Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනිත්‍ය ධර්මය පුරුදු කරගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයේ ප්‍රශ්ණ ඇතිවෙනවා, අර්බුද ඇති වෙනවා. ඒ වගේ වෙලාවට “මේක අනිත්‍යයි ” කියන වැටහීම තිබුන කෙනා පාඩුවේ ඉන්නවා, ඉවසගෙන ඉන්නවා. කලක් යනකොට ඒවා ගෙවිලා යනවා. ඒ නිසා අනිත්‍යය කියන කාරණාව හොඳට තේරුම්ගන්න. ඒක පිළිගෙන වාසයකරන්න. ඒක තේරුම්ගන්න කෙනාට සිහිය පිටගියත් තේරුම්කරලා දෙන්න පුළුවන්. “ඕක වෙනස් වෙනවා කලබල කරගන්න එපා” කිව්වහ ම එයා ඒක පිළිගෙන ඉන්නවා. සුවපත් බවට පත්වෙනවා.

දැන් බලන්න අපේ ජිවිතයේ පුංචි කාලේ, අපිට අර්බුද ඇවිල්ලා නැද්ද? හොඳට සිහිකරන්න පුංචි කාලේ. අපිට බලවත් පීඩා ඇවිල්ලා නැද්ද? දැන් ඒවා කෝ? අතීතය බැලුවොත් එහෙම, කොච්චර අපි අඩලා, වැළපිලා ඇත් ද? කොච්චර බය ඉපදිලා ඇත්ද? මරණ බය ආපු වෙලාවල් නැද්ද? ඒවා ගෙවිලා ගිහින් නේද? ඉතින් ඒ වගේ තමා දැන් යම් අපහසුවක් තියෙනව නම්, ඒකත් ගෙවෙනවා. අනාගතයේ යම් අපහසුවක් ආවොත් ඒකත් ගෙවෙනවා. ඒ නිසා අනිත්‍ය කියන දේ තේරුම්ගන්න. එසේ තේරුම්ගන්න කෙනා ඉවසගෙන ඉන්නවා. ඉවසීමේ ගුණය එනවා. ඊට පස්සේ අපි තව දුරටත් ධර්මයේ පිහිටියොත් ඒ ආපු අර්බුදය ධර්මය තුළින් ම විසඳගන්න එයාට, අවස්ථාවක් එනවා. අර්බුදයක් ආවොත් මුලින් ම අපි හිතන්න ඕනෑ “මේක අනිත්‍යයි, මේක වෙනස්වෙලා යනවා” කියලා. එතකොට එයා කළබල වෙන්න නෑ. ඊට පස්සේ බලන්න, අපි පුරුදු කරගත්තා වූ යම් ධර්මයක් මඟින් ඒක විසඳගන්න පුළුවන්ද කියලා? යම් බණ භාවනාවක් පුරුදුකරල තිබ්බ නම් ඒ බණ භාවනාව කිරිමෙන් , එයාගේ ප්‍රශ්ණ දුරුවෙලා යනවා. එහෙම නැත්තම්, ඉගෙනගත්ත ධර්මයක් තියනවා නම්, ඒ ධර්මය සිහිකරන්න. එතකොට ගෙවිලා යනවා. එහෙම නැත්තම්, කරන කටයුත්තක් තියෙනවා නම් ඒ කටයුත්ත වෙනස් කරලා, වෙන කටයුත්තක් කරන්න. එතකොටත් ඒ ප්රශ්නය අමතක වෙලා යනවා. එහෙම නැත්තම් ඒක අමතක කරලා දාන්න බලන්න. එහෙමත් නැත්තම්, ඒක සුදුසු කෙනෙක් එක්ක කතාකරන්න. එතකොට ගෙවිලා යනවා. ඒක නැතිවෙලා යනවා.

මේ ලෝකේ නිත්‍ය දෙයක් නෑනේ. නිවන විතර යි වෙනස් වෙලා යන්නේ නැත්තේ. අනිත් ඔක්කොම වෙනස් වෙලා යනවා. එහෙම තැනක යම් චිත්ත පීඩා ආදී දේ ආවට කළබල වෙන්න එපා. කළබල නොවී අනිත්‍යයි කියන වැටහීම තියාගෙන ඉන්න. ඊළඟට හුරු කරගත්තා වු ධර්මයන් පුරුදු කරගන්න. මම විශේෂයෙන් අර බණ භාවනා ගැන කිව්වෙත්, බණ භාවනා ක්‍රමානුකුලව දවස පුරා කරන කෙනාට මේ චිත්ත පිඩා නැති කරගන්න පහසුවක් වෙයි. මොකද බණ භාවනා හුරුවෙනවා කියන්නේ, එතන රාග, ද්වේශ, මෝහ වැඩෙන තැනක් නෙමෙයි. ගෙවෙන තැනක්. බණ භාවනා නොකරන තැන රාග , ද්වේෂ, මෝහ වැඩෙනවා. එතන සතිපට්ඨානයෙන් ඈත.

