අනාතවිල්ලූව

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    TDvbqY0.jpg



    වනාතවිල්ලූවේ අක්කර දෙසීයක පමණ වන ගහනයක් ගිනි තබා හෙළි පෙහෙළි කර කොළඹ පෞද්ගලික සමාගමකට අලෙවි කිරීමේ උත්සහයක් ගැන ඊයේ (06 දා) පුවත්පත් මගින් අනාවරණය කර තිබිණි. මේ ගිනි තැබීම සිදුකර ඇත්තේ අවුරුදු දෙතුන් සියය පැරණි පලූ, වීර, බුරුත, ගස් කපා ඉවත් කර ගැනීමෙන් පසුවය. අක්කර දෙසීයක දැව යනු පොඩි සෙල්ලමක් නොවේ. අඩුම ගණනේ මෙතැන රුපියල් කෝටි දෙසීයකවත් දැව තිබෙන්නට ඇත. එම දැව ඉවත් කරගත් පසු ඉතිරි වූයේ පඳුරු සහිත භූමියකි. එම පඳුරුවලට ගිනි තැබූ සැණින් ගින්න පැතිර යන අතර එමගින් නිකුත්වන කාබන් මොනොක්සයිඞ් ඇතුළු විෂ වායු වලාකුළු අතරට වැද වැසි වසින විට ආම්ලික ද්‍රාවණ බවට පත්වී මනුෂ්‍යයා විසින් පරිහරණය කරනු ලබන ඇළ, දොළ, ගංගා, ළිං, පොකුණුවලට මුසු වී මිනිසුන්ට පානය කිරීමට සිදු වේ. අපට ඇති දුක නම් වනය කෙළසා එයට ගිනි තැබූ කාලකණ්ණින්ට පමණක් නොව අපටද මේවා බීමට සිදු වීමය.
    වනාතවිල්ලූවේ වනාන්තරයෙන් අක්කර දෙසීයක් කෙළෙසීම හෙණ ගහන අපරාධයකි. ළඟ එන මෝසම් වර්ෂා සමයේදී මේ හෙණ පොළොවට ඉතා ආසන්නයෙන් පිපිරීමට ඉඩ තිබේ. වන සංහාරකයන් ප‍්‍රවේශම් වීමෙන් ඵලක් වේද යන්න අපි නොදනිමු. ස්වභාව ධර්මය මිනිසාගෙන් ඉතා දුෂ්ට ලෙස පලිගන්නා අවස්ථා තිබේ. සුනාමිය එවැනි අවස්ථාවකි. කොළොන්නාවේ කුණු කන්ද නාය යෑමද එවැනි අවස්ථාවකි. කොළොන්නාවේ කුණු කන්ද නාය යෑමට මොහොතකට පෙර කන්ද දෙසින් විශාල පිපිරුම් හඬක් නැ`ගිණි. එයට හේතුව කුණු කසළ පල් වීමේදී නිකුත් වන මීතේන් වායුව ගිනි ගැනීමෙනි. කොළොන්නාව කුණු කන්ද නාය යන්නේ එහි ගැබ්ව තිබූ මීතේන් වායුව ගිනි ගැනීමෙන් හටගත් අධික පීඩනය ස්ඵෝටනයක් බවට පත්වීමෙනි. අපගේ කතාව අන් අතක් යන බව පෙනේ. එබැවින් වනාතවිල්ලූ වන සංහාරය දෙසට හැරෙමු. ප‍්‍රශ්නගත අක්කර දෙසීයක වන බිම ආණ්ඩුවේ ඉඩමක් වන අතර ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට පනස් අවුරුද්දක් සඳහා බදු දුන්නකි. සිමෙන්ති සංස්ථාව කලක් හොරුන්ගේ සෙල්ලං බඩුවක් බවට පත්ව තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව තිබියදී පාකිස්ථානයේ ධනවත් පවුලක් වූ තවක්කාල් සහෝදරවරු වනාතවිල්ලූවට අයත් පුත්තලමේ සිමෙන්ති කොම්පැණිය මිලදී ගැනීමට මෙහි පැමිණියේය. තවක්කාල්වරු ඉතිහාසයේ කවදාවත් සිමෙන්ති හැදු අය නොවෙති. ඔවුන්ගේ අරමුණ වුණේ සිමෙන්ති කොම්පැණිය තුට්ටු දෙකට මිලට ගෙන එය සිමෙන්ති සෑදීමට දත් සමාගමකට ඩොලර් මිලියන සිය ගණනකට විකිණීමය. කෙසේ වුවද තවක්කාල් වැඬේ ගැස්සුණු අතර හොල්සිම් සමාගමට සිමෙන්ති කොම්පැණියේ අයිතිය ගියේය. අද මේ අයිතිය ඉන්සී නමැති බුරුම සමාගමක් අතට පත්ව තිබේ. සිමෙන්ති කොම්පැණිය වටේ තිබෙන අක්කර පන්දාහේම හුණු ගල් ඇත. තවක්කාල්වරුන් පුත්තලම් සිමෙන්ති කොම්පැණියට හරිආකාරව බැස්සේ නම් අක්කර පන්දාහේ කෙසේ වෙතත් අක්කර දාහකවත් හුණු ගල් මේ වන විට අතුරුදන්ය. වනාතවිල්ලූවේ වන ඉඩම් අක්කර දෙසීය සුද්ද පවිත‍්‍ර කර ගිනි තැබූ බ්‍රෝකර් ලා තුන් දෙනෙක් සහ බයර් කෙනෙක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිලධාරීන් කිහිප දෙනකුගේ සහයෙනි.

    එහෙත් වනය ගිනි තැබීමට ගිනි පත්තු කළ වුන්ද ඊට පෙට‍්‍රල් සහ ලයිටර් සැපයූ වුන්ද වන සංහාරක කාර්ය මණ්ඩලයට පඩි ගෙවූ වුන්ද අදටත් පොලිසියෙන් සැඟවෙමින් නිදහසේ ජීවත් වෙති. වන සංහාරයට යොදාගත් බැකෝ යන්ත‍්‍රය පොලිසිය එහි පැමිණීමට පෙර අතුරුදන් විය. බැකෝවක් යනු ඉඳිකට්ටක් නොවේ. එය ගොඩබිම මිස අහසින් නොයයි. වන විනාශයට පැමිණි මෙබඳු ලොකු බඩුවක් අතුරුදන් වීමට දේශපාලනඥයකුගේ සහාය අත්‍යවශ්‍යය. එම දේශපාලනඥයා ඔක්සිජන් වේවා කාබන් ඩයොක්සයිඞ් වේවා අත්අඩංගුවට ගත යුතුය. එම දේශපාලනඥයා පොහොට්ටුවේ හොර ගෙඩියකු වේවා, සමගි ජන බලවේගයේ හොර ගෙඩියකු වේවා අත්අඩංගුවට ගත යුතුමය. පරිසරය වැනසීමේ කටයුත්තේදී මේ රටේ සියලූ ආණ්ඩු එක හා සමාන ස්ථාවරයක් දරති. ඒ අනුව යහපාලන ආණ්ඩුව කෙළිය පිස්සුවම මේ ආණ්ඩුව ද කෙළින බව පෙනේ. සිංහරාජ අඩවිය හරහා කපන ලද ලංකාගම පාර පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එතැනට ගොස් එම ව්‍යාපෘතියේ ඇති සාධාරණත්වය ප‍්‍රකාශ කිරීම ඉතිහාසගත වරදකි. දේශපාලනඥයන් සහ කූට ව්‍යාපාරිකයන් කරන කුණු වැඩවලට බෙල්ල දීම සඳහා රටේ ජනාධිපති පෙළඹවීම නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් කෙරුණු නීච ක‍්‍රියාවකි. යුද්ධය දිනූ ගෝඨාභය වනාන්තරයක් මැදින් කපන පාරකට නොපැරදිය යුතුය. මේ කතන්දරේ ඉතිරි ටික හෙට ලිවීම අපගේ අදහසය. එම ලියවිල්ලේදී කූට දේශපාලනඥයන් සහ කූට නිලධාරීන් කිහිප දෙනකුගේ නම් හෙළි කිරීමට අපට සිදුවුවහොත්, ඊට ද කරන්නට දෙයක් නැත.



    https://divaina.com/daily/index.php/kathuwakiya/47543-2020-09-04-13-45-88
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපි මැරෙන්න කලින්ම කැල්වල් ටික අතුරුදහන් වේ වගේ

    Dual සිටිසන් උන්ට මොන වනාන්තර ද, ඉන්න බැරි කාලෙකට හොඳට හම්බ කරන් ඇමරිකාවටම යයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ගියපාර මහින්ද වගේ පිස්සු කෙලියොත් ඊලග චන්දෙන් ගොටබය මහත්තයත් ගෙදර, සොරි තමා
     
    • Like
    Reactions: D_Mad and NRTG