මුදලට විකිණීමට උත්සාහ කළ පාසල් සිසුවෙකුද හඳුනාගෙත ඇති අතර,
    මොහු ඇතුළු එම පිරිසේ කිහිප දෙනෙකු "හැකර් උණ" නමැති විශේෂ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් වීමද විශේෂත්වයකි.

    කෙසේ නමුත් මෙම තරුණයින්ට මෙතරම් හරියක් කිරීමට හැකි වී ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය සමඟ පාසල් සහ විවිධ ආයතන, පාඨමාලා වසාදැමීමට සිදුවී තිබීම නිසාවෙන්, ඔවුන් නිවාස වල කොටු වී අසහනයට පත්ව සිටින බැවිනි.
    එබැවින් මේ සියල්ලටම හේතුව "කොරෝනා" නමැත්තා බව සක්සුදක් සේ පැහැදිය.
    ඒ නිසාවෙන් මෙම කොරෝනා නමැති මහමොළකරු සොයා අඛණ්ඩ පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව පරීක්ෂණ කණ්ඩායම්වල මතයයි.

    අප හා සම්බන්ධ වූ නම හෙළිකිරීමට අකමැති නිළධාරියා අවසන් වශයෙන් සඳහන් කළේ
    අත්අඩංගුවට ගත් පිරිස හඬා වැටෙමින්, බිම පෙරලෙමින් නිදහස් කරන ලෙස වැඳ වැටුනු බවත්,
    ඉවසා සිටිය නොහැකි තැන ඔවුන් මුදාහල බවත්,
    ඔවුන් දැන් කිසිවක් සිදු නොවූවා සේ නැවතත් අන්තර්ජාලයේ රඟමින් සිටින බවත්ය.

    දනන් අතරේ මුවඟ රැඳෙනා SERENA NEWS සමඟින් නැවතත් හමුවෙමු. 🥰
     
    • Like
    Reactions: thisarasu2

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ වැඩක් නෑ බන්
    fb හම්බෙන්නේ 8gb නේ
    ඊට පස්සේ 1mbps (200kbs) ඒ මදිවට ඕකෙන් දැන් dataත් කැපෙනවා :(