අනාත්මයෙන් සුංඥත චේතෝ විමුක්තිය.

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Screenshot%2013_zpsmxlc6tmd.png




    බුදුරජාණන් වහන්සේ මෙහිදී අනත්ත යන්න විස්තර කර ඇත්තේ විපරිණාම ධම්ම වශයෙනුයි.අනත්ත යනු අන්‍යතාභාවයට පත්වීම හෙවත් වෙනස් වී යන ස්වභාවයෙන් යුක්ත වීමයි.එනම් විපරිණාමයට පත්වී යාමයි.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21258385 said:
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම

    සත්තට්ටාන සූත්‍රය දේශනා කලේ මීවනපලානෙ හාමුදුරුවොද ? නැත්නම් වහරක හාමුදුරුවොද ?
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවත්ථු ප්‍රකරණයේ ජට්ඨ වග්ගයේ ආකාසකථා [ http://thripitaka.org/view/ap/ap5/277 ] විස්තරයේ ආකාසය අසඞ්ඛත යැයි නොකිව යුතු යැයි විස්තර වෙනවා.

    අභිධර්ම පිටකයේ සඳහන් එම විස්තරය පිළිබඳව පරමත්ථදීපනී පඤ්චප්පකරණට්ඨකථා වල සඳහන් ආකාසකථාවණ්ණනාවේ [ http://thripitaka.org/view/shb/vol38/164 ] පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස ලෙසින් ආකාසය ත්‍රිවිධ බව සඳහන් වෙනවා. ඒවායන් පරිච්ඡෙදාකාසය සඞ්ඛත බවත්, ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර බවත් සඳහන්. එම ප්‍රඥප්තිමාත්‍රයන් දෙක අසඞ්ඛත යැයි නොකිව යුතු බවයි අභිධර්ම පිටකයේ පෙර දක්වන ලද ස්ථානයේ විස්තරයෙන් ඇඟවෙන්නේ.

    පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස යන වචන වලින් හරියටම දැක්වෙන්නේ මොනවා දැයි විස්තර තවම හමු වුනේ නැහැ. සමහර විට "පරිච්ඡෙදාකාස" යන්නෙන් වායුගෝලය (atmosphere) දැක්වෙනවා විය හැකියී, "අජටාකාස" යන්නෙන් පිටත අභ්‍යාවකාශය (outer space) දැක්වෙනවා විය හැකියී. නමුත් නිවැරදිව වටහා ගන්න තව විස්තර සොයා බලන්න ඕනෑ.

    එම කරුණු මිලින්ද ප්‍රශ්න වල සඳහන් පෙර මම ගෙන හැර දැක්වූ කරුණු සමඟ ගැළපේද, නැත්නම් නොගැළපේද යන්න එකවර කියන්න අමාරුයි. මට වැටහුණු ආකාරයට මිලින්ද ප්‍රශ්න වල කියවෙන්නේ විවෘත අවකාශයක් ගැනම නොවෙයි. පෘථිවියෙන් උවත් අවුරන ඉඩක් තිබෙනවා. පෘථිවිය තිබුනත් එම ඉඩේ නැති වීමක් නැහැ. ආකාස යන්න එවන් අර්ථයකින් මිලින්ද ප්‍රශ්න වල දක්වන ලද ස්ථානයන්හි භාවිතා වී ඇති බවයි මට වැටහුනේ. එය එසේ නම් කථාවත්ථු ප්‍රකරණයේ ආකාසකථා විස්තරයේ සඳහන් කරුණ සහ මිලින්ද ප්‍රශ්න වල සඳහන් කරුණු යන සියළුම කරුණු ධර්මයට ගැළපෙන මනා අර්ථ තිබෙනවා විය හැකියී. නමුත් පැහැදිලි බව පිණිස තව කරුණු සොයා බලන්න ඕනෑ. පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස යනු මොනවා දැයි හරියටම විස්තරයක් හොයාගන්න හැකි නම් අගෙයි. එවිට ඒ කරුණු මිලින්ද ප්‍රශ්න වල සඳහන් කරුණු සමගත් සසඳා බලන්න පුළුවන්.

