අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය.

    සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය යි. දිරන බව, කෘෂවන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරුවන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඩුවන බව, වක්වන බව, කෙස් ලොම් පැසෙන බව, අන්ධ වන බව, බිහිරි වන බව, තවත් නොයෙක් රෝග හට ගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ භංගය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන අනිත්‍ය ලක්ෂණයෝය.

    සංස්කාරයන් අතුරෙන් චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ගේ ආයුෂය ඉතා ම ලුහුඬු ය. චිත්තයාගේ ආයුෂය උත්පාද, ස්ථිති, භංග වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ. “උත්පාද” යනු විත්තය උපදින කාලයයි. “ස්ථිති” යනු උපන් චිත්තයාගේ පවත්නා කාලය යි. “හංග” යනු බිඳෙන කාලයයි. මේ කාල තුන ම ප්‍රමාණයෙන් සම ය. එකක් අනෙකට වඩා දික් හෝ කොට හෝ නැත. උත්පාද ස්ථිති භංග යන මේ කාලත්‍රය චිත්තයක ආයුෂය ය. ක්ෂණත්‍රය වූ චිත්තයාගේ ආයු කාලයෙහි ලුහුඬු බව දැක්වීමට උපමාවකුදු නැත, ඇසි පිය හෙලන කාලය, අසුරු ගසන කාලය යන මේ කාල දෙක ලෝකයෙහි ඉතා ම කෙටි කාල සැටියට සලකනු ලැබේ. උත්පාදාදි ක්ෂණත්‍රය වූ චිත්තයාගේ ආයු කාලය, ඉතා කෙටි කාලය වූ ඇසි පිය වරක් හෙළන කාලය, කෝටි ගණනකට බෙදු කල්හි ලැබෙන එක් කොටසක් පමණ වන බව අභිධර්ම පොත් වල දක්වා තිබේ. එය තේරුම් ගත හැකි වන්නේ චිත්තවීථි පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත් කල්හිය. රූපයාගේ ආයුෂය චිත්තයාගේ ආයුෂය මෙන් සතළොස් ගුණයක් වේ. චිත්තායුෂය මෙන් සතළොස් ගුණයක් වුවද ,රූපයාගේ ඒ ආයු කාලය ද ඉතා කෙටිය. එයත් ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවකටත් වඩා කෙටි කාලයකි.

    අනිත්‍ය ලක්ෂණය මැනවින් තේරුම් ගත හැකි වනුයේ, උපන් සංස්කාරයන් නොපවත්නේ වහා බිඳී යන්නේ අනිත්‍ය වන්නේ කවර හේතුවක් නිසාද? සංස්කාරයන්ගේ ආයුෂය මෙපමණ කෙටි නම් අප ඉදිරියෙහි පෙනෙන නානා විධ වූ මේ වස්තූන් බොහෝ කල් නො නැසී පවතිනු පෙනෙන්නේ කවර හේතුවකින් ද? යන මේ ප්‍රශ්න දෙක විසදා ගත් කල්හිය. එබැවින් යෝගාවචරයන් විසින් මේ ප්‍රශ්න දෙක මැනවින් විසඳා ගැනීමට උත්සාහ කළ යුතුය.

    පරමාර්ථ ධර්මයෝ වනාහි කර්කශ බව ආදි ක්‍රියාවෝ ය. ඒවා ද්‍රව්‍යයෝ නො වෙති. ශරීරයක් හෝ සටහනක් හෝ ඒවාට නැත. එහෙයින් :-

    සබ්බෙපිහි ධමමා තං තං ක්‍රියා මත්තාව හොන්ති, න තෙසු දබ්බං වා සණ්ඨානං වා විග්ගහො වා උපලබ්භති” යි කීහු.

    සිද්ධියෙන් පසුව අභාවප්‍රාප්ත වීම ක්‍රියාවන්ගේ ස්වභාවය ය. අත එසැවීම, එක් ක්‍රියාවකි. ඒ එසවීම් ක්‍රියාව පවතින්නේ අතේ එසවීම කරන තෙක් පමණෙකි. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ඔසවා අවසන් වීමෙන් පසු ඒ ක්‍රියාවට තිබිය හැකි බවක් ද නැත. අත පහත් කිරීම තවත් ක්‍රියාවෙකි. එය පවත්නේ ද අත පහත් වන තුරුය. පහත් වීමෙන් පසු ඒ ක්‍රියාව නැත. ගමන එක් ක්‍රියාවකි. යන තෙක් එය පවත්නේය. නැවතීමෙන් එය අවසන් වන්නේය. නැවතීමෙන් පසු ගමන ක්‍රියාව නැත. ඉන් පසු එයට තිබිය නො හැකිය. දවසේ සකල ක්‍රියාවෝ ම සිද්ධියෙන් පසු කිසිවක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වෙති. ඉපිද කලක් නො පැවතී නාම - රූප ධර්මයන් වහා නිරුද්ධ වන්නේ ද ඒවා ක්‍රියා ම වන බැවිනි.

    රූප ධර්ම සැණෙකින් නිරුද්ධ වෙත හොත් ගස් ගල් ආදි වස්තූන් බොහෝ කල් පවතිනු පෙනෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු මෙසේය :-

    අබ ඇටයක් පමණ වූ වස්තුවෙක වුව ද රූප කලාප ලක්ෂ ගණනකට වඩා ඇත්තේය. නිරුද්ධ වන නමුත් ඒ සියල්ල එක වරම නිරුද්ධ නොවේ. රූප කලාපයක ජීවන කාලය චිත්තක්ෂණ සතළොසක් බව පෙර කියා ඇත. උත්පාද ස්ථිති භංග වශයෙන් චිත්ත කාලය නැවත තුනට බෙදන බැවින් සතළොස් චිත්තක්ෂණය වූ ඒ කාලය, කුඩා කාල එක් පනසකට බෙදන්නේ ය. එයින් පළමුවන කොටස රූපයාගේ උත්පාද කාලයයි. පනස් එක්වන කොටස භංග කාලයයි. ඉතිරි කාල කොටස් එකුන් පනස රූපයාගේ ස්ථිති කාලයයි. (පවත්නා කාලය යි.)

    අපේ ඇසට පෙනෙන එක එක වස්තුවක පනස් එක් කාලයන්ගෙන් එක් කාලයක් ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. කාල කොටස් දෙකක් ගත කළා වූ රූප කලාපයෝ ද, තුන සතර ගත කළා වූ රූප කලාපයෝ ද ඇත. මෙසේ පනස් වන කාල කොටස දක්වා ගත කළ රූප කලාපයෝ ද ඇත. රූප කලාපය බිදී අවසන් වන්නේ, පනස් එක් වන කාල කොටසේදී ය. යම් කිසි වස්තුවකට අයත් වූ රූප කලාප සමූහයෙක පනස් එක් වන ක්ෂණයට පැමිණි රූප කලාපය නිරුද්ධ වන කල්හි, පනස් එක් වන ක්ෂණයට එතෙක් නො පැමිණි බොහෝ රූපයෝ ඉතිරිව පවතිත්. එක් වස්තුවෙක ඇති තාක් රූප කලාපවල නිරෝධය එක වර ම සිදු නො වේ.

