අනිත්‍ය ධර්මය පුරුදු කරගනිමු
“අනිත්‍ය යි” කියන ධර්මය පිළිබඳ ව හොඳට මතකතියා ගන්න. මතක තියාගෙන මේ පිළිබඳව බලවත් සේ විශ්වාසය ඇතිකර ගෙන එය ජීවිතයට බද්ධ කරගන්න. ඒ විශ්වාසය, අපේ ජීවිතයට අප්‍රමාණ පිහිට පිණිස පවතිනවාම යි. මේ කරුණ ඔයගොල්ලන්ට කවදාහරි උපකාර වෙනවා. ඒ විශ්වාසය ඔබට උපකාරය පිණිස පවතිනවා ම යි. යමක් අනිත්‍යයි කියන දේ පිළිගත්තොත්, ඒ පිළිගැනීම අපිට සැප පිණිස පවතිනවාම යි, යමක් අනිත්‍යයි කියලා අපි තේරුම් ගන්නවා නම්, ඒ තෝරා බේරා ගැනීමෙන්, වැටහීමෙන්, අපට බලවත් උපකාර ලැබෙන්නේ, ජීවිතයට අර්බුදයක් එනකොට. අර්බුද ඇතිවෙන කොට ඒ වැටහීම නැත්තම්, අපිට ධර්මයෙන් පිහිටක් ලබාගන්න බැරිවෙනවා. ඒ අර්බුදයට අපි යටවෙනවා. ඒ නිසා ඒ ”අනිත්‍යය” යි කියන අදහස ”අනිත්‍යය යි කියන සත්‍යයය” ”අනිත්‍ය ධර්මය” අපි බලවත් සේ විශ්වාස කළ යුතුයි. ඒ තුළට පැමිණ වාසය කරන්න කැමති විය යුතු යි. ඒ තුළට පැමිණ වාසය කළ යුතු යි.
අපි හොඳින් සුව පහසුවෙන් ඉන්න කොට, අනිත්‍ය සංඥාව හොඳින් පුරුදු කරගන්න ඕනෑ. එසේ හොඳින් හිතට පුරුදු කරගැනීමෙන්, අපිට අපහසුවක්, අර්බුදයක් එනකොට, ඒ පුරුදු කරගත්ත ධර්මයට අනුව කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම්, ඒ ධර්මය අපි පුරුදු කරගෙන නොතිබුණොත් අපිට අර්බුදයක් ඇතිවෙනකොට, අර්බුදයක් හටගන්න කොට, අපිට පිහිට පිණිස මොකුත් නැතිව යනවා. අපි අර්බුදයෙන් යටවෙලා යනවා. මොන විදිහෙන්වත් ගැලවෙන්න බැරිව ඒකට ම කොටුවෙලා යනවා. එබදු දෙයක් තමයි මේ රාග, ද්වේශ, මෝහ නිසා සිතේ ඇතිවෙන්නේ. එකෙන් ගැලවෙන්න තියෙන එකම දේ ”අනිත්‍ය ධර්මය” කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්න එක. ඒ පුරුදු කරගැනීමෙන් පමණ ම යි, සුවපහසුව ඇතිවන්නේ. ඒ නිසා ඒ ධර්මය හොඳට පුරුදු කරගන්න.