    නා උයනේ අරියධම්ම හිමිගේ පෙර දක්වන ලද වීඩියෝවේ ප්‍රඥප්ති යන්න අසඞ්ඛත යැයි එහිමියන් පවසනවා. වීඩියෝවේ විනාඩි විසි තුනයි, තත්පර පහලොවෙන් පමණ ඉදිරියට ඇති ආසන්නයේ එය කියැවෙනවා. ඒ ගැනත් වැඩි විස්තර සොයා බලන්න ඕනෑ.

    වැඩි විස්තර හමු උනොත් දන්වන්නම්.

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභඞ්ගප්පකරණයේ ධාතුවිභඞ්ගයේ [ http://thripitaka.org/view/ap/ap2/174 ] ආකාසධාතු ගැන විස්තර කෙරෙන විට ආධ්‍යාත්මික ආකාසධාතුව ගැන "ප්‍රත්‍යාත්ම" යැයි සඳහන් වෙනවා. සූත්‍ර පිටකයේත් එබඳුම විස්තර පවතිනවා. උදාහරණයකට මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ භික්ඛු වග්ගයේ මහාරාහුලෝවාද සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp5/158 ] දැක්විය හැකියී. "පච්චත්තං" යන පාලි වචනය සමහරක් තැන් වල "ප්‍රත්‍යාත්ම" ලෙස පරිවර්තනය කර තිබීම සුදුසු දැයි යම් කුකුසක් මට තිබෙනවා. නමුත් ලේ, මස් ආදිය නිසා පවතියී යැයි සැලකුවහොත් ආධ්‍යාත්මික ආකාසධාතුව ප්‍රත්‍යාත්මැයි කීමේ අර්ථයක් ඇති බව පෙනෙනවා. මෙසේ ලියන්නේ "ප්‍රත්‍යාත්ම" යන්න "යම් දෙයක් නිසා පවතින" යන අර්ථ ඇතැයි සලකායී.

    තවද ෂට්ධාතු විස්තර කෙරෙන විට වායෝ ධාතුව ආකාස ධාතුවෙන් වෙන්ව විස්තර වී තිබෙනවා.

    එම හේතූන් නිසා "පරිච්ඡෙදාකාස" යන්නෙන් වායුගෝලය (atmosphere) දැක්වෙනවා යැයි කලින් අනුමාන කලත් එය නිවැරදි නොවෙන්න ඉඩ තිබෙනවා. සමහරක් විට අන් කිසි දෙයකින් වැසුනු, ආවරණය වූ අවකාශයක් "පරිච්ඡෙදාකාස" ලෙස හැඳින්වෙනවා වෙන්න පුළුවන්. අන් කිසි දෙයක් එම වැසීමට, ආවරණයට හේතු වන බැවින් එවන් අවකාශයක් සඞ්ඛත යැයි පැවසෙනවා වෙන්න පුළුවන්.

    ඒ නිසා සමහරක් විට "අජටාකාස" යන්නෙන් පිටත අභ්‍යාවකාශය (outer space) පමණක්ම නොව වායුගෝලය (atmosphere) යැයි සම්මත අවකාශයද දැක්වෙනවා වෙන්න පුළුවන්.

    Skylark
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පින්වත් ex-muslim Ahmed,

    ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවත්ථු ප්‍රකරණයේ ජට්ඨ වග්ගයේ ආකාසකථා [ http://thripitaka.org/view/ap/ap5/277 ] විස්තරයේ ආකාසය අසඞ්ඛත යැයි නොකිව යුතු යැයි විස්තර වෙනවා.

