"අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීගකෑමට සිදුවෙතැයි සිතන ආණ්ඩුව තුළ සිටින දේශපාලන තක්කඩියන් පිරිසක් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා තිබෙනවා” - ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීගකෑමට සිදුවෙතැයි සිතන ආණ්ඩුව තුළ සිටින දේශපාලන තක්කඩියන් පිරිසක් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.
ඊයේ (09) කොළඹ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ‘ඉස්ලාම් අන්තවාදය: පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යන මැයෙන් පැවැති සිය දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“මීට වසර 02කට පමණ පෙර මුළුමහත් ජාතියේම හදවත් සසල කළ ජීවිත 400කට ආසන්න ප්‍රමාණයක් නිසල කළ පාස්කු ඉරිදාවක සිදුකළ මිනීමරු, මෘග ප්‍රහාරය තවමත් තිබෙන්නේ අපේ මතකයේ මායිමේ. ඒ මෘග ප්‍රහාරය විසින් ජාතියම සසල කළා පමණක් නොවෙයි, සිදුවූයේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ කුමක්ද? සිදුවීමට යන්නේ කුමක්ද?’ යන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න අපට බල කළා. ‘එතරම් දරුණු ප්‍රහාරයකදීත් ඇහැ ඇරෙන්නේ නැති මිනිසුන් හැටියට ජීවත් නොවිය යුතුයි’ කියන පණිවිඩය දරුණු ලෙස ඒ ප්‍රහාරය විසින් අපට ලබා දුන්නා. අපේ දෙපා යටින් සිදු වෙමින් පවතින විපතේ තරම දිහා නිර්දය ලෙස බලන්න සමාජයක් ලෙස අපව පොළඹවනු ලැබුවා.
‘වත්මන් රාජ්‍ය නායකයාගෙන් බලාපොරොත්තු වූ වැදගත්ම දෙය’
සිංහල සහ දෙමළ ජනකොටස්වලට පණක් නොවෙයි, මධ්‍යස්ථ මුස්ලිම් ජන සමාජය තුළත් භීතිය රජයන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අනාරක්ෂිතභාවයට එරෙහිව 2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී ජනවරමක් නිර්මාණය කරන්න මේ රටේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණේ. ‘පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ඇත්ත අවතාර, එහි හිමිකරුවෝ, න්‍යායාචාර්ටයවරුන් යන සියල්ලේ අගමුල සොයලා ඒ අන්තවාදයේ බිහිසුණු ගොදුරක් බවට අපේ සමාජයේ අනාගතය පත් වීම වළකාලී’ තමයි මේ රටේ මුළුමහත් ජනතාව වත්මන් රාජ්‍ය නායකයා ඇතුළු පාලනතන්ත්‍රයෙන් බලාපොරොත්තු වුණු වැදගත්ම කාරණය. ඒ වැදගත් කාරණය ඉටු වේ යැයි බලාපොරොත්තු තබාගත් ජනයා පසුගිය දිනවල කලබල වුණේ ඒ පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමක වාර්තාවක් එළිදැක්වීමත් සමඟයි.
‘විජිත් මලල්ගොඩ නිර්දේශ’
පාස්කු ඉරිදා මෘග ප්‍රහාරයෙන් පසුව එවකට ජනාධිපතිවරයා විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ කමිටුවකට භාර දුන්නා මේ පිළිබඳව ගත යුතු පියවර නිර්දේශ කිරීමට. එම විජිත් මලල්ගොඩ කමිටුවෙන් ප්‍රධාන නිර්දේශ 40ක් ඉදිරිපත් කළා. පළමුවැන්න, ‘අපරාධ නීතිය අනුව වරදකරුවන්ට එරෙහිව කටයුතු කළ යුතුයි’ යන්නයි. එය කොහොමත් සිදුවිය යුතු දෙයයි. දෙවැන්න, මේ පිටුපස වන සංකීර්ණ පින්තූරය හරියට හඳුනාගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවීම, යන්නයි. තුන්වැන්න, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමයි. අපි දන්නවා, ඒ දවස්වලම පත්කළ ඒ තේරීම් කාරක සභාවේ නඩු අහන්න රාවුෆ් හකීම් මහත්තයාත් හිටියා. සිව්වැන්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවක් පිහිටුවීම, යන්නයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එදා ඒ ආංශික කාරක සභාව පිහිටුවනු ලැබුවා.