එතකොට ඒක හරියට ගින්න වගේ. ගින්න පත්තුවෙවී තියෙනවා. අපි යම් තැනකින් ආවරණය කළොත්…? ඔන්න දැන් ලාම්පු දැල්ලක් තියෙනවා. අපි ඒක යම් දේකින් ආවරණය කරනවා. ටික වෙලාවක් යනකොට ගින්න නිවිලා යනවා නේ ද? අන්න ඒ වගේ, හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ වැඩෙනවා අපි බණ භාවනා නොකරන කොට. වැඩිලා වැඩිලා අන්තිමට වද වේදනා දෙනවා. නමුත් අපි සතිපට්ඨානයට එනවානම්, බහුල වශයෙන් සතිපට්ඨානය තුළ වාසය කරනවානම්, රාග, ද්වේෂ, මෝහ තුනීවෙන්න ගන්නවා. තුනී වෙලා වෙලා වෙලා සුවපහසුව ඇතිවෙනවා. තවදුරටත් බහුල වශයෙන් සතිපට්ඨානය වඩන්න වඩන්න ඒ අකුසල් ගෙවිලා ම යනවා.

එනිසා අනිත්‍ය කියන විශ්වාසයත් එක්ක බණ භාවනා ක්‍රමානුකුලව දවස පුරාම කරන්න හුරු කරගන්න. එතකොට අපිට මේ ධර්මයෙන් මහත් වු පිහිටක් පිළිසරණක් ලබා ගැනිමේ ඉඩකඩ තියෙනවා. තාම තියෙනවා. බලවත් විශ්වාසයෙන් තමා අපි ඔයගොල්ලන්ට මෙහෙම කියන්නේ. ඔයගොල්ලො ඒ ලාභය ලබාගනී කියන හැඟීම අපිට තියෙනවා. අපි කරන්න පුළුවන් හැම උපකාරයක් ම කරනවා. ඒ නිසා අපි මේ කියන කාරණා හොඳින් අරගෙන, දරාගෙන තමන්ගේ ජිවිතයට සැප සළසා ගනිත්වා! කියලා, අපි ආශිර්වාද කරනවා.