    රූප කලාපයෝ ද දරුවන් උපදවන්නේය. එක් එක් රූප කලාපයක් නිරුද්ධ වන්නේ තමාගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීමෙන් පසුවය. මැරෙන මිනිසුන් දරුවන් උපදවා තබා මැරෙන බැවින් කොතෙක් මිනිසුන් මළ ද, ලෝකයේ සිස් බවක් නො වන්නාක් මෙන් එක් වස්තුවකට අයත් රූප කලාප කොතෙක් නිරුද්ධ වුවත්, ඒවා තමාට සමාන වූ තවත් රූප කලාප උපදවා ම නිරුද්ධ වන හෙයින්, ඒ ඒ වස්තුවල අඩුවක් නො පෙනේ. නිරුද්ධ වන රූප කලාපය දරු රූප කලාප උපදවා නිරුද්ධ වන බැවින් ද, සියලු ම රූප කලාප එකවර නිරුද්ධ නො වන බැවින් ද, රූප කලාපයන්ගේ උත්පාද නිරෝධ දෙක අතර නො දැකිය හැකි සේ ඉතා වේගයෙන් සිදු වන බැවින් ද, ගස් ගල් ආදි වස්තු නො වෙනස් වන බොහෝ කල් පවත්නා සේ පෙනේ. සෑම වස්තුවක ම ඇසිපිය හෙළන පමණ කාලයකුත් නැවතීමක් නැති වැ සිදුවන රූපයන්ගේ ඉපැදීම හා බිඳීම හා සන්තතියෙන් හෙවත් වේගයෙන් පවත්නා පරම්පරා සම්බන්ධයෙන් වැසී තිබේ. එය දක්නට සන්තති ප්‍රඥප්ති බිඳ බලනු.

    දරු රූප කලාප උපදවා රූපයෝ නිරුද්ධ වෙතියි කී මුත්, සෑම කල්හි ම එය එසේ නොවේ. පරම්පරා ගණනක් ගත වීමෙන් දුබල වූ රූප කලාපයෝ ද, දරු රූප ඉපැදවීමට වුවමනා ප්‍රත්‍යයන් නොලැබූ රූප කලාපයෝ ද විරුද්ධ ප්‍රත්‍යයන් ගේ ස්පර්ශය ලත් රූප කලාපයෝද, දරු රූප නූපදවාම නිරුද්ධ වෙති. අප ඉදිරියෙහි ඇති බොහෝ වස්තූන් කලෙකදී සර්වප්‍රකාරයෙන් ම අභාවප්‍රාප්ත වනුයේ එහෙයිනි.

    පෘථිවි ආදි ධාතූහු ක්‍රියාවෝ ම නම්, සත්ත්ව ශරීර ගස් ගල් ආදි වස්තූන් ඇති සේ පෙනෙන්නේ කවර හේතුවකින් ද යන බවද මෙහි ලා විසඳා ගත යුතු ගැඹුරු කරුණකි. යම්කිසි තැනක සාතිශය වේගයෙන් ක්‍රියා පරම්පරාවක් සිදුවේ නම් එතැන නැති ද්‍රව්‍යයක් ඇතුවා සේ පෙනේ. වේගයෙන් ගිනි පෙනෙල්ලක් කරකැවුව හොත් එහි ගමන් වේගය නිසා ගිනිපෙනෙල්ල යන මාර්ගය ගිනි වලල්ලක් සේ පෙනේ. ගරාදි ඇති රෝදයක් වේගයෙන් කැරකෙන කල්හි එය ඒක ඝන වස්තුවක් හෙවත් ලෑල්ලක් සේ පෙනේ. ඇසට පෙනෙනු පමණක් නොවේ. ළං ළංව ගරාදි පිහිටි රෝදයක් අධික වේගයෙන් කරකැවෙන කල්හි එය අතගා බැලුව හොත් අතට දැනෙන්නේ ද අතර සිදුරු ඇති දෙයක් ලෙස නොව, මට්ටමට ඇති ඒක ඝන වස්තුවක් ලෙසය. එසේ පෙනීම, දැනීම, අතරක් නැති තරමට වේගයෙන් ක්‍රියා පරම්පරාවක් පවත්නා කල්හි ඇත්තා වූ ස්වභාවයකි.

    අතක් පයක් ක්‍රියා කරවීමට වුවමනා වන අවකාශය සේ විශාල අවකාශයක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවකට වුවමනා නැත. එක් එක් පරමාර්ථ ධාතුමය ක්‍රියාවෙක් වීමටත් පැවැත්වීමටත් වුවමනා වන්නේ පරමාණුවකට වුවමනා අවකාශයකටත් වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් කුඩා තැනෙකි. අතරක් නො සෙවිය හැකි තරමට වේගයෙන්, පරම්පරා වශයෙන් පහළ වන්නා වූ ද එකෙකින් අනෙක වෙන් කළ නො හැකි පමණට එකිනෙක ගැටී පවත්නා වූ ද කෝටි ගණනක් පරමාර්ථ ධාතුමය ක්‍රියා පරම්පරාවන්ගේ පැවැත්මට, අබ ඇටයක තරම් වූ අවකාශය ප්‍රමාණ වන්නේය. පරමාර්ථ ධාතුමය ක්‍රියා රාශියක් එසේ පවත්නා කල්හි ඒවායේ සූක්ෂම භාවය ද වේගවත් බව ද එකිනෙක ගැටී පවත්නා බව ද නිසා ඒ ක්‍රියා රාශිය “වේගයෙන් ගමන් කරන ගිනි පෙනෙල්ල ගිනි චක්‍රයක් සේ පෙනෙන්නාක් මෙන් ද, වේගයෙන් භ්‍රමණය වන චක්‍රය ඒකඝන වස්තුවක් සේ පෙනෙන්නාක් මෙන් ද” ඝන වූ එක් වස්තුවක් සේ පෙනෙන්නේය. දැනෙන්නේ ය. එහි ධාතුමය ක්‍රියා රාශිය සන්තති, සමූහ ඝන දෙකකින් වැසී තිබේ.

    නුවණින් ඝනය දුරුකොට පරමාර්ථය සොයා ගෙන ඝනය හෙවත් වස්තුව, පරමාර්ථ ධාතුමය ක්‍රියා වේගය නිසා ඇති සේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් නැති බවත්, ක්‍රියා රාශිය පමණක් ඇති බවත් අවබෝධ කැරගත යුතුය. මේවා ගැඹුරු කරුණු ය. පොත පත කියැවූ පමණෙකින් ම, අනුන් කියනු ඇසූ පමණකින් ම අවබෝධ වන කරුණු නොවේ. පොත පතට අනුව දන්නවුන්ගේ කියුම් අනුව කලක් කල්පනා කළ කල්හි ම විමසූ කල්හි ම අවබෝධ වන කරුණුය. අවබෝධ කර ගැනුමට උත්සාහ කරනු.

