අනාගතයේ දවසක... 🤔🤔

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    අනාගතයේ දවසක...
    🤔
    🤔


    පාරිභෝගිකයා : මේ පීසා ඩිලයිට් ද?
    GOOGLE: නෑ සර්, මේ ගූගල් පීසා.
    පාරිභෝගිකයා: සමාවන්න.මම වැරදි අංකයකට කතා කලේ.
    GOOGLE: නෑ සර්, ගූගල් පසුගිය මාසයේ පීසා ඩිලයිට් මිලදී ගත්තා.
    පාරිභෝගිකයා: හරි. මට පීසා එකක් order කරන්න ඕන .
    වෙනදා order කරන එකමද සර්
    ආ ඔබ ඒක දන්නවා ද.
    GOOGLE: අපගෙන් දත්ත වාර්තාව න්ට අනුව, ඔබ අවසන් වරට ඇමතූ 12 වතාවෙම චීස්, සොසේජස්, පෙපෙරෝනි, හතු සහ මීට් බෝල්ස් දාපු සහිත ලොකු පීසා එකක් බැගින් order කරලා තියෙනවා.
    පාරිභෝගිකයා: හරි! ඒක තමයි මට ඕන...
    GOOGLE: මේ වතාවේ ඔබ එළවළු තක්කාලි දාපු තුනී පීසා එකක් order කරන්න කැමති නැද්ද
    පාරිභෝගිකයා: මොකක්ද ? මම එළවළු වලට කැමති නෑ
    GOOGLE: ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ නැහැ, සර්.
    පාරිභෝගිකයා: ඔබ කොහොමද දන්නේ!
    GOOGLE: අපි ඔබේ වෙෙද්‍ය වාර්තා පරීක්ෂා කරා.
    පාරිභෝගිකයා: හරි, නමුත් මට ඔබේ එළවළු පීසා අවශ්‍ය නැහැ! මම දැනටමත් කොලෙස්ටරෝල් සඳහා බෙහෙත් ගන්නවා.
    මට සමාවෙන්න සර්, නමුත් ඔබ ඔබේ බෙහෙත් හරියට අරගෙන නෑ.
    අපගේ දත්ත ගබඩාවට අනුව, ඔබ මීට මාස 4 කට ඉස්සෙල්ලා එක සැරයක් කොලෙස්ටරෝල් සඳහා ටැබ්ලට් 30 ක් පමණක් මිලදී ගෙන තියෙනවා .
    පාරිභෝගිකයා: නෑ නෑ මම දිගටම බෙහෙත් ගත්තා.
    GOOGLE: ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ ඒක පෙන්වන්නේ නෑනේ
    පාරිභෝගිකයා: මම ඒවට අතින් මුදල් ගෙව්වා.
    Credit card එකෙන් නෙවෙයි
    GOOGLE: ඒත් ඔබේ බැංකු ප්‍රකාශයට අනුව ඔබ මුදල් අරගෙන නැහැ.
    පාරිභෝගිකයා: මට ආදායම් මාර්ග කිහිපයක් තියෙනවා.
    GOOGLE: ඔබ ඒ පිළිබඳව ආදායම් බදු ලිපි පුරවන කොට සඳහන් කරලා නෑනේ
    ඒක නීති විරෝධියි.
    පාරිභෝගිකයා: මොන විකාරයක් ද!
    කණගාටුයි, සර්, අපි ඒ තොරතුරු භාවිතා කරන්නේ ඔබට උදව් කරන්න පමණයි.
    පාරිභෝගිකයා: හොඳටම ඇති! Google , Facebook , twitter ,WhatsApp එක්ක ඉදලම මම ලෙඩ වෙලා මැරිලා යයි. මම internet , smartphones නැති මා ගැන ඔත්තු බලන්න කවුරුත් නැති දුපතකට දැන් ම යනවා.
    මට තේරෙනවා සර්, නමුත් ඔබ මුලින්ම ඔබගේ passport එක අළුත් කරගන්න ඕන. සති 6 කට ඉස්සෙල්ලා ඒක expire වෙලා...
    උපුටා ගැනිමක්... | ස්තූතියි !
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,994
    113
    දූපතකට යන්න ඕනි නෑ ෆෝන් එකේ නොටිෆිකේශන් ඔක්කොම බ්ලොක් කරන්න කෝල් ඇරෙන්න. අනික්ව මතක් උනොත් බලන්න. හදිසිම පණිවිඩයක් නන් කෝල් එකක් එයිනෙ.