ඒ අනුව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය එක්තරා දුරකට අපරාධ නීතිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් නිකුත්ව තිබෙනවා. අර කෝලං පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පැත්තක තැබුවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව තම වාර්තාව රට හමුවේ තබා අවසන්. ඒ අනුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමන් ලබාදුන් ප්‍රධාන නිර්දේශ දෙකකට අදාළ කටයුතු දැන් අවසන්ව තිබෙනවා. සිදුවීම සිදුවී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් අපරාධ නීතිය ක්‍රියාත්මක වීම, තවමත් අවසන් නොවූ කාර්යයක් බවට පත්ව තිබෙනවා. ඕනෑම ජනසමාජයක් මෙවැනි බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් තුළ යුක්තිය පසිඳලීමේ කටයුතු සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුණොත් ඒ ජනසමාජය සියල්ල දෙස සැකයෙන් බලන්න පටන් ගන්නවා. ඒ සැකයේ වාසිය මේ මෘග ප්‍රහාරය පිටුපස වන මහ මොළකරුවන් හැර අන් කිසිවෙකුටත් ලැබෙන්නේ නැහැ. ජනාධිපති කොමිසමක් යනු අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට විකල්පයක් නොවෙයි. යුක්තිය පසිඳලීම සිදුවිය යුත්තේ අපරාධ නීතියට අනුවයි. එහිදී මිනී මරපු ස්වයං ඝාතකයන් නිර්මාණය වූ මතවාදය හදපු අය, ඒ මතවාදය ද්‍රව්‍යමය බලවේගයක් බවට පත් කිරීමට මුදල් පොම්ප කළ අය, සැකකරුවන් අත්අඩංගුවට පත්වන විට පොලීසියට බලපෑම් කරලා ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වූ දේශපාලන බලවතුන් යන සියලුදෙනාට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
‘බෞද්ධ අන්තවාදය’ කියා එකක් මේ පොළොවේ නැහැ
කොමිෂන් සභා වාර්තාව අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අන්තවාදී අදහස් වැපිරුවේ නැතිනම් සහරාන් නිර්මාණය වන්නේ නැහැ. එහෙමනම් අයිඑස්අයිඑස් සංවිධානය හැදිලා තියෙන්නෙත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිසාද? ඉස්ලාම් අන්තවාදය කියන්නේ ලෝක ව්‍යාප්ත සාධකයක්, ව්‍යසනයක්. ‘බෞද්ධ අන්තවාදය’ කියා එකක් මේ පොළොවේ නැහැ. කඩු 6000ක් ගෙනත් බානකම් නිකම් බලා ඉන්න මිනිස්සු ඉන්න රටක් බවට මේ රට පත්වුණේ ‘බෞද්ධ අන්තවාදයක්’ කියා එකක් නැති නිසයි. ප්‍රහාරයට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු කොම්පඤ්ඤ වීදිය පැත්තේ පල්ලියකට කඩු මිටියක් ගෙන එන සීසීටීවී දර්ශන ඒ දිනවල මාධ්‍ය මගින් දැකගත හැකි වුණා. ප්‍රහාරයට දින කිහිපයකට පෙර කඩු මිටියක් පල්ලියට ගෙන යාමට උවමනා වුණේ ඇයි? ඔවුන් කල්තියා දැන සිටියාද, සමාජය ප්‍රකෝප වන ප්‍රහාරයක් සිදුවන බව? එහිදී ලැබීමට නියමිත සිංහල ප්‍රතික්‍රියාවට, ප්‍රතිප්‍රහාරය සඳහා මේ කඩු 6000 ගෙන එනු ලැබුවාද? සිංහල සමාජයෙන් එවැනි ප්‍රතික්‍රියා සිදු නොවුණේ මේ පොළොව මත ‘බෞද්ධ අන්තවාදයක්’ නොමැති නිසයි.