සියලු දෙනාට ම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

http://dhammamedicine.net/2011/07/03/anithyadharmaya-purudukaraganimu/

[QUOTE="eagle rox, post: 10845272, member: 356986"] [SIZE="4"]ජීවිතයේ ප්‍රශ්ණ ඇතිවෙනවා, අර්බුද ඇති වෙනවා. ඒ වගේ වෙලාවට “මේක අනිත්‍යයි ” කියන වැටහීම තිබුන කෙනා පාඩුවේ ඉන්නවා, ඉවසගෙන ඉන්නවා. කලක් යනකොට ඒවා ගෙවිලා යනවා. ඒ නිසා අනිත්‍යය කියන කාරණාව හොඳට තේරුම්ගන්න. ඒක පිළිගෙන වාසයකරන්න. ඒක තේරුම්ගන්න කෙනාට සිහිය පිටගියත් තේරුම්කරලා දෙන්න පුළුවන්. “ඕක වෙනස් වෙනවා කලබල කරගන්න එපා” කිව්වහ ම එයා ඒක පිළිගෙන ඉන්නවා. සුවපත් බවට පත්වෙනවා. දැන් බලන්න අපේ ජිවිතයේ පුංචි කාලේ, අපිට අර්බුද ඇවිල්ලා නැද්ද? හොඳට සිහිකරන්න පුංචි කාලේ. අපිට බලවත් පීඩා ඇවිල්ලා නැද්ද? දැන් ඒවා කෝ? අතීතය බැලුවොත් එහෙම, කොච්චර අපි අඩලා, වැළපිලා ඇත් ද? කොච්චර බය ඉපදිලා ඇත්ද? මරණ බය ආපු වෙලාවල් නැද්ද? ඒවා ගෙවිලා ගිහින් නේද? ඉතින් ඒ වගේ තමා දැන් යම් අපහසුවක් තියෙනව නම්, ඒකත් ගෙවෙනවා. අනාගතයේ යම් අපහසුවක් ආවොත් ඒකත් ගෙවෙනවා. ඒ නිසා අනිත්‍ය කියන දේ තේරුම්ගන්න. එසේ තේරුම්ගන්න කෙනා ඉවසගෙන ඉන්නවා. ඉවසීමේ ගුණය එනවා. ඊට පස්සේ අපි තව දුරටත් ධර්මයේ පිහිටියොත් ඒ ආපු අර්බුදය ධර්මය තුළින් ම විසඳගන්න එයාට, අවස්ථාවක් එනවා. අර්බුදයක් ආවොත් මුලින් ම අපි හිතන්න ඕනෑ “මේක අනිත්‍යයි, මේක වෙනස්වෙලා යනවා” කියලා. එතකොට එයා කළබල වෙන්න නෑ. ඊට පස්සේ බලන්න, අපි පුරුදු කරගත්තා වූ යම් ධර්මයක් මඟින් ඒක විසඳගන්න පුළුවන්ද කියලා? යම් බණ භාවනාවක් පුරුදුකරල තිබ්බ නම් ඒ බණ භාවනාව කිරිමෙන් , එයාගේ ප්‍රශ්ණ දුරුවෙලා යනවා. එහෙම නැත්තම්, ඉගෙනගත්ත ධර්මයක් තියනවා නම්, ඒ ධර්මය සිහිකරන්න. එතකොට ගෙවිලා යනවා. එහෙම නැත්තම්, කරන කටයුත්තක් තියෙනවා නම් ඒ කටයුත්ත වෙනස් කරලා, වෙන කටයුත්තක් කරන්න. එතකොටත් ඒ ප්රශ්නය අමතක වෙලා යනවා. එහෙම නැත්තම් ඒක අමතක කරලා දාන්න බලන්න. එහෙමත් නැත්තම්, ඒක සුදුසු කෙනෙක් එක්ක කතාකරන්න. එතකොට ගෙවිලා යනවා. ඒක නැතිවෙලා යනවා. මේ ලෝකේ නිත්‍ය දෙයක් නෑනේ. නිවන විතර යි වෙනස් වෙලා යන්නේ නැත්තේ. අනිත් ඔක්කොම වෙනස් වෙලා යනවා. එහෙම තැනක යම් චිත්ත පීඩා ආදී දේ ආවට කළබල වෙන්න එපා. කළබල නොවී අනිත්‍යයි කියන වැටහීම තියාගෙන ඉන්න. ඊළඟට හුරු කරගත්තා වු ධර්මයන් පුරුදු කරගන්න. මම විශේෂයෙන් අර බණ භාවනා ගැන කිව්වෙත්, බණ භාවනා ක්‍රමානුකුලව දවස පුරා කරන කෙනාට මේ චිත්ත පිඩා නැති කරගන්න පහසුවක් වෙයි. මොකද බණ භාවනා හුරුවෙනවා කියන්නේ, එතන රාග, ද්වේශ, මෝහ වැඩෙන තැනක් නෙමෙයි. ගෙවෙන තැනක්. බණ භාවනා නොකරන තැන රාග , ද්වේෂ, මෝහ වැඩෙනවා. එතන සතිපට්ඨානයෙන් ඈත. එතකොට ඒක හරියට ගින්න වගේ. ගින්න පත්තුවෙවී තියෙනවා. අපි යම් තැනකින් ආවරණය කළොත්…? ඔන්න දැන් ලාම්පු දැල්ලක් තියෙනවා. අපි ඒක යම් දේකින් ආවරණය කරනවා. ටික වෙලාවක් යනකොට ගින්න නිවිලා යනවා නේ ද? අන්න ඒ වගේ, හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ වැඩෙනවා අපි බණ භාවනා නොකරන කොට. වැඩිලා වැඩිලා අන්තිමට වද වේදනා දෙනවා. නමුත් අපි සතිපට්ඨානයට එනවානම්, බහුල වශයෙන් සතිපට්ඨානය තුළ වාසය කරනවානම්, රාග, ද්වේෂ, මෝහ තුනීවෙන්න ගන්නවා. තුනී වෙලා වෙලා වෙලා සුවපහසුව ඇතිවෙනවා. තවදුරටත් බහුල වශයෙන් සතිපට්ඨානය වඩන්න වඩන්න ඒ අකුසල් ගෙවිලා ම යනවා. එනිසා අනිත්‍ය කියන විශ්වාසයත් එක්ක බණ භාවනා ක්‍රමානුකුලව දවස පුරාම කරන්න හුරු කරගන්න. එතකොට අපිට මේ ධර්මයෙන් මහත් වු පිහිටක් පිළිසරණක් ලබා ගැනිමේ ඉඩකඩ තියෙනවා. තාම තියෙනවා. බලවත් විශ්වාසයෙන් තමා අපි ඔයගොල්ලන්ට මෙහෙම කියන්නේ. ඔයගොල්ලො ඒ ලාභය ලබාගනී කියන හැඟීම අපිට තියෙනවා. අපි කරන්න පුළුවන් හැම උපකාරයක් ම කරනවා. ඒ නිසා අපි මේ කියන කාරණා හොඳින් අරගෙන, දරාගෙන තමන්ගේ ජිවිතයට සැප සළසා ගනිත්වා! කියලා, අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාට ම තෙරුවන් සරණයි! [/SIZE] පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ [url]http://dhammamedicine.net/2011/07/03/anithyadharmaya-purudukaraganimu/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom