අනාගතයේ_රේඩියෝව
රේඩියෝවක මීටරයක් අල්ලාගෙන ගීතයක් ඇසීම තරමක හිස කකියවන සංසිද්ධියකි. එක්කෝ අදාල මීටරයට නියමිත අංකය ශ‍්‍රාවකයාට මතක නැත. එසේත් නැත්නම් ඉතාමත් ළඟින් රේඩියෝවේ මීටර දෙක, තුනක් ම හසු වී ගීත දෙක තුනක් ම හසු වී ගීත දෙක තුනක් අතර මැදින් වාදනය වේ. නියමිත සංඥා නොලැබුණහොත් නයකු ශබ්ද කරන්නාක් මෙන් ෂූ ... ෂූ ... යනුවෙන් අපූරු සංගීතයක් ඇසීමට ශ‍්‍රාවකයාට සිදු වේ.වර්තමානයේ ගුවන් විදුලියෙන් ඇසෙන ගීත අසා සිටීම තරමක් අපහසු ය. නිවේදක, නිවේදිකාවන්ගේ තොඳොල් කථා, අසා සිටීමට වර්තමාන ශ‍්‍රාවකයා තුළ කැමැත්තක් නැත. හිනා නොයන විප‍්‍රකාර විහිලු සහ දුරකථනයෙන් එකී ගුවන් විදුලි සේවාව සමඟ සම්බන්ධ වන අසන්නාගේ දුක් අඳෝනා අසා සිටීමෙන් යළි යළිත් ශ‍්‍රාවකයා අසරණ වේ. රසවත් ගීතයක මැදින් වෙළෙඳ ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙස නිවේදකයා දෙඩවීමත්, නොයෙකුත් ශබ්ද නිකුත් කිරීමත්, බාල ගුවන් විදුලි වැඩසටහනුත් හේතුවෙන් වර්තමානය වන විට ගුවන් විදුලියෙන් මිනිසා ඈත් වෙමින් හිඳී යැයි කීම යුක්ති සහගත ය.
අතිශය සංකීර්ණ සමාජ රටාවකට හුරු වූ වර්තමාන මිනිසා නොයෙක් ගුවන් විදුලි නාලිකාවනට අවැසි වැඩසටහන්වලට සවන් දීමෙන් ඔබ්බට යාමට දැන් තරමක් රැඩිකල් තීරණයක් ගෙන ඇත.මෙම රැඩිකල් තීරණයේ මුල් ම පියවර ඉන්ටනෙට් රේඩියෝ හෙවත් අන්තර්ජාල රේඩියෝවට සමීප වීම යි. නමුත් අනිවාර්යයෙන් ම එකී ශ‍්‍රාවකයා සතුව අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් තිබීම මෙහි අත්‍යවශ්‍ය සාධකයකි.
ඉන්ටනෙට් රේඩියෝ බොහෝ ප‍්‍රමාණයක් දැන් අන්තර්ජාලය තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතී. අවශ්‍ය වන්නේ තමන්ට අවැසි ඉන්ටර්නෙට් රේඩියෝව කුමක් ද කියා තීරණය කිරීම ය. ඉන්ටර්නෙට් රේඩියෝ සොයා ගැනීමට ඇවැසි නම් මේ සඳහා ගූගල් සර්ච් එන්ජිම හෝ යාහු සර්ච් එන්ජිම උපකාරයට ගත හැකි ය.සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් රේඩියෝවක විකාශය කෙරෙන වැඩසටහන් සතුටුදායක ප‍්‍රමිතියක ඒවා ය. නමුත් ඉන්ටර්නෙට් රේඩියෝවෙන් ද ශ‍්‍රාවකයාට සවන් දීමට සිදු වන්නේ අදාල කාලය තුළ විකාශනය කිරීමට නියමිත වැඩසටහන්වලට ය. ශ‍්‍රාවකයාට අවශ්‍ය ආකාරයේ වැඩසටහන්වලට සවන් දීමේ අයිතිය මෙහිදී ද ඇහිරී යයි.
ශ‍්‍රාවකයාට කැමති, ශ‍්‍රාවකයාට ඇවැසි වේලාවට ශ‍්‍රවණය කළ හැකි ඉන්ටර්නෙට් රේඩියෝවෙන් ද තරමක් එහාට ගිය තවත් රේඩියෝවක් තිබේ. මෙය හඳුන්වනු ලබන්නේ පොඩ්කාස්ටින් නමිනි. මෙය හඳුන්වා දුන් මුල් කාලයෙ දී පොඩ්කාස්ටින්වලට අයිපෝඩ් යන්ත‍්‍රයක් තිබීම අනිවාර්ය සාධයක් විය. (අයිපෝඩ් යනු ඇපල් සමාගම විසින් නිර්මාණය කරන ලද පුද්ගලික ඩිජිටල් ප්ලේයරයකි.)නමුත් කාලය ගත වීමත් සමඟ ම විශාල මුදලකට මිල නියම කර තිබූ අයිපෝඩ් යන්ත‍්‍රය දැන් සාමාන්‍ය ජනයාට ද මිල දී ගත හැකි අයුරින් මිල අඩු විය. එසේ ම මුල දී පොඩ්කාස්ටින් සඳහා අයිපෝඩ් යන්ත‍්‍රයක් අනිවාර්ය සාධකයක් වී තිබූ මුත් දැන් එසේ නැත. පොඩ්කාස්ටින් දැන් එම්. පී. තී‍්‍ර මාදිලියෙන් අන්තර්ජාලයට මුසු කරන නිසා අයිපෝඩ් භීතිකාවෙන් මිදීමට ශ‍්‍රාවකයාට හැකි වී තිබේ.මේ අලුත් ක‍්‍රමය අනුව ශ‍්‍රාවකයා සතු විය යුතු අවම පහසුකම වන්නේ අන්තර්ජාල සබඳතා ඇති පරිගණක යන්ත‍්‍රයක් පමණි. පළමුව අදාළ පොඩ්කාස්ටින් වෙබ් අඩවියට ඇතුළු වී තමාට අසන්නට අවශ්‍ය වැඩසටහන් මාදිලිය තෝරා ගැනීමට ශ‍්‍රාවකයාට හැකි ය.
සාමාන්‍යයෙන් පොඩ්කාස්ටින් ක‍්‍රමය යටතේ සෑම සියලු ක්ෂේත‍්‍රයක් ම ආවරණය කරමින් වැඩසටහන් නිෂ්පාදනය කරයි. ඔබට අවශ්‍ය තොරතුරු තාක්‍ෂණය පිළිබඳ වැඩසටහනක් නම් වෙනුවෙන් ම නිර්මාණය වූ පොඩ්කාස්ටින් වැඩසටහනක් සොයා ගැනීම අතිශය පහසු කාරියකි. ඔබට අවශ්‍ය ගීත ඇසීමට නම් ඒ සඳහා ද ඇප කැප වූ පොඩ්කාස්ටින් වැඩසටහන් තිබේ. සාමාන්‍යයෙන් පොඩ්කාස්ටින් ලෝකයේ වෘත්තීය පොඩ්කාස්ටින්වරු බොහෝ සිටිති. මොවුන් ස්වකීය වෘත්තියේ කෙල පැමිණි අයවලුන් වීම මෙහි ඇති අනෙක් විශේෂත්වය යි. මේ හේතුවෙන් ම පොඩ්කාස්ටින් විකාශ තුළ හරබර වැඩසටහන් ප‍්‍රමාණයෙන් වැඩි ය. මොවුන්ගේ අභිප‍්‍රාය සරල, සොඳුරු වැඩසටහන් මගින් ශ‍්‍රාවකයාට සැලවීම නොවේ. බුද්ධිමත්, තිරසාර වැඩසටහන් මගින් ශ‍්‍රාවකයාව බුද්ධිමය සංවාදයකට යොමු කිරීමේ මොවුන්ගේ අරමුණ යි.ඔබට අවැසි පොඩ්කාස්ටින් වැඩසටහන තෝරා ගත් පසුව ඔබ කළ යුත්තේ ඔබේ පරිගණකයේ කොහේ හෝ ස්ථානයට එකී වැඩසටහන බා ගැනීමයි. මෙසේ බාගත් වැඩසටහන් ඔබට අවැසි ඕනෑම වේලාවක ශ‍්‍රවණය කිරීමට ඔබට හැකි ය.එසේ ම වර්තමාන ලෝකයේ අතිශය ජනප‍්‍රිය වෙමින් පවතින එම්. පී. තී‍්‍ර ධාවන යන්ත‍්‍රයක් ද මේ සඳහා උපයෝගී කරගත හැකිය.
සාමාන්‍යයෙන් වෙළෙඳ පොළෙ මේ එම්. පී. තී‍්‍ර ධාවන යන්ත‍්‍රයක් රුපියල් 4000, 5000 ක් අතර මුදලකට මිල දී ගත හැකි ය. සාමාන්‍යයෙන් අඩු ධාරිතාකින් යුක්ත එම්. පී. තී‍්‍ර යන්ත‍්‍රයක් පෙර සඳහන් කළ මිලටත් වඩා බොහෝ අඩුවෙන් මිලදී ගත හැකි ය. මේවා තැන තැන ගෙන යා හැකි ආකාරයට තැනූ එම්. පී. තී‍්‍ර ධාවන යන්ත‍්‍ර නිසා ඔබේ අරමුණ වඩාත් හොඳීන් ඉටු කර ගත හැකි ය.පරිගණකයට බාගත් ගොනුව ඔබට එම්. පී. තී‍්‍ර ධාවන යන්ත‍්‍රයට ඇතුළත් කරගෙන රිසි සේ කැමති වේලාවක ශ‍්‍රවණය කළ හැකි ය. තව දුරටත් මේ පිළිබඳ කිව හොත් වර්තමානයෙ භාවිත වන ජංගම දුරකථනයකට ද මේ එම්. පී. තී‍්‍ර වර්ගයේ ගොනු ඇතුළත් කර ශ‍්‍රවණය කිරීම එතරම් අපහසු නැත. විශේෂයෙන් ම දැනට වෙළෙඳ පොළේ ඇති “නොකියා” වර්ගයේ සහ “සෝනි එරික්සන්” වර්ගයේ දුරකථන තුළ මෙකී පහසුකම දක්නට හැකි ය.
පොඩ්කාස්ටින් කාගෙ කාගේත් සිත් වශී කරමින් දිගු ගමනක් යාමට සූදානම් වග ඉන්ටර්නෙට් ලෝකය තුළ දැන් ප‍්‍රකටව ඇති කරුණකි. වෙනදා නිවසේ සාලයේ විරාජමානව සිටි රේඩියෝව කුණු බක්කියට ම ඇද දමන්නට පොඩ්කාස්ටින් ක‍්‍රමයට නුදුරු දිනයක ම හැකි වනු ඇත. එදිනට මිනිසුන්ව පාලනය කිරීමට උත්සාහ කිරීමට උත්සාහ කරන රේඩියෝ කලාව අභාවයට ගොස් මිනිසුන් විසින් තම පාලනය යටතට ගැනෙන රේඩියෝ කලාවක් බිහි වනු ඇත.
>>>>>>>
අනාගතයේ රේඩියෝව.