‘රිෂාඩ්ගේ මල්ලිගේ දුරකථන ඇමතුම්’
මේ කොමිෂන් සභා වාර්තාව මගින් නිශ්චිතව ඇපත් නොලැබෙන අන්දමට හිරේ දැමීමට නිර්දේශ කරන එකම කෙනා ඥානසාර හාමුදුරුවෝ. රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් එහි නිර්දේශය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතේ පැමිණිලි විභාග කිරීම. රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි සහරාන්ට දුරකථන ඇමතුම් ගත් බව රටට කීවේ අපි නොවෙයි, එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක. එදා පොලීසියේ මහත්වරු, රිෂාඩ්ගේ මල්ලි සහරාන්ට දුරකථන ඇමතුම් ගත්තු හැටි, සහරාන්ගේ ඇමතුමෙන් පසු එයා තමන්ගේ අයියට දුරකථන ඇමතුම් ගත්තු හැටි, ඉන්පසු යළිත් සහරාන්ට ඇමතූ හැටි අපට නොවෙයි පෙන්වූයේ කාදිනල්තුමන්ටයි. අත්අඩංගුවේදී රිෂාඩ්ගේ මල්ලි කියන්නේ ‘බිස්නස් වැඩටයි කෝල් කළේ’ කියායි. රිෂාඩ්ගේ මල්ලි අත්අඩංගුවට ගන්නා විට කාදිනල්තුමන්ට කියනවා, මේ ඇමතුම් අපරාධ වරදකට අදාළ ඒවා කියා. පසුව ඇප දීලා එළියට දානවිට එම ඇමතුම් ව්‍යාපාරික කටයුත්තකට ගත්තු ඒවා වෙනවා.
‘කොමිසමේ විකාරරූපී අදහස’
මේ කොමිසම හිතනවා, ‘බෞද්ධ අන්තවාදයක්’ තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙනවා, කියා. එදා දෙමළ ඊළාම් බෙදුම්වාදී ත්‍රස්තවාදය ගැන කතා කරද්දි එයට සළුපිළි ඇන්දූ අය කීවා, ‘ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති නිසා එමගින් එල්ටීටීඊ ත්‍රස්තවාදය ඇති වුණා’ කියලා. ඔවුන් කීවා ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරු සොයන තුරු ත්‍රස්තවාදය පරාජය කළ නොහැක’ කියා. ඒ නිසා චන්ද්‍රිකා තවලම් ගියා, මංගල සුදු නෙළුම් ගත්තා, ෆෙඩරල් පැකේජ් ගෙනාවා, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ගෙනාවා. මේ නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටියක් සහ තව ටිකක් ගෙනාවා. මෙතැනදීත් ඒ වියවුලම තමයි කරන්න හදන්නේ. ‘බෞද්ධ අන්තවාදයක් තියෙනවා, ඒ තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙලා තියෙනවා’ කියන එකයි මෙතැනදී හදන මතය. ඒ විකාරරූපී අදහස කොමිසමේ සාමාජිකයන් තුළ තිබෙන බව පෙනෙනවා. ඒ වාර්තාව අධ්‍යයනය කළාම. එහෙම අදහසක් නොතිබුණානම් කොමිසම යා යුතුව තිබුණේ පන්සල දෙසට නොවෙයි, මුස්ලිම් දේවස්ථානය දෙසටයි. කඩු ගොඩ ගහපු පැත්තට නොයා පන්සල පැත්තට මෙයාලා චෝදනාව දමලා තිබෙනවා.
‘කොමිසමෙත් සහරාන්ගේ අවතාර සිටියාද?’
සහරාන් සමඟ මුල් කාලයේ එකට වැඩ කරපු, ‘බුදු හාමුදුරුවෝ මස් කෑවා’ කියමින් ප්‍රසිද්ධියේ අපහාස කරපු අබ්දුල් රාසික් ගැන මෙම වාර්තාවේ නිශ්චිත යමක් කියන්නේ නැහැ. මෙහි මාවනැල්ල, වනාතවිල්ලුව ප්‍රදේශවලදී ආයුධ සමඟ පොලීසියට හසු වූ අන්තවාදීන් ඒ කාලයේ පැවැති ආණ්ඩුවේ බලවතුන්ට කියලා නිදහස් කරගන්න හදපු අසාත් සාලිට කරන්න ඕන දේ නිශ්චිතව කියා නැහැ. හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය වපුරා තිබෙනවා, කියා වාර්තාවේ සඳහන් වූවාට ඔහුට කළ යුතු දේ නිශ්චිතව කියා නැහැ. හැබැයි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ‘වැඩේ දෙන්න’ ඕන විදිය වගන්තියක් දාලාම කියා තිබෙනවා. වෙලාවකට හිතෙනවා, ‘කොමිසම ඇතුළෙත් සහරාන්ගේ අවතාර සිටියාද?’ කියා.