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය
    ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!!
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    තේරුම් ගන්න පුලුවන් විදිහට සරල සිංහලෙන් දාපන් දාන දෙයක්.. :baffled: :confused:
    ගැඹුරු ධර්මයක් බොහෝ සරලව තියෙන්නෙ තේරුම් ගත නොහැකිනම් සරලව ඇති දේශනාවකින් සරලව තේරුම් ගන්න, තේරෙන්නේ නැති වචන ඇත්නම් පමණක් අසන්න

    රූප විකෘතිය​

    යම්කිසි වස්තුවක පළමු පැවති ආකාරය නැතිවී එයට වෙනස් අන්‍යාකාරයකට පැමිණීමට විකෘතිය යයි කියනු ලැබේ. ඇසිපිය හෙළන තරම කලක් වත් ජීවත් නො වන රූපයකට අන්‍යාකාරයකට පැමිණ ජීවත් වීමට කලක් නැත. එ බැවින් සත්‍ය වශයෙන් රූප විකෘතියක් නො ලැබේ. ලෝකයා විසින් ඇතය යි සලකන මේ විකෘතිය නම්, ඇත්ත වශයෙන් එක් දෙයක් තවත් දෙයක් වීමක් නොව, යම්කිසි වස්තුවක පළමු පැවති රූප බිඳී යෑමෙන් පසු, ඒ පරම්පරාවෙහි පළමු තිබූ රූපයනට වෙනස් වූ රූප පහළ වීම ය. එය රූපයන්ගේ අනිත්‍යතාව නිසා ම සිදුවන්නෙකි. රූපයෝ නිත්‍ය වෙත් නම් සෑම කල්හි ම එසේ ම තිබිය යුතු ය. ඇතැම් වස්තූන් අද තිබෙන ආකාරයට වෙනස් අයුරකින් හෙට දක්නා ලැබෙන්නේ ද, හෙට තිබෙන ආකාරයට වෙනස් ආකාරයකින් අනෙක් දා දක්නා ලැබෙන්නේ ද ඒ අනිත්‍යතාව නිසාය.

    රූපයන්ගේ ඒ විකෘතිය අනුග්‍රාහක ප්‍රත්‍යය ලාභයෙන් ද, සෑහෙන පමණට අනුග්‍රාහක ප්‍රත්‍යයයන් නො ලැබීමෙන් ද, සර්වප්‍රකාරයෙන් අනුග්‍රාහක ප්‍රත්‍යයන් නො ලැබීමෙන් ද, විරුද්ධ ප්‍රත්‍යය සමායෝගයෙන් ද, පරම්පරාව පරණ වී දුබල වීමෙන් ද සිදු වන්නේය.
    ------ Post added on Sep 24, 2021 at 10:05 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    ඇයි මේ වගේ කතාවක් කියලා හැම තිස්සෙම "මේවා ගැඹුරු කරුණු , ලේසියෙන් අවබෝද වෙන්නේ නැති කරුණු" වගේ දෙයක් යටින් ලියන්නේ??? තේරුම් ගන්න බෑ කියලා පෙන්නුම් කරන්නද ? නැත්නම් කියන කෙනාගේ දැනුම වැඩි කියලා වගේ දෙයක් පෙන්නන්නද ?
    හැම තැනම ඕක දැකල තියනව. "මේවා මාර ගැඹුරුයි" කිය කිය ඉන්නව. :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178

    Muchan, dharma is natively not easy to understand. Buddha himself eka kiyala tiyenawa.. abhidamma pitaka ehema baluwahama not easy to understand (atleast not easy for me). that is the nature. Ee difficulty eka nisaama tamai eka eka vivida interpretation denne anicca dukka ...etc..

    Ee athara thura thamane dhanuma pennanna kiyana unuth athi..

    But, kaata hari enough time eka tiyenawa nam..open and calm nam this can be done. my 2cents
     
    • Like
    Reactions: Answer

    තේරුම් ගැනීම පහසු නැති බව පෙන්වීමටත්,තේරුම් නොයන පුද්ගලයාට එය ඔහුගේ වරදක් නොව අදල කරණයේ සංකීර්ණ ස්වභාවය පෙන්වීමටත්.ඒ නිසා වරක් නොව තව තවත් උත්සහ කරන්න යන අදහසින්. ධර්ම කරුණු අනුකම්පාවෙන්ම කුසල සිතින් පවසන බැවින් මාන්නය වැනි මානසික තත්වයන් එයට අදාල නැත
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    Muchan, dharma is natively not easy to understand. Buddha himself eka kiyala tiyenawa.. abhidamma pitaka ehema baluwahama not easy to understand (atleast not easy for me). that is the nature. Ee difficulty eka nisaama tamai eka eka vivida interpretation denne anicca dukka ...etc..

    Ee athara thura thamane dhanuma pennanna kiyana unuth athi..

    But, kaata hari enough time eka tiyenawa nam..open and calm nam this can be done. my 2cents
    දැන් ඔය අද කියන විදියට මුල ඉදින් අගට සිලබස් එකක් වගේ මේවා මෙච්චරයි, අරව මෙච්චරයි, කියලා කොටස් වලට බෙදල කරුණු විදියට ඉගෙන ගෙන ඉගෙන ගෙන සත්‍ය අවබෝද කරගත්තු කවුද ඉන්නේ බුද්ධ කාලේ ?
    ඔක්කොම ඉන්නේ දහම් අහලා සත්‍ය අවබෝද උන ය මිසක් ආගමක් මුල ඉදල අගට කරුණු විදියට ඉගෙන ගෙන අන්තිමට අවබෝධ උන ය නෙවෙයි.
    මම නම් ඕන තරම් දැකල තියනව මේ උද දාල තියන වගේ විස්තර කිරීම් වල මැදින් මැදින් කියනවා "මේවා ගැඹුරුයි, අමාරුයි" වගේ කතා.
    එක්කෝ ලියන කෙනාට ඕන කියවන කෙනාට අගවන්න මේක අමාරු දෙයක් කියල. ඕවල තියන උපමා ටිකයි, හරි පැහැදිලි කරිමක් නැතුව ලොකුයි කියලා පෙන්නන දාල තියන ලක්ෂ කොටි ගන්න ටිකයි අයින් කරාම සරල අදහසක් තියෙන්නේ. ඇයි මැදින් මැදින් කියවන කෙනාව පහලට දාන්න හදන්නේ ? :rofl:
     
    චත්තාරො මෙ භික්ඛවෙ! පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො? උග්ඝටිතඤ්ඤු, විපචිතඤ්ඤු, නෙය්‍යො, පදපරමො ඉමෙ ඛො භික්ඛවෙ! චත්තාරො පුග්ගලා සන්තො සංචිජ්ජමානා ලොකස්මිං."

    යන දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.

    බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති. ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.

    පෙර ජාති වලදී භාවනා කිරීම් ආදි වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කැර ගත් පුද්ගලයෝ උද්ගටිතඥයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කැර ගත්තේ විපචිතඥයෝ වෙති. මඳ වශයෙන් විදර්ශනා ඥානය ඇති කර ගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිඃශ්‍රය සම්පත් නැත්තෝ ද අන්තරායික ධර්ම ඇත්තෝ ද පද පරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පද පරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    දැන් ඔය අද කියන විදියට මුල ඉදින් අගට සිලබස් එකක් වගේ මේවා මෙච්චරයි, අරව මෙච්චරයි, කියලා කොටස් වලට බෙදල කරුණු විදියට ඉගෙන ගෙන ඉගෙන ගෙන සත්‍ය අවබෝද කරගත්තු කවුද ඉන්නේ බුද්ධ කාලේ ?
    ඔක්කොම ඉන්නේ දහම් අහලා සත්‍ය අවබෝද උන ය මිසක් ආගමක් මුල ඉදල අගට කරුණු විදියට ඉගෙන ගෙන අන්තිමට අවබෝධ උන ය නෙවෙයි.
    මම නම් ඕන තරම් දැකල තියනව මේ උද දාල තියන වගේ විස්තර කිරීම් වල මැදින් මැදින් කියනවා "මේවා ගැඹුරුයි, අමාරුයි" වගේ කතා.
    එක්කෝ ලියන කෙනාට ඕන කියවන කෙනාට අගවන්න මේක අමාරු දෙයක් කියල. ඕවල තියන උපමා ටිකයි, හරි පැහැදිලි කරිමක් නැතුව ලොකුයි කියලා පෙන්නන දාල තියන ලක්ෂ කොටි ගන්න ටිකයි අයින් කරාම සරල අදහසක් තියෙන්නේ. ඇයි මැදින් මැදින් කියවන කෙනාව පහලට දාන්න හදන්නේ ? :rofl:
    මට උබ කියන පොයින්ට් එක තේරෙනවා. ගොඩක් අය ධර්මය ගැඹුරුයි කියලා කියලා තමන්ගෙ ඊගෝ එකට ෆීඩ් කරන්න. ධර්මය කියවීම ඇසීම තේරුම් ගැනීම, නැවත නැවත කිරීම, කට පාඩම් කිරීම කවදාවත් අපතේ යන්නෙ නෑ. ගැඹුරු තැන් ගැඹුරු තැනක් කියලා දැන ගත්තම අපිට ඒක වෙන වෙන කෝන වලින් දැකලා තේරුම් ගන්න උත්සහ කරන්න පුළුවන්. නැත්නම් අපි ඒවායේ දකින්නෙ මතු පිට අර්ථය විතරයි. මේක එක ආත්මෙකින් ගහන්න පුළුවන් ගේමක් නෙවේ. උබ මේ ආත්මෙ කොච්චර ප්‍රැක්ටිස් කරාද, ඊලඟ ආත්මෙකදි ධර්මය අහනකොට ක්ලික් වීමේ හැකියාව වැඩ්යි.

    බුදු රජාණන් වහන්සේ නමක් වැඩවසන කාලෙක සතර පද ගාථාව ඉවර වෙන්න කලින් මාර්ග ඵල ලබන්න තරම් පින තියෙන ඇත්තො ඉන්නවා. රෙදි කෑල්ලක් පොඩි කර කර ඉඳලා මාර්ග ඵල ලබන අය ඉන්නවා. කල් යන්න කල් යන්න පින තියෙන අය නැති වෙන නිසා ඊලඟට ඉතිරි වෙන්නෙ අවුරුදු ගනන් මහන්සිවෙලා මාර්ග ඵල ලබන අය. ඕක එන්න එන්නම දශක ගානකට වැඩි වෙනවා. දැන් යන්නෙ ජීවිත කාලෙම ඒ වෙනුවෙන් මහන්සි උනත් ධ්‍යානයක් වත් ලබා ගන්න බැරි තරම් ගොඩක්ම අමාරු කාලයක.

    තව හේතුවක් තමයි ඒ කාලේ හිටිය රහතන් වහන්සේලා ගොඩ දෙනෙක් අභිඥ්ඥා ලාභී රහතන් වහන්සේලා. ඒ අය අනිත් අයට කමටහන් දෙනකොට මෙයාට මේක ගැලපෙනවා කියලා දකින්න යම් කිසි හැකියාවක් තියෙනවා(100%ක්ම නෙවේ). අද කාලේ රහතන් වහන්සේ කෙනෙකුත් අති දුර්ලබයි. ඉතින් අභිඥ්ඥා ලාභී රහතන් වහන්සේලා කොච්චර දුර්ලභද කියලා හිතාගන්නකො. අභිඥ්ඥා ලාභී රහතන් වහන්සේ නමකින් බණ අහලා කමටහන් හරියටම ගත්තත්, ලබා ගන්න කෙනාගෙ පාරමී සම්පූර්ණ නැති නිසා ප්‍රතිපල ලැබෙන්නෙ නෑ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    දැන් ඔය අද කියන විදියට මුල ඉදින් අගට සිලබස් එකක් වගේ මේවා මෙච්චරයි, අරව මෙච්චරයි, කියලා කොටස් වලට බෙදල කරුණු විදියට ඉගෙන ගෙන ඉගෙන ගෙන සත්‍ය අවබෝද කරගත්තු කවුද ඉන්නේ බුද්ධ කාලේ ?
    ඔක්කොම ඉන්නේ දහම් අහලා සත්‍ය අවබෝද උන ය මිසක් ආගමක් මුල ඉදල අගට කරුණු විදියට ඉගෙන ගෙන අන්තිමට අවබෝධ උන ය නෙවෙයි.

    @Answer and @ruchira55 great answers deela tiyenawa...mamat uba kiyana adahse tamai kaalayak hitiye... sopakata puluwan nam matat geemak naa kiyana widihata..mage samahara buddhist yaluwo tamat inne ee widihata..

    mama awurudu keepayakata kalin kiyawapu article ekak matak una... related nam ganna nattam allala daanna..

    US university ekaka (Princeton or something) cant remember, Physics undergardlath ekka karapu survay ekak

    ungen ahanawa mokakda most difficult topic eka kiyala unge filed eke.. un kiyanawa EMT (electricity and magnetism) kiyala.. eeta passe ahanawa kochchara effort ekak oni da kiyala understand karanna... ee result eka group 5k tiyenawa..

    1. A few ppl understand the theory, just by looking at equations and a little explanation
    2. A few more people understand by equations, more explanations, and some examples
    3. 3rd group says they need all the above and study the textbook, repeat more examples.
    4. 4th group says, they cant understand even after they do all the above, so gets help from someone else
    5. the last group says they cant understand even after all the above.

    Kawuru hari 1st group eka balala in general EMT geemak naa kiyala kiyanawa nam eka waradi kiyala ubama dannawane.

    මම නම් ඕන තරම් දැකල තියනව මේ උද දාල තියන වගේ විස්තර කිරීම් වල මැදින් මැදින් කියනවා "මේවා ගැඹුරුයි, අමාරුයි" වගේ කතා.
    එක්කෝ ලියන කෙනාට ඕන කියවන කෙනාට අගවන්න මේක අමාරු දෙයක් කියල. ඕවල තියන උපමා ටිකයි, හරි පැහැදිලි කරිමක් නැතුව ලොකුයි කියලා පෙන්නන දාල තියන ලක්ෂ කොටි ගන්න ටිකයි අයින් කරාම සරල අදහසක් තියෙන්නේ. ඇයි මැදින් මැදින් කියවන කෙනාව පහලට දාන්න හදන්නේ ? :rofl:

    Adahasa sarala wenna puluwan..but ee adhasa ganna 3pitakema kiyawala ganna bari ayath inna puluwan.

    Kawuruth pahalata danna honda naa.. but madin kiyawana kenaget task ekak tiyenawa hariyata topic eka understand karanna oni nam. prashna ahanna oni, muulika danumak bana ahala laba ganna oni..adu gaane monawada tiyena terms kiyalawath..

    5grade ekek AL walata gihilla teerenne naa kiya kiya indala hari yanne naa ne ban...issella muulika danuma labagena enna oni ewa nathi nam.. nattam itin kiyana eka greek wage..

    Methana godak help karanna puluwan saha karana aya innawa oni taram, kata gari genuilnly yamak igena ganna oni nam.
     
    • Like
    Reactions: Answer

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    @Answer and @ruchira55 great answers deela tiyenawa...mamat uba kiyana adahse tamai kaalayak hitiye... sopakata puluwan nam matat geemak naa kiyana widihata..mage samahara buddhist yaluwo tamat inne ee widihata..

    mama awurudu keepayakata kalin kiyawapu article ekak matak una... related nam ganna nattam allala daanna..

    US university ekaka (Princeton or something) cant remember, Physics undergardlath ekka karapu survay ekak

    ungen ahanawa mokakda most difficult topic eka kiyala unge filed eke.. un kiyanawa EMT (electricity and magnetism) kiyala.. eeta passe ahanawa kochchara effort ekak oni da kiyala understand karanna... ee result eka group 5k tiyenawa..

    1. A few ppl understand the theory, just by looking at equations and a little explanation
    2. A few more people understand by equations, more explanations, and some examples
    3. 3rd group says they need all the above and study the textbook, repeat more examples.
    4. 4th group says, they cant understand even after they do all the above, so gets help from someone else
    5. the last group says they cant understand even after all the above.

    Kawuru hari 1st group eka balala in general EMT geemak naa kiyala kiyanawa nam eka waradi kiyala ubama dannawane.

    Adahasa sarala wenna puluwan..but ee adhasa ganna 3pitakema kiyawala ganna bari ayath inna puluwan.

    Kawuruth pahalata danna honda naa.. but madin kiyawana kenaget task ekak tiyenawa hariyata topic eka understand karanna oni nam. prashna ahanna oni, muulika danumak bana ahala laba ganna oni..adu gaane monawada tiyena terms kiyalawath..

    5grade ekek AL walata gihilla teerenne naa kiya kiya indala hari yanne naa ne ban...issella muulika danuma labagena enna oni ewa nathi nam.. nattam itin kiyana eka greek wage..

    Methana godak help karanna puluwan saha karana aya innawa oni taram, kata gari genuilnly yamak igena ganna oni nam.
    උබ කියන්නේ පාලි(හෝ බුදු දහම දේශනා කරලා තියන භාෂාව මොකක් හරි) , නොදැන නිවන් දකින්න බෑ කියලද ?
    ඇයි සත්‍ය අවබෝද කරගන්න දේ එක භාෂාවකට හිරවෙලා? ලෝකයක් දුකින් මුදවාගන්න දේශනා කරපු දහමක් එක රටකට සිමා වෙලා ?
    ඕක දිහා එක ඉගැන්වීමකින්ම නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනේ... මම කියන්නේ බුදු දහම අහලවත් නැති කෙනෙක්ට ලෝකේ සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ.. මේක තව අදහන ආගමක් කරගෙන කියලා හිතන්නේ නැද්ද මේකෙන් එළියේ උබලට නිවනක් නෑ කියන තැන කියන එකෙන්. අනිත් ආගම් වල නම් ඔය දේ තියනව. උන්ගේ එක නැතුව දිව්‍යලෝකේ යන්න බෑ වගේ. බුදු දහමේ එහෙම භාෂාවක්, ශාස්තෘ කෙනෙක් අස්සේ හිරවුණු සතයක් පෙන්නුවා කියලා හිතන්නේ නෑ . දැන් තියෙන්නේ හෙන තියරි ගොඩක් නේ.
    ගොඩ යන කවුර්ත් නෑ . ආගමක් ඇතුලේ හිරවෙලා කියල හිතෙන්නේ නැද්ද ? මම කියන්නේ මගේ අදහස....
     
    • Like
    Reactions: Answer and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    උබ කියන්නේ පාලි(හෝ බුදු දහම දේශනා කරලා තියන භාෂාව මොකක් හරි) , නොදැන නිවන් දකින්න බෑ කියලද ?
    ඇයි සත්‍ය අවබෝද කරගන්න දේ එක භාෂාවකට හිරවෙලා? ලෝකයක් දුකින් මුදවාගන්න දේශනා කරපු දහමක් එක රටකට සිමා වෙලා ?

    Ehema kiyanne naa muchan. Niwana kiyanne prajnawa thulin dakina deyakne. Bashawa wadagat naa...Mama ahala tiyenawa suddo english walin bana kiyanawa patta widihata....mara understanding ekak tiyenne..

    Meka ratakata seema wela naa..

    ඕක දිහා එක ඉගැන්වීමකින්ම නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනේ... මම කියන්නේ බුදු දහම අහලවත් නැති කෙනෙක්ට ලෝකේ සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ..

    Puluwan...ehema karapu kena tamai Buddha wenne (or pasebudu). Uba meka tiyenama hoya gottot..heta idan mama ubata budda kiyanawa.. :)

    මේක තව අදහන ආගමක් කරගෙන කියලා හිතන්නේ නැද්ද මේකෙන් එළියේ උබලට නිවනක් නෑ කියන තැන කියන එකෙන්.

    Adahana aya tamai godak amisa pujja patte yanne mama danna widihata.. Niwana kiyanne lokottara. Buddhism hara wena lokottara iganweemak mama danne naa...

    අනිත් ආගම් වල නම් ඔය දේ තියනව. උන්ගේ එක නැතුව දිව්‍යලෝකේ යන්න බෑ වගේ. බුදු දහමේ එහෙම භාෂාවක්, ශාස්තෘ කෙනෙක් අස්සේ හිරවුණු සතයක් පෙන්නුවා කියලා හිතන්නේ නෑ . දැන් තියෙන්නේ හෙන තියරි ගොඩක් නේ.
    ගොඩ යන කවුර්ත් නෑ . ආගමක් ඇතුලේ හිරවෙලා කියල හිතෙන්නේ නැද්ද ? මම කියන්නේ මගේ අදහස....

    Anit hama aagamakama kiyanne loke thula katha machan (sensory), ethanin ehata kata wenne buddhism wala witarai...
     
    • Like
    Reactions: Answer and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    Puluwan...ehema karapu kena tamai Buddha wenne (or pasebudu). Uba meka tiyenama hoya gottot..heta idan mama ubata budda kiyanawa.. :)
    ඒ උනාට ඒකත් program කරල නේ. කිසි කෙන්ක්ට අවබෝද වෙන්නේ නෑ අවුරුදු ගානක් යනකන් කතා වල විදියට. ඒක අවබෝද වෙන්නෙත් ආයිත් දබදිව කෙනෙක්ට... සක්විති රජ කතාවක් තියනව එකතට කිරිපිඩු දානයක් එක්ක සිද්ධාර්ථ ගේ කතාවේම කොපියක් විදියට. සිටුවරු ත් ඉන්නව. මම ඒ වගේ සිමා කරල තියන දේවල් පිළිගන්නේ නෑ . කිසි පදනමක් නෑ එහෙම බෑ කියන්න..

    Anit hama aagamakama kiyanne loke thula katha machan (sensory), ethanin ehata kata wenne buddhism wala witarai...
    මේක නම් මචන් වැරදි. ලෝකේ ආගම් දාස් ගානක් තියනව . ඔය ඉන්දියාවේ ඕන තරම් දර්ශන ඉගැන්වීම් තියනවා ඔය පැත්තට. ඒවත් mix වෙලා ඇති ඕන තරම් අද අපි දන්නා බුදු දහමට . බලපෑමක් නම් තියනව.

    තව උබ කිව්වා නේ අර එක එක යට දේවල් අවබෝද වෙන පිලිවල වෙනස් කියලා. ඒක හරි. ඕන දෙයක් කලින් අවබෝද වෙන අය ඉන්නව.
    මම කියන්නේ ඔය ලිස්ට් එකේ උඩම අය අතීතේ සෑහෙන ඉදල අද නැත්තටම නැති වෙලා. එතනත් සිමා. අතීතයේ පමණක් ප්‍රතිපල පෙන්වන, ප්‍රතිහාර පාන එක ආගම් වල ලක්ෂණයක්. ඕන ආගමක් ඔය වගේ අතීත කතා කියනව. අපි අද කතා කරන බුදු දහමේත් තියනව... අද නෑ නේ කෙලින්ම බණ අහල රහත් වෙන අය . එතනට තව සීමාවක් දාල තියනව පෙර පින් කියලා. අද එහෙම ඉපදෙන්නේ නෑ . බුද්ධ කාලයේ දඹදිව කියන ප්‍රදේශය මුල් කරගෙන තමයි ඒ අරුම පුදුම අයත් ඉපදිලා තියෙන්නේ. ආයිත් එහෙම අය ඉපදෙන්නේ මෛත්‍රී බුදුන් ගේ කාලේ. (දබදිව).. පොඩි අවුලක් තියනව මට නම් ...
     
    • Like
    Reactions: Answer and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    ඒ උනාට ඒකත් program කරල නේ. කිසි කෙන්ක්ට අවබෝද වෙන්නේ නෑ අවුරුදු ගානක් යනකන් කතා වල විදියට. ඒක අවබෝද වෙන්නෙත් ආයිත් දබදිව කෙනෙක්ට... සක්විති රජ කතාවක් තියනව එකතට කිරිපිඩු දානයක් එක්ක සිද්ධාර්ථ ගේ කතාවේම කොපියක් විදියට. සිටුවරු ත් ඉන්නව. මම ඒ වගේ සිමා කරල තියන දේවල් පිළිගන්නේ නෑ . කිසි පදනමක් නෑ එහෙම බෑ කියන්න..

    Owa muchan...apita kiyanna puluwan ewa newei ne... api dannawada owa wenawada nadda kiyala? oka itin future eka balanna puluwan kenekuta witharai atta natta kiyanna puluwan. Buddhism philosophy understand karanna owa adaala naa...

    මේක නම් මචන් වැරදි. ලෝකේ ආගම් දාස් ගානක් තියනව . ඔය ඉන්දියාවේ ඕන තරම් දර්ශන ඉගැන්වීම් තියනවා ඔය පැත්තට. ඒවත් mix වෙලා ඇති ඕන තරම් අද අපි දන්නා බුදු දහමට . බලපෑමක් නම් තියනව.

    Ee kaleth agam 4000+ tibila tiyenawa...oya okkoma dushti 2 kata tamai watenne... mada piliwehta newei... kawuru hari lokottara margayak kiyanawa nam budda arenna eyat itin buddha kenek tamai..

    තව උබ කිව්වා නේ අර එක එක යට දේවල් අවබෝද වෙන පිලිවල වෙනස් කියලා. ඒක හරි. ඕන දෙයක් කලින් අවබෝද වෙන අය ඉන්නව.
    මම කියන්නේ ඔය ලිස්ට් එකේ උඩම අය අතීතේ සෑහෙන ඉදල අද නැත්තටම නැති වෙලා. එතනත් සිමා. අතීතයේ පමණක් ප්‍රතිපල පෙන්වන, ප්‍රතිහාර පාන එක ආගම් වල ලක්ෂණයක්. ඕන ආගමක් ඔය වගේ අතීත කතා කියනව. අපි අද කතා කරන බුදු දහමේත් තියනව... අද නෑ නේ කෙලින්ම බණ අහල රහත් වෙන අය . එතනට තව සීමාවක් දාල තියනව පෙර පින් කියලා. අද එහෙම ඉපදෙන්නේ නෑ . බුද්ධ කාලයේ දඹදිව කියන ප්‍රදේශය මුල් කරගෙන තමයි ඒ අරුම පුදුම අයත් ඉපදිලා තියෙන්නේ. ආයිත් එහෙම අය ඉපදෙන්නේ මෛත්‍රී බුදුන් ගේ කාලේ. (දබදිව).. පොඩි අවුලක් තියනව මට නම් ...

    Mee tikat api danna ewa newei ne.. api ahala tiyena ewane... past eka balanna puluwan kenek kiyai mokakda kiyala.. apita itin owata denna puluwan logical answer witharai

    Mata terena widihata danata tiyena limitation tamai:

    1. Hariyata dharmaya ahaganna kenek naa..(kalyana mithurek naa)
    2. Issara budda kiyapu bana ahuwa apply kara goda giya hari nathuwa hitiya...dan kiyana ekaa kiyanne hari da kiyala balanna wenawa mulinma..
    3. Oya athare hariyata danna aya athi...habai ee aya leesiyen eliyata enawada danne naa..

    Mee tiyenne qualities of buddhas dharma. (copied).. othana tiyenawa some excellent point tikak anit agam wala nathi.. uba dannawanam ehema mee tika tiyena agamak mamat danaganna kemathi..

    1. Svakkhato: The Dhamma is not a speculative philosophy, but is the Universal Law found through enlightenment and is preached precisely. Therefore it is Excellent in the beginning (Sila — Moral principles), Excellent in the middle (Samadhi — Concentration) and Excellent in the end (Panna — Wisdom),

    2. Samditthiko: The Dhamma is testable by practice and known by direct experience,

    3. Akaliko: The Dhamma is able to bestow timeless and immediate results here and now, for which there is no need to wait until the future or next existence.

    4. Ehipassiko: The Dhamma welcomes all beings to put it to the test and to experience it for themselves.

    5. Opaneyiko: The Dhamma is capable of being entered upon and therefore it is worthy to be followed as a part of one's life.

    6. Paccattam veditabbo vinnunhi: The Dhamma may be perfectly realized only by the noble disciples who have matured and enlightened enough in supreme wisdom.
    ------ Post added on Sep 25, 2021 at 4:16 AM
     
    • Like
    Reactions: Answer

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    උබ කියන්නේ පාලි(හෝ බුදු දහම දේශනා කරලා තියන භාෂාව මොකක් හරි) , නොදැන නිවන් දකින්න බෑ කියලද ?
    ඇයි සත්‍ය අවබෝද කරගන්න දේ එක භාෂාවකට හිරවෙලා? ලෝකයක් දුකින් මුදවාගන්න දේශනා කරපු දහමක් එක රටකට සිමා වෙලා ?
    ඕක දිහා එක ඉගැන්වීමකින්ම නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනේ... මම කියන්නේ බුදු දහම අහලවත් නැති කෙනෙක්ට ලෝකේ සත්‍ය අවබෝද කරගන්න පුලුවන් වෙන්න ඕනේ.. මේක තව අදහන ආගමක් කරගෙන කියලා හිතන්නේ නැද්ද මේකෙන් එළියේ උබලට නිවනක් නෑ කියන තැන කියන එකෙන්. අනිත් ආගම් වල නම් ඔය දේ තියනව. උන්ගේ එක නැතුව දිව්‍යලෝකේ යන්න බෑ වගේ. බුදු දහමේ එහෙම භාෂාවක්, ශාස්තෘ කෙනෙක් අස්සේ හිරවුණු සතයක් පෙන්නුවා කියලා හිතන්නේ නෑ . දැන් තියෙන්නේ හෙන තියරි ගොඩක් නේ.
    ගොඩ යන කවුර්ත් නෑ . ආගමක් ඇතුලේ හිරවෙලා කියල හිතෙන්නේ නැද්ද ? මම කියන්නේ මගේ අදහස....
    චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය කාලවලදී මේ ධර්මය දැන ගන්නට ලැබෙනු තබා “චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය” යන වචනය පවා අසන්නට නො ලැබේ. මේ ගැන අසන්නටත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී ම ය. බුදු සසුන පවත්නා වූ මේ කාලය චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැන ගන්නට ලැබෙන කාලයකි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මය තරමකටවත්දැන ගන්නට උත්සාහ නො කොට, අගනා කාලය සැමකල්හි ම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහා ම ඉක්ම යන්නට හැරීම මහත් අලාභයකි. චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ වී මාර්ග ඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් කියවීමෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන තරමක අවබෝධයක් ලැබිය හැකිය. එය මතු ප්‍ර‍ත්‍යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ ය. එබැවින් මෙය සාදරයෙන් කියවත්වා!

    මේ කීම සැබෑය. මොහුගේ කීම සැබෑය යනාදීන් ලෝකයෙහි යම් කිසිවක් තත් වූ පරිද්දෙන් ප්‍ර‍කාශ කරන්නා වූ වචන වලට වගන්තිවලට සත්‍යය යි කියනු ලැබේ. “චතුරාර්‍ය්‍ය සත්‍යය” යනුවෙන් යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක තත්ත්වාකාරය ප්‍ර‍කාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් ඇත්තා වූ ස්වභාවධර්ම සතර කොටසකි. චතුරාර්‍ය්‍ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “රොහිතස්ස” නම් දිව්‍ය පුත්‍ර‍යා හට :-

    “සංඥා සහිත වූ, හිත සහිත වූ, බඹයක් පමණ වූ මෙම ශරීරයෙහි ම ලෝකයත් ඇත. ලෝක සමුදායත් ඇත. ලෝක නිරෝධයත් ඇත. ලෝක නිරෝධගාමිනී ප්‍ර‍තිපදාවත් ඇතය” යි වදාරන ලදි. මෙහි ලෝකසමුදයාදි නම් වලින් දක්වන ලදුයේ චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය.

    අප සමීපයෙහි ම ඇතිමුත් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළ සේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬු සිඟා වඩිනුවෝ, දුනු සිල්පය උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකුදු නො වැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල්හි ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ.

    එකල්හි බුදුරජාණන් වහන්සේ “ආනන්දය, දුර සිට යතුරු සිදුරකට ඇතුල්වන සේ හී විද යැවීමය, අස් ලොමක් සතට පළා, ඉන් පලුවක් බඹ පන්තිසකින් ඔබ තබා එහි කොණට වැදෙන සේ සතට පලාගත් අස් ලොම් පලුවකින් ම විදීමය යන දෙකින් කවරක් වඩා දුෂ්කර වේදැ යි විචාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! සතට පලාගත් අස්ලොම් පලුවෙන් අස්ලොම් පලුවට විදීම ම දුෂ්කර වන්නේය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “ආනන්දය, යමෙක් දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය ප්‍ර‍තිවේධ කෙරේ නම් එය දුර තිබෙන අස්ලොම් පලුවේ කොණට අස්ලොම් පලුවකින් ම නො වරදවා විදීමට ද වඩා දුෂ්කර දෙයකැ යි වදාළ සේක. මේ උපමාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි ඇති දුෂ්කරත්වය දත යුතු.

    චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය නමැති පරමාර්ථ ස්වභාව ධරම සතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍ර‍කාශ කරන්නා වූ වචනවලට චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ. ‘ධර්මය’ යන වචනය නොයෙක් අර්ථ දෙන වචනයකි. සමහර තැනකදී දේශනාවට ද ධර්මය යයි කියනු ලැබේ. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයත් චතුරාර්‍ය්‍ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය. එසේ නොවන්නට චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අනිකක් බවත්, දේශනාව අනිකක් බවත් පළමු කොට ම සිත් හි තබා ගත යුතු. චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය සර්වාකාරයෙන් ම සම්පූර්ණ කොට දේශනා කරතහොත්, එය අප්‍ර‍මාණ වචනවලින් හා ධර්ම විභාග වලින් ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේය.

    ගසෙක තිබෙන මිහිරි ඵලයක රසය බුදිනු කැමති පක්ෂියාට එය බුදීමට නම් ගසට යාමට පියාපත් ද, ඵලයට කොටා සිදුරු කර ගැනීමට තුඩ ද තිබිය යුතුය. පියාපත්ය, තුඩය යන දෙකින් එකක් නො මැතිව එකකින් පමණක් පක්ෂියාට කිසි කලෙක ඵල රසය වැළදිය නොහේ. එපරිද්දෙන් ම මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වළඳනු කැමති පුද්ගලයන්ට ද ඒ අමෘත රසය වැළඳිය හැකි වීමට අමෘත ඵල දරණ රුකක් බඳු වූ බුදුකෙනකුන් වෙත යා හැකි වීමට පියාපත් බඳු වූ පාරමිතා කොටසක් තිබිය යුතුය, අමෘත ඵල රසය වැළඳීමට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටසක් ද තිබිය යුතුය.

    මෙකල බෞද්ධයන් විසින් කරන දන්දීම් ආදී පින් මරණින් මතු දුර්ගතියට නො පමුණුවා සුගතියෙහි උපදවන්නා වූ පින් වෙති. එබඳු පින් ද නැතිව පවින් ම භරිතව සිට මරණින් මතු නරකයෙහි උපනහොත් නරකයෙහි සිටින්නා වූ ඒ සත්ත්වයාට කොපමණ බුදුවරයන් බුදුවුවත් ඒ බුදුවරයන් උපන් බව දැනගන්නටත් නො ලැබෙන්නේ ය. සුගතියෙහි උපදවන පින් කොට සුගතියෙහි ඉපද සිටියහොත් ඒ පුද්ගලයාට ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වුවහොත් ඒ බුදුන් දැකිය හැකිය. උන් වහන්සේගෙන් දහම් ඇසිය හැකිය. එබැවින් දන්දීම් ආදි පින්කම් බුදුන් දක්නට උපකාර වන කරුණු වෙති. ඒවා ඵල රසය වළඳනු කැමති පක්ෂියාගේ පියාපත් බඳුය. පියාපත් බඳු පාරමිතා කොටස පමණක් සම්පූර්ණ කොට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටස සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දක්නට දහම් අසන්නට ලදත්, ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයන්ට පැමිණිය හැකි නොවේ. කුමක් හෙයින් ද? බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නා වූ පරමාර්ථ ධර්ම ප්‍ර‍තිසංයුක්ත වූ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය අති සූක්ෂ්ම වූ අති ගම්භීර වූ ධර්මයකි. එය අවබෝධ වන්නේ පෙර ජාති වලදී ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන ප්‍ර‍ඥාව දියුණු කරගෙන සිටියා වූ සත්ත්වයන්ට පමණකි. ස්කන්ධාදි ධර්ම විභාගයන් උගෙන දියුණු කරගත් නුවණක් නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝධ නො වේ. එබැවින් ඔවුහු ඒ ධර්මය ඇසුවත් මාර්ගයකට ඵලයකට නො පැමිණෙති. බුදුරජුන් වෙත පැමිණියා වූ ඔවුහු ඵල දරන රුකට පැමිණි තුඩ නැති පක්ෂීන් බඳු වෙති. බුදුරජුන් වෙත පැමිණ දහම් ඇසුවත් සමහරුන් මාර්ග ඵල නො ලබන්නේ ඔවුන් පෙර ජාතිවලදී ස්කන්ධාදි ධර්ම විභාග උගෙන ප්‍ර‍ඥාව දියුණු කරගෙන නො සිටි බැවිනි.

    පක්ෂීන්ට පියාපත් මෙන් ද, මිනිසුන්ට පාදයන් මෙන් ද බුදුවරයන් වහන්සේලා සමීපයට - නිර්වාණය දෙසට ගමන් කිරීමට උපකාර වන පුණ්‍යකර්මයන්ට, යාමට උපකාර වන අර්ථයෙන් චරණ යයි කියනු ලැබේ. ස්කන්ධාදි ධර්ම විෂයෙහි පවත්නා වූ ආර්යඥානයට විද්‍යා යයි කියනු ලැබේ. දශපාරමිතාවන් අතුරෙන් ප්‍ර‍ඥා පාරමිතාව හැර ඉතිරි පාරමිතාවෝ චරණ පක්ෂයට ද ප්‍ර‍ඥා පාරමිතාව විද්‍යා පක්ෂයට ද ඇතුළත් වෙත්. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත රසය වැළඳීමට විද්‍යා-චරණ දෙක ම සම්පූර්ණ කළ යුතු බැවින් පූර්වාචාර්යවරයන් විසින් :-

    “චරණං පාදපක්ඛං ච - විජ්ජං තුණ්ඩ සමං සමං
    සම්පූරෙත්වාන පක්ඛෙය්‍යුං - භුඤ්ජිතුං අමතං රසං”
    කියන ලද්දේ ය.

    “පා හා පියාපත් වැනි චරණ පාක්ෂික පාරමිතාවන් ද, තුඩ හා සමාන වූ විද්‍යාව ද මෙසේ සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වැළඳීමට යන්නාහුය” යනු එහි තේරුමයි.

    ##භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය දේශනා කළ භාෂාව පාළි භාෂාව බැවින් එම දහමේ නිවැරදිම අරුත දතහැකි වන්නේ පාළි භාෂාව දැනගැනීමෙනි. එය වෙනත් භාෂාවකින් දැක්වීමට යාමේදී බොහෝ සෙයින් අරුත් හානි විය හැකිය
    (එකක් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා හඬ, එක වේලාවක පවත්නේ නොයෙක් භාෂා දන්නා සත්වයන්ට තම තමන්ගේ භාෂා වශයෙන් ගතහැකි - ඇසියහැකි වේ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුභාවය අචින්තනීය වේනුයි සියලු සත්වයන්ට තමතමන්ගේ භාෂාවන්ට අනුරූපව ශ්‍රෝතපථයට පැමිණේ යැයි දතයුතුය.) යැයි උදාන හා ඉතිවුත්තක අටුවාවන්හි දැක්වේ. එබැවින් පාළි භාෂාව යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට භාවිතා කළ මගධ දේශයේ බස බව මෙසේ සකාරණව තහවුරු කර දක්වමු.
     
    • Like
    Reactions: TCB Rox