    අභිධර්ම පිටකයේ සඳහන් එම විස්තරය පිළිබඳව පරමත්ථදීපනී පඤ්චප්පකරණට්ඨකථා වල සඳහන් ආකාසකථාවණ්ණනාවේ [ http://thripitaka.org/view/shb/vol38/164 ] පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස ලෙසින් ආකාසය ත්‍රිවිධ බව සඳහන් වෙනවා. ඒවායන් පරිච්ඡෙදාකාසය සඞ්ඛත බවත්, ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර බවත් සඳහන්. එම ප්‍රඥප්තිමාත්‍රයන් දෙක අසඞ්ඛත යැයි නොකිව යුතු බවයි අභිධර්ම පිටකයේ පෙර දක්වන ලද ස්ථානයේ විස්තරයෙන් ඇඟවෙන්නේ.

    පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස යන වචන වලින් හරියටම දැක්වෙන්නේ මොනවා දැයි විස්තර තවම හමු වුනේ නැහැ. සමහර විට "පරිච්ඡෙදාකාස" යන්නෙන් වායුගෝලය (atmosphere) දැක්වෙනවා විය හැකියී, "අජටාකාස" යන්නෙන් පිටත අභ්‍යාවකාශය (outer space) දැක්වෙනවා විය හැකියී. නමුත් නිවැරදිව වටහා ගන්න තව විස්තර සොයා බලන්න ඕනෑ.

    එම කරුණු මිලින්ද ප්‍රශ්න වල සඳහන් පෙර මම ගෙන හැර දැක්වූ කරුණු සමඟ ගැළපේද, නැත්නම් නොගැළපේද යන්න එකවර කියන්න අමාරුයි. මට වැටහුණු ආකාරයට මිලින්ද ප්‍රශ්න වල කියවෙන්නේ විවෘත අවකාශයක් ගැනම නොවෙයි. පෘථිවියෙන් උවත් අවුරන ඉඩක් තිබෙනවා. පෘථිවිය තිබුනත් එම ඉඩේ නැති වීමක් නැහැ. ආකාස යන්න එවන් අර්ථයකින් මිලින්ද ප්‍රශ්න වල දක්වන ලද ස්ථානයන්හි භාවිතා වී ඇති බවයි මට වැටහුනේ. එය එසේ නම් කථාවත්ථු ප්‍රකරණයේ ආකාසකථා විස්තරයේ සඳහන් කරුණ සහ මිලින්ද ප්‍රශ්න වල සඳහන් කරුණු යන සියළුම කරුණු ධර්මයට ගැළපෙන මනා අර්ථ තිබෙනවා විය හැකියී. නමුත් පැහැදිලි බව පිණිස තව කරුණු සොයා බලන්න ඕනෑ. පරිච්ඡෙදාකාස, කසිණුග්ඝාටිමාකාස සහ අජටාකාස යනු මොනවා දැයි හරියටම විස්තරයක් හොයාගන්න හැකි නම් අගෙයි. එවිට ඒ කරුණු මිලින්ද ප්‍රශ්න වල සඳහන් කරුණු සමගත් සසඳා බලන්න පුළුවන්.

    නා උයනේ අරියධම්ම හිමිගේ පෙර දක්වන ලද වීඩියෝවේ ප්‍රඥප්ති යන්න අසඞ්ඛත යැයි එහිමියන් පවසනවා. වීඩියෝවේ විනාඩි විසි තුනයි, තත්පර පහලොවෙන් පමණ ඉදිරියට ඇති ආසන්නයේ එය කියැවෙනවා. ඒ ගැනත් වැඩි විස්තර සොයා බලන්න ඕනෑ.

    වැඩි විස්තර හමු උනොත් දන්වන්නම්.

    Skylark


    සාධු සාධු පිංවත් ස්කයිලාක්, මෙහෙම හැම පැත්තෙන්ම බලා දීර්ඝ විස්තරාත්මක උත්තර දෙන ඔබට තව ගොඩාක් පින් ලැබේවා! මේක කියවන අයගේ සැක ආදිය දුරු වන පරිදි තව තවත්ප රිපූර්ණ උත්තර දෙන්න ශක්තිය ඔබට ලැබේවා!
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21155523 said:
    පිංවත් අහමඩ් සහ ස්කයිලාක්,

    බොහොම පිං මේවගේ ත්‍රෙඩ් එකක් දැමාට. මට හිතෙන විදියට ඇමරිකං බුද්ධාගම්කාරයෝ නම් ඔය අනාත්ම වලට තමන්ගෙම තේරුමක් හදාගෙනයි ඉන්නේ. වහරක වගේ හාමුදුරුවරු විනාස කරපු ත්‍රිලක්ෂනය ඇමරිකාවේ ඉන්න අපේ ලාංකිකයොත් උඩදාගෙන පිලිගන්නේ ඒකයි. මේ ලඟදී දැක්ක ටෙක්සාස් පැත්තේ ඉන්න ලංකාවේ ෆිසික්ස් ප්‍රොපෙක්ගේ සයිට් එකක් බුද්ධාගම ගැන. නිවන ගැන නොවෙයි සබ්බ ධම්මා යන බුදු වදනේ තියෙන්නේ කියල ලියා තිබුනා. වල්පොල රාහුල හාමුදුරුවන් වැරදි බවත් එහිම සටහන් කර තිබුනා, පසුවයි දැක්කේ වහරක හිමිගේ අනුගාමිකයෙක් බව.

    සුදස්සන හාමුදුරුවෝ නම් එහෙම විහිලු කතා කියන ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ නම් ඔය අනාත්ම වලට "තමන් වසඟයේ පවත්වා ගන්ඩ බැරි නිසායි අනාත්ම කියන්නේ" වගේ කතා කියන්නේ නැහැ. ඔය වසඟයේ පවත්තගන්න බෑ කියන එකේ එල්ලී සිටින අයට නම් සබ්බේ ධම්මා යන්නට අසංඛත ධාතුව අයත් නොවන බව "සත්‍යක්". නිවන සම්බන්දයෙන් තමන් වසඟයේ පවත්ත ගන්න බැරි, පුලුවන් කමක් කිව හැකිද? බැහැ නොවැ! මෙතනදී මම කෙලින්ම ප්‍රකාශ කරන්නම් මේ "තමන් වසඟයේ පත්වා ගන්න බැරි බව" සම්බන්දයෙන් මම දරන ස්තාවරය නම් එය අනාත්ම විස්තර කරන ලක්ෂණයක් එහෙමත් නැත්තම් අනාත්ම යේ ඵලයක් පමණයි කියන එකයි. අනාත්ම නිසායි "වසඟයේ පවත්ත ගන්න බැරි" ඔය අහමඩ් කියන ශරීරය අභිභවන Hidden Agent, Ghost කෙනෙක් ඒ තුල ඉන්නවා නම් තමයි වසඟයේ පවත්වා ගන්න්න පුලුවන් වනුයේ!. එනිසාම එහිම අනිත් පැත්ත, අනාත්ම යනු වසඟයේ පවත්වා ගනීමට නොහැකියාව යනුවෙන් ගැනීම යනු අනවබෝධය, ධර්ම කරුන තුල ප්‍රඥා චෛතසිකය නොයෙදීම හෙවත් අනුවනකම යනුවෙන් ගත යුතුයි.

    උදාහරණයකට කාරයක ඇති කෘතිම බුද්ධිය වෙන් කර හඳුනා ගැනීමට පර්යේෂකයෙක් සටහන් කරනවා "රියදුරෙක් රහිතව වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය යන ලක්ෂන පෙන්වයි නම්, ප්‍රතිපල ලබා ගත හැකි නම් එය AI සහිත වාහනයකි" යනුවෙන්. යමෙක් මේ ලැයිස්තුවෙන් රියදුරෙක් රහිතව කියන වචන ලොප් කර, "AI කාර් එකක් නම් වේගපාලනය, අනපේක්ශිත අවස්තා වලදී තිරිංග යෙදීම, පැති -ඉදිරි-සහපසු පසින් එන වාහන අතර දුර කලමණාකරනය කරන්න පුලුවන් වෙන්ඩ ඕනෑ" කීම සදොස් කියමනකි. සිරුරෙන් (හෝ කාරයෙන් ) පරිභාහිරව හඳුනාගත හැකි ඊටම අනන්‍ය වූ සිරුර අභිභවා සිරුර පාලනය කල හැකි, මරණයේදී නොබිඳෙන ප්‍රපංචය ආත්මය වෙයි. මෙය හිතේ ඇතිවන ෆැන්ටසියක් විනා ඇත්තටම පවතින්නක් නොවේ. මේ සම්බන්දයෙන් බුදු පියානන් දැරු ස්ථාවරය හොඳින් විස්තර කෙරෙන්නකි, අත්ථත්ථ සූත්‍රය.


    සංයුත්තනිකායො
    සළායතන වර්‍ගය
    10. අව්‍යාකත සංයුත්තය
    10. අත්ථත්ත සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය.

    “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ගියේය.

    ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ගිය නොබෝකලකින් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට අසන ලද ප්‍රශ්නය ප්‍රකාශ නොකළසේක් දැයි” සැලකෙළේය.

    “ආනන්දය, “වච්ඡගොත්ත පරිබ්‍රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි’ අසන ලද්දාවූ මම ආත්මය ඇත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දාවූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය නැත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි,”

    “ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දාවූ මම ආත්මයක් නැතැයි ප්‍රකාශ කරන්නේ නම්, ආනන්දය, මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේයයි මුළාවූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ වැඩියත් මුළාව පිණිස පවත්නේය.”

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මම පහුගිය කාලයේ අනිච්ච, දුක්ඛ සහ අනත්ත යන වදන් සූත්‍ර වලත්, විසුද්ධිමාර්ගයේ සහ අට්ඨකථා වලත් භාවිතා වී ඇති ආකාරය විමසා බැලුවා. අනිච්ච, දුක්ඛ, සහ අනත්ත ගැන විසුද්ධිමාර්ගයේ සහ අට්ඨකථා වල බොහෝ විස්තර තිබෙනවා. අනිච්ච, දුක්ඛ සහ අනත්ත ගැන මට පැවති කුකුස් බොහෝ ප්‍රමාණයක් එම විස්තර විමසා බැලීම නිසා පහව ගියා.

    ඔබ මේ ත්‍රෙඩ් එකේ මෙසේ ලියා තිබෙනවා:

    <quote>
    මෙතනදී මම කෙලින්ම ප්‍රකාශ කරන්නම් මේ "තමන් වසඟයේ පත්වා ගන්න බැරි බව" සම්බන්දයෙන් මම දරන ස්තාවරය නම් එය අනාත්ම විස්තර කරන ලක්ෂණයක් එහෙමත් නැත්තම් අනාත්ම යේ ඵලයක් පමණයි කියන එකයි. අනාත්ම නිසායි "වසඟයේ පවත්ත ගන්න බැරි" ඔය අහමඩ් කියන ශරීරය අභිභවන Hidden Agent, Ghost කෙනෙක් ඒ තුල ඉන්නවා නම් තමයි වසඟයේ පවත්වා ගන්න්න පුලුවන් වනුයේ!
    </quote>

    ඔබ ඒ ලියා ඇති කරුණු මනා අර්ථ සහිතයි. "තමන් වසඟයේ පවත්වා ගන්න බැරි බව අනාත්මයේ ලක්ෂණයක්" යන්න විසුද්ධිමාර්ගයේ සහ අට්ඨකථා වල ඇති විස්තර වලට මනාව ගැළපෙනවා. ඒ ගැන "අවසවත්තනාකාරො අනත්තලක්ඛණං" ලෙසින් විස්තර වී තිබෙනවා.