‘පොළ පොතට ආ කොඩාවිගේ මිනීමරු අදහස්’
ලෝක ප්‍රකට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසූ ඊජිප්පතුවේ වෙසෙන, මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ යූසුප් අල් කොඩාවි නැමැත්තාගේ අන්තවාදී ඉගැන්වීම් මෙරට මුස්ලිම් පාසල් දරුවන්ගේ පෙළ පොත් තුළට, ගුරු අත්පොත් තුළට ඇතුළත් කරන්න මෙරට මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්.එන්. අමීන් කටයුතු කර ඇති බව කොමිසම සිය වාර්තාවේ සඳහන් කරනවා. නමුත් අමීන්ට එරෙහිව ගතයුතු පියවර නිශ්චිතව පවසන්නේ නැහැ. මේ යූසුප් අල් කොඩාවිගේ එක් ඉගැන්වීමක් තමයි, ‘ඉස්ලාම් අවසාන අරමුණ ඉටුකර ගන්න නම් රාජ්‍ය බලය හා භූමිය අත්පත්කර ගැනීම අත්‍යවශ්‍යයි’ කියන එක. මේ දෙක නිවුන්නු ලෙසයි ඔහු හඳුන්වන්නේ. මේ පුද්ගලයාගේ මිනීමරු, අන්තවාදී අදහස් පෙළ පොතට එක් කළ අමීන්ට එරෙහිව ගතයුතු පියවර මෙහි නිශ්චිතව සඳහන්ව නැත්තේ ඇයි? ආගමික දවටනයක ඔතලා ඕනෑම මිනීමරු අදහසක් පැටවීම තමයි ඉස්ලාම් අන්තවාදයේ ස්වරූපය. ඒක හුදකලා අන්තවාදයක්, ත්‍රස්තවාදයක් නොවෙයි. රාජ්‍යයක් අත්පත් කර ගැනීම දක්වා විහිදුණු ව්‍යාපෘතියක්. එහි එක් මෙවලමක් විතරයි ත්‍රස්තවාදය. අන්තවාදී ව්‍යාප්තවාදය, ගර්භාෂ යුද්ධය, ජනගහන ප්‍රවර්ධනය, භූමිය අත්පත්කර ගැනීම ආදිය මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.
‘ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමේ සූදානම’
අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමට සූදානම් තක්කඩීන් පිරිසක් ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන් රිෂාඩ් බදියුදීන්ලා නියම ස්වරූපයෙන් සමාජගතවීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. දැන් හිස්බුල්ලා නැගෙනහිර වෙරළ තිරයේම ඉඩම් අත්පත් කර ගනිමින් සිටිනවා. රිෂාඩ් බදියුදීන්ලා මන්නාරම සියලු ඉඩම් මිලදී ගනිමින් ඉන්නවා. ඔවුන් මේ සපුරා ගන්නේ කොඩාවි කියූ අරමුණ. රාජ්‍ය බලය හා භූමිය අත්පත් කර ගැනීමේ දිසාවටයි ඔවුන් ගමන් කරමින් ඉන්නේ, රිෂාඩ් බදියුදීන් වසර 10ක් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධුරය දරා තිබෙනවා. ඒ අවුරුදු 10 තුළ මේ රටේ සිංහල ව්‍යාපාරිකයන් දසදහස් ගණනක් වළපල්ලට යවා තිබෙනවා. සිංහල ව්‍යාපාරිකයන් අතේ තිබුණු ව්‍යාපාර වළපල්ලට යවලා ඒවා ඔවුන් අතට ගෙන තිබෙනවා. දැනුවත්ව රිෂාඩ් බදියුදීන් සිංහල ව්‍යාපාර වැට්ටුවා. ඒ කාලයේ සතොසින් කුඩු අහු වුණා. අද කාලයේ අහුවෙනවාද? ඒ කාලයේ සිංහල ව්‍යාපාරිකයකු සතොසට බඩු දැම්මානම් මාස 05ක් විතර යනවා බිල ගෙවන්න. එවිට ව්‍යාපාරය වැටෙනවා. නමුත් මුස්ලිම් ව්‍යාපාරිකයකු බඩු දැම්මාම මාසෙන් බිල ගෙවනවා. ඉතා සූක්‍ෂ්ම විදියට සිංහල ව්‍යාපාරිකයන්ගේ බලය බින්දා. මෙතැන තිබෙන්නෙත් රාජ්‍ය බලය හා භූමිය අත්පත් කර ගැනීමේ කොඩාවිගේ අවසාන අරමුණට යාමයි. මේ අයගේ ‘ධර්මය’ ඇත්තේ කුරානය තුළ නොවෙයි යූසුප් අල් කොඩාවි වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ මතවාද තුළයි.