    විසුද්ධිමාර්ගය සහ අට්ඨකථා බොහෝ ප්‍රයෝජනවත්. එම ග්‍රන්ථ වල ඇති විස්තර උපකාරයෙන් පටිසම්භිදාමග්ගප්පකරණයේ සහ ත්‍රිපිටකයේ වෙනත් තැන් වල ඇති සූත්‍ර කිහිපයක අනිච්ච, දුක්ඛ සහ අනත්ත ගැන සඳහන් විස්තර කෙසේ එකිනෙකට මනාව ගැළපේ දැයි වටහා ගන්න හැකි උනා. ත්‍රිපිටකයේ දුටු මට සැක ඇති වූ සුළු වචන මාරුවීමකුත් කෙසේ නිවැරදි විය යුතු දැයි යන්න එම ග්‍රනථ ඇසුරින් වටහා ගන්න හැකි උනා.

    අනාත්ම, එනම් "ආත්ම නොවේ" යන්න අසාර අර්ථයෙන් සූත්‍ර වල කෙසේ භාවිතා වී ඇතිද යන්න සහ "තමන් වසඟයේ පවත්වා ගන්න බැරිය" යන අනාත්මයේ ලක්ෂණය සූත්‍ර වල කෙසේ භාවිතා වී ඇතිද යන්න දැන් මනාව පැහැදිලියි. ඒ කරුණු දෙකම ගැන දැන සිටීම දහම් විමසන අයට ප්‍රයෝජනවත්. ඒ ගැන නොදැන හිටියොත් සමහර සූත්‍ර වල සඳහන් කරුණු වල අර්ථ මොනවා දැයි එම සූත්‍ර විමසන අයට වටහා ගැනීම අපහසු වෙන්න පුළුවන්. මම තව ටිකක් අනිච්චං, අනිච්චලක්ඛණං, දුක්ඛං, දුක්ඛලක්ඛණං, අනත්තා, අනත්තලක්ඛණං යන වචන භාවිතා වී ඇති අයුරු විමසා බලන්න ඕනෑ. තවද ඒ හා විමසා බැලිය යුතු වෙන යම් දහම් කරුණු ස්වල්පයකුත් ඉතිරිව තිබෙනවා. ඒ ගැනත් විමසා බලා වැඩි විස්තර ලියන්නම්.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ නෙත්තිප්පකරණයේ දෙසනාහාරවිභඞ්ගයේ "සබ්බෙ ධම්මා අනත්තාති..." යන්න 16 වන පිටුවේ[1] සඳහන්ව තිබෙනවා. පිටුවේ මැද ප්‍රදේශයේ අංක 8 සමඟ එය ලියැවී තිබෙනවා.

    එහි දැක්වෙන "සබ්බෙ ධම්මා" යන්න නෙත්තිප්පකරණට්ඨකථාවේ දෙසනාහාරවිභඞ්ගවණ්ණනාවේ 38 වන පිටුවේ[2] "සබ්බෙ ධම්මාති සබ්බෙ සඞ්ඛතා ධම්මා." ලෙසින් විස්තර වී තිබෙනවා.

    අට්ඨකථාවේ දැක්වෙන එම විස්තරය "සබ්බෙ ධම්මා" යන්න ගැන මාන්කඩවල සුදස්සන හිමි පවසන ලද්දට ගැළපෙනවා.

    --
    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ නෙත්තිප්පකරණයේ දෙසනාහාරවිභඞ්ගයේ 16 වන පිටුව [ http://thripitaka.org/view/bjts/sp34/35 ]"
    2. "නෙත්තිප්පකරණට්ඨකථාවේ දෙසනාහාරවිභඞ්ගවණ්ණනාවේ 38 වන පිටුව [ http://thripitaka.org/view/shb/vol9/59 ]"

    Skylark
     
    Last edited: